පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් 2022 ජුනි 09 වැනි දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්‍ෂක කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ තවත් මුහුදු කැස්බෑ පැටවුන් මුදා හැරේ

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් තවත් මුහුදු කැස්බෑ පැටවුන් කණ්ඩායමක් ඔවුන්ගේ ස්වභාවික වාසභූමි කරා නිදහස් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන්ගේ පොසොන් දින පණිවුඩය

නව අරුත් සහිත අනන්‍යතාවක් සේම සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කළ, මහින්දාගමනය සිදු වූ පොසොන් පොහොය ශ්‍රී ලාංකේය අපි ගෞරවයෙන් සදානුස්මරණය කරන අසිරිමත් දවසකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ...!

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ...!


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ පදක්කම් රැසක් යුද හමුදාවට

46 වැනි ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය - 2022 තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් රාශියක් දිනාගෙන ඇති අතර, එක් පිහිනුම් ක්‍රීඩකයෙක් නව ජාතික වාර්තාවක් ද පිහිටුවීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“මිනුස්මා” ආඥාපති මාලි හි ශ්‍රී ලංකා මෙහෙයුම් පිළිබඳ නිරීක්‍ෂණයක

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් (මිනුස්මා) ආඥාපති ලුතිතන් ජෙනරල් කොරනේලිස් ජොහාන්ස් මත්තිසේන් (Cornelis Johannes Matthijssen) පසුගියදා මාලි හි ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා බොක්සිං ක්‍රීඩකයෙක් නෙදර්ලන්තයේදී
රිදී පදක්කමක් දිනා ගනී

ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං ක්‍රීඩක මාණ්ඩලික සැරයන් එම්.වී.අයි.ආර්.එස් බණ්ඩාර ජුනි 3 සිට ජුනි 6 දක්වා නෙදර්ලන්තයේ පැවති ‘Eindhoven Box Cup - Netherlands 2022’ බොක්සිං ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත්තේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණක්ෂිතයට පත් රණවිරුවන්ගෙන් ත්‍රිකුණාමල වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් කාර්යාලය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමුද්‍ර හා පරිසර ආරක්ෂණ අධිකාරිය හා එක්ව "පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්"යන තේමාව යටතේ වෙරළ පවිත්‍රතා වැඩසටහක් ත්‍රිකුණාමලය "පරණ ජැටිය" සමූද්‍රීය වෙරළ තීරයේදී පසුගිය දා පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජල හිඟයෙන් පීඩාවට පත් අහංගම ප්‍රදේශවාසීන්ට ගුවන් හමුදාවෙන් ජල ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුර, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් ජල ව්‍යාපෘතියක් ප්‍රතිසංස්කරණය කර අහංගම කොරහැඩිගොඩ සුනාමි ගම්මානයේ ජල හිඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් වෙත පසුගියදා බාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතා අද (ජුනි 8) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා සෙබලුන් සඳහා නව නවාතැන් පහසුකම් සංකීර්ණයක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට අනුයුක්ත සෙබළුන් සඳහා අභිනවයෙන් ඉදිකරන ලද නවාතැන් සංකීර්ණයක් විවෘත කිරීම වෙනුවෙන් අද (08) සංවිධානය කර තිබූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව තවත් කැස්බෑ පැටවුන් කණ්ඩායමක් නිදහස් කරයි

වෙරළාරක්ෂක කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ විවිධ ස්ථානවල සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර 222 කින් පැටවුන් එකසිය තිස් හතරක් (134) පසුගියදා මුහුදට මුදා හරින ලද බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අම්පාර රණවිරු සංසදයේ දායකත්වයෙන් පාසල් දරුවන්ට සහ
අඩු ආදායම් ලාභී පවුල් වෙත සහන ලබාදේ

අම්පාර සහ දමන රණවිරු සංසද සාමාජිකයන්ගේ දායකත්වයෙන් අඩු ආදායම් ලාභී පවුල් සහ පාසල් දරුවන්ට වියලි සලාක මලු සහ රු.5000.00 ක වටිනාකමින් යුතු පාසල් උපකරණ වවුචර් පත් ලබා දීම පසුගියදා සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා භට පිරිස්ගෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එහිදී මධ්‍යම ලේ බැංකුව වෙත ලබා දීම සඳහා යුද හමුදා සහ සිවිල් සාමාජිකයින් 120 දෙනෙකු පමණ රුධිරය ලබා දුන් බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව බ්‍රිතාන්‍ය මහ රැජිනගේ
ප්ලැටිනම් ජුබිලි සංදර්ශනයට සහභාගී වේ

එක්සත් රාජධානියේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් 2022 ජුනි 05 වන ඉරිදා පැවැත්වුණු දෙවන එලිසබෙත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සංදර්ශනයට සහභාගී විය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඔරු පැදීමේ තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික ඔරු පැදීමේ (Canoeing & Kayaking) තරඟාවලිය - 2022 දියවන්නාව වැව් පරිශ්‍රයේදී ජුනි මස 3 දින සිට 5 දින දක්වා පැවති අතර ඒ සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුරෝපා සංගමය විසින් මෙහෙයවනු ලබන ශඛ්‍යතා වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ වේ

යූරෝපා සංගම‍යේ, පුළුල් ඉන්දීය සාගර කලාපයේ අවධානම් සහගත මුහුදු ගමන් මාර්ග සම්බන්ධ ව්‍යාපාතියේ දෙවන අධියර (Critical Maritime Route Wider Indian Ocean – CRIMARIO II) යටතේ ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරුකර ගැනීමේ වැඩසටහන (Indo-Pacific Regional Information Sharing - IORIS) මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් රාජකාරී සිදු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්ගේ ශඛ්‍යතා වර්ධනය කිරීමේ දින 05ක පුහුණු වැඩසටහනක්, නාවික හමුදා මූලස්ථානය සහ නාවික විධානයන් නියෝජනය කරමින් මෙහෙයුම් රාජකාරි සිදු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන් 14 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2022 ජුනි මස 06 වන දින කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක්
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

එයාර් කොමඩෝර් අක්තාර් ඉම්රාන් සද්දෝසායිගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් අද (ජුනි 6) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් දින පහක තෙල් කාන්දු ප්‍රතිචාර වැඩමුළුවක්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් දින පහක් පුරා පැවැත්වෙන ‘Oil Spill Response Workshop and Exercise’ හි සමාරම්භක උත්සවය අද (ජුනි 6) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2021/2022 ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්මාන ලබයි

පසුගියදා පැවති 70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් අරන්තලාව සහ ගලේවෙලට ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක්

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුබසාධනය ඉලක්ක කරගත් සේවාවේ තවත් එක් පියවරක් ලෙස අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ ගලේවෙල ඉහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් පසුගියදා පිහිටුවන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටත් වෙයි

ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අද (2022 ජුනි 04) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද සහ ගුවන් හමුදා එකාබද්ධ ‘Cast Master’ පාඨමාලාව නයාරු හි පැවැත්වේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකාය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව ‘Cast Master’ පාඨමාලාව පසුගියදා මුලතිව් නයාරු විශේෂ බලකා සටන් කිමිදුම් පාසලේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා කළමනාකරණ අංශය ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ අංශයෙහි වත්මන් පරිපාලනය, ක්‍රියාකාරීත්වයන් සහ ඉදිරි සැලසුම් අද දින (ජූනි 6) උදෑසන අධීක්ෂණයට ලක් කලේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උයිලන්කුලම් ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා යුද හමුදාව තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස උයිලන්කුලම් ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගියදා භාර දෙන ලදී.