ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 72 වන සංවත්සරය අද (දෙසැම්බර් 09) සමරයි. නාවික හමුදාව රට තුළ සාමයේ අරුණලු උදා කිරීම සඳහා ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙසින් හදුන්වනු ලැබේ.
පිලිපීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රොලන්ඩෝ පී ගෝමස් (Rolando P Gomez) අද (දෙසැම්බර් 09) බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව අත්‍යවශ්‍ය යුද උපකරණ නිෂ්පාදනය නව මාවතකට යොමුකිරීම සහ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ අරමුණින් කෙටි කාලයක් තුළ යුද්ධ හමුදාවේ යුද්ධෝපකරණ අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා යලි ස්ථාපිත කරන ලද යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මධ්‍යම අවි හා පතුරොම් ගබඩා පරිශ්‍රයේදී අද (8) දින විවෘත කරන ලදී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම පුරෝකථනයන්ට අනුව දිවයින පුරා වැසි සහ තද සුළං අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය අද (දෙසැම්බර් 08) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
457 වැනි උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටු රැස්වීම දෙසැම්බර් 03 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
පසුගියදා ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනයේ (APIIT) ශිෂ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද 'TANTALIZE-2022' අන්තර් විශ්වවිද්‍යාල කුසලතා තරඟාවලියේ කාණ්ඩ තුනක ශූරයන් බවට ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නර්තන සමාජය සහ සංගීත සමාජය සමත් විය.
සෙනගල් ජනරජයේ යුධ, නාවික සහ ගුවන් උපදේශක Col. Abdoulaya Traore අද (දෙසැ 06) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති අතිගරු Levan Dzhagaryan මැතිතුමා අද (දෙසැ 05) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.
සටන් බිමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ යුද පසුබිම තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් සහ සාර්ථකත්වය හඹා යාමට තරම් නිර්භීත නායකයා මත බව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න පැවසීය.
ගුවන් හමුදාවේ 8 වැනි බලඇණිය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා ඊයේ (දෙසැම්බර් 04) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.
නුගේගොඩ ගංගොඩවිල සමාධි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ දෙසැම්බර් 03 වන දා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න අතින් විවෘත කෙරිණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සභාපති වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සමග අද (දෙසැම්බර් 01) වේරහැර පිහිටි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය 61 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතින් ඊයේ (නොවැ 29) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබාගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මැතිතුමා අද (නොවැ 29) බත්තරමුල්ලේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
නීතිවිරෝධී ලෙස ලබා ගත් මෝර වරල් සන්තකයේ තබාගෙන සිටි බහුදින ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා (26) අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක සේනා මූලස්ථාන - යාපනය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් 55 වන සේනාංකයේ 551 වන බලසේනාවේ භටපිරිස් විසින් පුලෝලි - බටහිර පේදුරුතුඩුව ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. නව නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (23) පැවති උත්සවයකදී නිවාස ලාභි පවුල වෙත භාර දෙනු ලැබූහ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වන ඕස්ට්‍රේලියානු ‘නෙත්සරණ’ පදනමේ ලකී ගුණතිලක මහත්මිය විසින් පෙනීමේ දුර්වලතා ඇති සිවිල් වැසියන් 1500 කට අධික පිරිසකට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම පසුගියදා පුනරීන් මධ්‍ය මහා විද්‍යාලයේ සිදු කරන ලදී.
හෙළවිරු සුව ධරණී සුව සායන වැඩසටහනෙහි අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථම වැඩසටහන රඹෑව රණවිරු ගම්මානයේදී පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ඊයේ (නොවැ 21) සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති 51 වැනි බංගලාදේශ සන්නද්ධ හමුදා දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
වන්නි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත යුද හමුදාව විසින් මඩු පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගියදා ඔවුන් වෙත එය පවරා දෙන ලදී.
ඉන්දීය සාගරයේ දකුණු සුමාත්‍රා ප්‍රදේශයේ අද (නොවැ 18) පස්වරු 7.07 ට වාර්තා වූ 6.8 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රි ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත නාවික හමුදාවේ දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධි අපේක්‍ෂකයින් හුරුකරවීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ නාවික මහ රෝහලේදී පැවැත්විණි.