පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Levan S. Dzhagaryan මැතිතුමා අද (මාර්තු 25) දින, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෝක කාලගුණ විද්‍යා දිනය - 2025 සැමරුම නියෝජ්‍ය ආරක්‍ෂක
අමාත්‍යයවරයාගේ ප්‍රදානත්වයෙන්

"පූර්ව අනතුරු ඇඟවීමේ පරතර එක්ව වසා දමමු "යන තේමාව යටතේ මෙවර ලෝක කාලගුණ විද්‍යා දින සැමරීම කොලඹ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී අද (මාර්තු 25) සිදු කෙරුණු අතර, සමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය පකිස්ථාන ජාතික දිනය සමරයි

මෙරට පිහිටි පාකිස්තාන ඉස්ලාමීය ජනරජ මහ කොමසාරිස් කාර්යාලය සඳුදා (මාර්තු 24) දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පකිස්ථාන ජාතික දිනය උත්කර්ෂවත් ලෙස සැමරීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Info - NDRSC එළිදක්වයි

ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පවුල් හා හානියට පත්වන දේපළ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීම හා නිකුත් කිරීමේ වර්තමාන සාමාන්‍ය ක්‍රියාවලිය ඩිජිටල් පරිවර්තනයකට ලක් කරමින් info - NDRSC ආපදා ආශ්‍රිත දත්ත පද්ධතිය ඊයේ (මාර්තු 24) වන දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නිළ වශයෙන් එළි දක්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෝක කාලගුණ විද්‍යා දිනය - 2025

"පූර්ව අනතුරු ඇඟවීමේ පරතර එක්ව වසා දමමු "

කාලගුණය ආශ්‍රිත ස්වාභාවික විපත්වලදී ජීවිත බේරා ගැනීමට පූර්ව සූදානම සහ ආපදා අවම කිරීම උපකාරී වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂවරයා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජාතික ශිෂ්‍යභට බළකායේ වෙත නවතමයෙන්  පත් කරන ලද අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රජිත ප්‍රේමතිලක අද (මාර්තු 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයෙහි නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධිත ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CDRD) 9 වන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කොමදෝරු ජනක ගුණසීල පත්කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘MURASAME’ නෞකාව
නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් MURASAME’ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 මාර්තු 22) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

'Clean Sri Lanka' ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

ආරක්‍ෂක අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින "Clean Sri Lanka" ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ සැසියක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)ගේ උපදෙස් මත අද (මාර්තු 21) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකා එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරි,
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරි, අද්මිරාල් Samuel Paparo, මාර්තු 20 දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකා එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් කලාපීය අණදෙන නිලධාරි
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් කලාපීය අණදෙන නිලධාරි අද්මිරාල් Samuel Paparo, අද (මාර්තු 20) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු සාගරයේ ප්‍රංශ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරි
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඉන්දියානු සාගරයේ ස්ථාපිත ප්‍රංශ ඒකාබද්ධ හමුදා ඛණ්ඩ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් Hugues Laine පසුගියදා (මාර්තු 19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව
නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) සිය ධුරයේ වැඩ භාර ගනී

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) ලෙස බ්‍රිගේඩියර් ප්‍රදීප් රත්නායක පසුගියදා (මාර්තු 14 දින) නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගත්තේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය

ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීම උදෙසා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ
වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත් වෙයි

නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 14 සහ 15 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ ගරු ලුර්දු ආනන්දන් පියතුමා (Rt. Revd. Dr. Lourdu Ananthan. Bishop of Sivagangai diocese, India) යාපනය රදගුරු පදවියේ ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමා (Very Revd. Fr. P. J. Jebaratnam,Vicar General, Jaffna Diocese) කොළඹ අග රදගුරු පදවියේ ගරු සිස්වාන් ද කෲස් පියතුමා (Revd. Fr. Ciswan de Croos, Colombo Arch Diocese) ඉන්දියාවේ රාමේශ්වරම් පැරිෂ් පූජක ගරු අශෝක් පියතුමා (Revd. Fr. Ashok, Parish Priest, Rameswaram, India) සහ ඩෙල්ෆ්ට් පැරිෂ් පූජක ගරු පී. පතිනාදන් පියතුමා (Revd. Fr. P. Pathinathan. Parish Priest, Delft) යන පූජක ප්‍රසාදීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන්, යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් රදගුරු හිමිපානන්ගේ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් පිරතීපන් (Maruthalingam Piiratheepan) මහතාගේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සම්පත්, තාක්‍ෂණික හා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී Séverine Chappaz මහත්මිය පසුගිය සිකුරාදා (මාර්තු 14) දින කොළඹ දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රංශ නාවික හමුදාවට අයත් 'PROVENCE' නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් 'PROVENCE' නෞකාව ඊයේ (මාර්තු 16) දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නෞකාව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 'Diners’ Club' හි ආරාධිත දේශනයක් පවත්වයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 හි පළමු වාරය සඳහා පැවති 'Diners’ Club' වැඩසටහනට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය. එහිදී, ‘Strategic Challenges and Law & Order: Safeguarding Sri Lanka’s Path to Prosperity’ යන මාතෘකාව යටතේ ආරාධිත දේශනයක් පැවැත්වූ අතර, එහිදී ජාතික ආරක්‍ෂාව සහ රාජ්‍ය පාලනයට අදාළ තීරණාත්මක මාතෘකා කිහිපයක් පිළිබඳ වැදගත් ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරන පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණයෙන් රටපුරා සාර්ථකව සිදුකෙරේ

රජය මගින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමිව දීපව්‍යාප්තව තෝරාගත් පාසල් දහසක් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ( විශ්‍රාමික) ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත ත්‍රිවිධ හමුදාවේ සහයෙන් අඛණ්ඩව ඉදිරියට සිදුකෙරෙමින් පවතී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන්තා දින වැඩසටහනක් 2025 මාර්තු මස 08 වැනි දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake උත්සව ශාලාවේ දී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව සඳහා පරිපූර්ණ සමුද්‍රීය උපාය මාර්ගික ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි

"ඉන්දියානු සාගර කලාපයේ පිහිටි ප්‍රධානතම දූපත් රාජ්‍යයක් වශයෙන්, ශ්‍රී ලංකාවට ආර්ථික, දේශපාලනික සහ පාරිසරික සලකා බැලීම් ඒකාබද්ධ වන්නා වූ මනාව නිර්වචනය කරන ලද සමුද්‍රීය උපාය මාර්ගික ක්‍රියාවලියක් අවශ්‍ය වේ. කලාපීය සහ ගෝලීය බලවේගයන් ශීඝ්‍රයෙන් විකාශනය වන යුගයක, නැගී එන අභියෝග සහ අවස්ථාවන්ට මුහුණ දීම සඳහා පවතින සමුද්‍රීය ප්‍රථිපත්ති නැවත තක්සේරු කිරීමේ අවශ්‍යතාව පෙරටත් වඩා ඉස්මතු වී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සංචාරයක නිරත වේ

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (මාර්තු 7) දින කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නිළ සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ
නිළ සංචාරයක නිරත වේ

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) බ්‍රහස්පතින්දා (මාර්තු 6) දින රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ නිළ සංචාරයක නිරත විය. රජය යටතේ ක්‍රියාත්මක ආරක්‍ෂක සේවා සමාගමක් වන 'රක්නා ආරක්‍ෂක ලංකා සමාගම', ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාත්‍යන්තර කාන්තා දිනය

අප ලෝකයේ සාමය ආරක්‍ෂා කරන නියෝජිතයන්, ගෝලීය සංවර්ධනයේ නියමුවන් සහ සමාජයේ සැබෑ ශක්තිය වනුයේ ඔබයි. ඔබ, අභියෝග හමුවේ පෙන්වූ නිර්භීතභාවය, අවිනිශ්චිතතාවය මැද දැක්වූ විශිෂ්ට නායකත්වය, සහ නොපසුබට වීර්යය, අප මතුපරම්පරාවන්ට මඟ පෙන්වන ආලෝකයක් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය
බුද්ධි වර්ධනය’ පිළිබඳ දේශනයක් පවත්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිනියගේ දැක්මට අනුව, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය බුද්ධි වර්ධනය’ මැයෙන් දේශනයක් අද (මාර්තු 7) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.