පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායෙන් තොරතුරු තාක්ෂණ උපකරණ

අනාගත වෙරළාරක්ෂක පුහුණු වැඩසටහන් සඳහා ප්‍රයෝජනවත් වන තොරතුරු තාක්ෂණ උපකරණ කට්ටලයක් ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

2022 මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ පණිවුඩය

2022 මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දින‍ය වෙනුවෙන් ගරු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමන් නිකුත් කරන ලද පණිවුඩය


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර පළාතේ කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් සඳහා නාවික හමුදා සහය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙහි පාසල් ළමුන් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරන ලද කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් මාලාවක් සඳහා නාවික හමුදාව විසින් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පවුන්ඩර් 25 වර්ගයේ කාලතුවක්කු හතක් යුද හමුදාව අලුත්වැඩියා කරයි

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කරන ලද පවුන්ඩර් 25 වර්ගයේ කාලතුවක්කු හතක් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා පනාගොඩ පිහිටි කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊච්චන්කුලම් පෙරපාසල් දරුවන්හට යුද හමුදා භට පිරිස් වෙතින් දිවා ආහාරයක්

වන්නි ආරක්ෂක සේනා  භට පිරිස් විසින් පෙර පාසල් ළමුන් පිරිසකට ඔවුන්ගේ ක්‍රීඩා උළෙල දිනයේදී දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මන්නාරම් ප්‍රදේශයේ ජනතාවට වියළි සලාක මළු ලබාදේ

මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු සහ වෙංගල, සෙට්ටිකුලම ප්‍රදේශවල දුප්පත් ජනතාව සඳහා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් වියළි සලාක මළු බෙදා දීමේ වැඩසටහනක්  පසුගියදා සිදු කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගූ අද (ජුනි 21) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරට සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්‍ෂක ලේකම් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් හමුවෙයි

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ගරු ක්ලෙයාර් ඔනීල් (Clare O'Neil) මහත්මිය ප්‍රමුඛ දූත පිරිස අද (ජුනි 20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිතයින් හමුවිය.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

තවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරිදා (ජුනි 19) දින කේරළ ගංජා කිලෝග්‍රෑම් 543 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ උදෑසන සිදුකල පාමුර සංචාරයක් අතරතුරදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය සඳහන් කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උපන්දින සුභපැතුම්

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ 73 වැනි ජන්ම දිනය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කරයි.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේ ‘සම්බුද්ධ රාජ මණ්ඩපය’
සඟ සතු කෙරේ

ඓතිහාසික පැපිලියාන ‍සුනේත්‍රා දේවි පිරිවෙන් විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද “සම්බුද්ධ රාජ මණ්ඩපය”, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය වෙත අද පෙරවරුවේ (ජූනි 19) සඟ සතු කොට පූජා කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහන්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් ජුනි මස 16 වන දින සංවිධානය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවෙන් නාගරික කෘෂිකර්මය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සියලුම ගුවන් හමුදා කඳවුරු ආවරණය වන පරිදි නාගරික කෘෂිකර්මය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 16 වන දින ආරම්භ කරන ලදි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක තනතුරෙන් සමුගනී

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරල් නිශාන්ත හේරත් අද (ජුනි 17) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ සිසුන් සහ තරුණ තරුණියන් අතර බැඩ්මින්ටන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

යාපනය අර්ධද්වීපයේ තරුණ තරුණියන් අතර, බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද හමුදාව විසින් බැඩ්මින්ටන් පුහුණු වැඩසටහනක් පසුගියදා 55 වන සේනාංක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කෙරේ - කාලගුණ දෙපාර්තමේන්තුව

අද (ජුනි 17) පහල වායුගෝලයේ කැළඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඉබ්නේ ෆසාල් ෂෙයිකුසමාන් අද (ජුනි 15) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවකුගේ මවකට රණවිරු සේවා අධිකාරියෙන් නව නිවසක්

ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී මියගිය රණවිරුවෙකුගේ මවක් සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීමෙන් හොරණ දොඹගොඩ ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර භාරදීම ජූනි මස 13 දින සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකාර කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (SLCOMM) විසින් වෛද්‍ය සායනයක් පසුගියදා (ජුනි 13) සීදූව පිහිටි ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කැබිතිගොල්ලෑව බස්රථ බෝම්බ ප්‍රහාරයට වසර 16ක් සපිරේ

අදින් වසර 16කට පෙර 2006 ජූනි 15 දින ලංගම බස් රථයක් ඉලක්ක කර සඟවා තැබූ ක්ලේමෝ බෝම්බ දෙකක් පිපිරීමෙන් ළමයින් 15 දෙනෙකු ඇතුලු අහිංසක ශ්‍රී ලාංකීය සිවිල් වැසියන් 64 දෙනෙක් මියගිය අතර, සිවිල් වැසියන් 70 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් යුද හමුදා භට පිරිස් ජනතාවට වියළි සලාක පරිත්‍යාග කරයි

මුලතිව් ආරක්ෂක සේනාවට අයත් යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා පුදුමාතලන් රෝමානු කතලික මිශ්‍ර පාසලේ සංවිධානය කරන ලද වැඩසටහනකදී දුප්පත් පවුල් සහ ළමුන් විශාල පිරිසකට අතිරේක ආහාර සහ වියළි සලාක බෙදා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අම්පාර යුද හමුදා සෙබළුන්ගෙන් ලේ පරිත්‍යාගයක්

පොතුවිල් මුහුදු මහා විහාරය විසින් පසුගියදා සංවිධානය කරන ලද ලේ දන්දීමේ ව්‍යාපාරයකදී අම්පාර දිස්ත්‍රික්කයේ  යුද හමුදා භට පිරිස් ලේ පරිත්‍යාග කරන ලදි.