පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 අප්‍රේල් මස 06 වන දින නැගෙනහිර නාවික විධානයේ සංවිධායකත්වයෙන් ත්‍රිකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය අර්ධද්වීපයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම
වෙනුවෙන් පූනරින්හිදී අවුරුදු උත්සවයක්

යාපනය අර්ධද්වීපයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2024 අප්‍රේල් මස 05 දින පුනරීන් ප්‍රදේශයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් හා 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත පූනරින් පොලිස් ස්ථානය, පූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්ව 552 පාබල බලසේනාව වෙතින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශ්‍රාමික රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අප්‍රේල් 06 දින ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කරන ලද අතර, මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඔවුන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව යුද හමුදාව වෙතින් සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳ සොයා බැලීම වන අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෝක සෞඛ්‍ය දිනය

සෞඛ්‍යසම්පන්න දිවි පෙවෙතක් සඳහා සියළු මිනිසුන්ට ඇති අයිතිය අන් කවරදාටත් වඩා වැදගත්ය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංවර්ධනය සහ සාමය සඳහා ජාත්‍යන්තර ක්‍රිඩා දිනය

සාමකාමී සහ සාධාරණ සමාජ ප්‍රවර්ධනය සඳහා ක්‍රීඩාව


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයිනෙන් නික්ම යන තුර්කි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මෙරට තානාපති සේවයේ සිය ධූර කාලය නිමකර නික්ම යන තුර්කි ජනරජයේ තානාපතිනි, අතිගරු R. Demet Şekercioğlu මැතිණිය අද (අප්‍රේල් 05), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ පදිංචිකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සමාජ සේවා ප්‍රතිලාභ ලබයි

යාපනය ආරක්‍ෂක සේනාවේ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ඇමරිකාවේ පරිත්‍යාගශීලී දානපතියන්ගේ දායකත්වය ඇතිව කුඩා දරුවෙකු සිටින තනිවූ මවක් වෙත ආනන්දපුරම් හි ඉදිකරන ලද නව නිවසක් ප්‍රතිලාභීන් වෙත ලබා දීම පසුගිය අප්‍රේල් 02 දින සිදු කල බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව
ලෙබනනය බලා පිටත්ව යයි

සාමාජිකයින් 125 කින් සමන්විත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් (SLFPC) පසුගිය බදාදා (අප්‍රේල් 03) ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා යුද හමුදාව වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හී මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත
පවුල් සඳහා නව නිවාස

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සිංහල සහ දමිළ වැසියන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වරණි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් 2024 අප්‍රේල් මස 02 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභී පවුල්වල සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් නාවික හමුදාව
කළුතරදී පුහුණු වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කළුතර ප්‍රදේශයේ ආපදා කළමනාකරණ ඒකකයට අනුබද්ධ සාමාජිකයින්ගේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් පසුගියදා කළුතර වෙරළ තීරයේදී පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එහිදී කළුතර ප්‍රදේශයේ නාවික හමුදා ක්‍ෂණික යාත්‍රා බලඝණයේ පසු පුහුණු අංශය සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ආපදා කළමණාකරණය, මූලික ප්‍රථමාධාර සහ ජීවිතාරක්‍ෂක කටයුතු පිළිබද ප්‍රයෝගික පුහුණුවක් මෙහිදී ලබා දුන් බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකායේ ලාංඡනය
එළිදැක්වීම, සේවය ඇගයීම සහ ඉදිරි දැක්ම

මෙරට තැනැත්තන් වෙළදාම තුරන් කිරීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් සිදුකරනු ලබන, තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකාය ඒ සඳහා වන සිය අනන්‍යතාවය සහ කැපවීම ශක්තිමත් කිරීමේ අරමුණින් අද (අප්‍රේල් 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී එහි සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ යාපනය ශික්‍ෂණ රෝහල එක්ව නොමිලේ
ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 56 වන පාබල සේනාංකය විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුරු වලදී පරීක්‍ෂාවට ලක් වූ සහ හඳුනාගත් රෝගීන් සඳහා ඇසේ සුද ඉවත් කිරීමේ විශේෂ ශල්‍යකර්ම වැඩසටහනක් යාපනය ශික්‍ෂණ රෝහලේදී පසුගියදා පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින හමුදා පුද්ගලයන් හට සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීම

නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීම.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ දූත පිරිසක් අද (අප්‍රේල් 02) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් ‘භාෂාවෙන් සංහිඳියාව’ යන මැයෙන් වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත නැගෙනහිර ප්‍රදේශයේ සිංහල සහ දමිළ සිසු දරු දැරියන්ගේ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් ‘භාෂාවෙන් සංහිඳියාව’ යන මැයෙන් වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 30)  දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර දී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලයේ සභාපති සහ සාමාජිකයින්
කිහිප දෙනෙකුට පත්වීම් ලිපි

‍ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලයේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අද (අප්‍රේල් 1) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාස්කු දින පණිවිඩය

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නපුර පරදා උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු ජනයා පාස්කු මංගල්‍ය සමරති.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රීතිමත් හා ආශිර්වාද ලත් පාස්කු මංගල්‍යයක් වේවා...

පාස්කු ප්‍රාතිහාර්යය සෑම දෙනාගේම ජීවිතය, ආදරය, සතුට සහ ප්‍රීතියෙන් ආලෝකමත් වේවා...

ප්‍රීතිමත් හා ආශිර්වාද ලත් පාස්කු මංගල්‍යයක් වේවා...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අද (මාර්තු 28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති
වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු Jean-François Pactet මැතිතුමා පසුගියදා (මාර්තු 25) මාතර, මිරිස්ස හි පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කෙන්යානු ජාතික ආරක්‍ෂක විද්‍යාලය සහ
සාම සාධක පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණේ

කෙන්යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් Francis Omondi Ogolla විසින් සිදු කල ආරාධනයකට අනුව දැනට කෙන්යාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටින මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පසුගිය මාර්තු 26 වන දින කෙන්යානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදන මධ්‍යයේ ඉදිරියේදී
ඇති විය හැකි වර්ෂාව පිළිබඳව ද පුරෝකථනය කෙරේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මාර්තු 28) උදෑසන නිකුත් කරන ලද නවතම අනාවැකියට අනුව, බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ
දෙදින වැඩසටහන කොළඹදී සාර්ථකව නිම වෙයි

ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රී පාර්ශවකරුවන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධානය කරනු ලැබූ මෙම දෙදින වැඩසටහන පසුගිය අඟහරුවාදා (මාර්තු 26) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ අභිනව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විශේෂඥ දැනුමෙන් සහ ශ්‍රම දායකත්වයෙන්, කොටපොල ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල පසුගිය සඳුදා (මාර්තු 25) පැවති චාම් උත්සවයකින් අනතුරුව එම පාසලේ බලධාරීන් වෙත භාර දීම සිදු කෙරිණ. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බව යුද්ධ හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.