යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දූත පිරිස සිය සංචාරය අතරතුර පසුගිය බදාදා (28) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වූ අතර එම සංචාරය සඳහා ස්විස්ටර්ලන්ත දූත මණ්ඩල ප්‍රධානී රාඕවුල් ඉම්බාච් මහතා (Mr Raoul Imbach, Deputy Head of the Mission/Head of Chancery), කලාපීය ආරක්‍ෂක උපදේශක ගවුඩන්ස් රස්ට් මහතා (Mr Gaudenz Rust, Regional Security Advisor) සහ ජාතික වැඩසටහන් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරිනී සුශාන්ති ගෝබාලක්‍රිෂ්නන් මහත්මිය (Ms Sushanthy Gobalakrishnan, Senior National Programme Officer) එක්වූහ.
• 15 වැනි කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ආරම්භ වේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (සැප් 29) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.
නාවික හා ගුවන් හමුදාපතිවරුන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද (සැප් 28) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.
තොටළඟ කජ්ජිමාවත්ත ප්‍රදේශයේ (කොළඹ 15) ඇති වූ විශාල ගින්නක් පාලනය කිරීමට යුද හමුදා භට පිරිස් නගර ගිනි නිවන ඒකකය සමඟ එක්ව සිටියහ.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හි යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා 7 වැනි ගුවන් හමුදා කණ්ඩායම සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පදක්කම් ප්‍රදානය කිරීමේ පෙළපාලිය පසුගියදා (සැප් 21) පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් තිදෙනෙකු පසුගියදා මූලික කිමිදුම් පාඨමාලාව හදාරා සාර්ථකව නිම කරන ලදි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සංකල්පයක් අනුව කිමිදීමට හැකියාවක් හා කැමත්තක් ඇති කාන්තා නාවික පුද්ගලයන්ට අවස්ථාව උදාකරදීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.
මොරවක කීරම, මාපිටිකන්ද කැලෑ ප්‍රදේශයේ අක්කර 30ක පමණ ප්‍රදේශයක පැතිර ගිය ලැව්ගින්නක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා මැඩපවත්වා ඇත.
තම විරෝධතා සාමකාමීව ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතියට රජය ගරු කරන අතර මෙවැනි විරෝධතා නිසා සාමාන්‍ය ජනතාවගේ සාමකාමී එදිනෙදා ජන ජීවිතයට බාධාවක් හෝ දේපළ විනාශයක් සිදු නොවිය යුතුය.
ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය සහ සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා කාත්තන්කුඩි සිට මඩකලපුව දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොළඹ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තම සංචාරය සිදු කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (22) මොරටුවේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණියේය.
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවේ සමාප්ති උළෙල ත්‍රීකුණාමලයේදී 2022 සැප්තැම්බර් මස 22 වන දින පැවැත් වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනී ට්‍රීනා යුරැන්ලි එස්කඩාල් මහත්මිය සහභාගී විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (22) පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍ය භට බළකා මූලස්ථානයේ නිළ සංචාරයක නිරතවිය. රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ජාතික ශිෂ්‍ය භට බළකායේ එතුමන්ගේ පළමු සංචාරයද මෙය වේ.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම (MINUSMA) යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සාම සාධක භටයින් ඔවුන්ගේ වෘත්තීය මට්ටමින් ඉහළ කාර්ය සාධනය පසුගියදා පැවති උත්සවයකදී බෙහෙවින් පැසසුමට ලක් වූ අතර 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ මේජර් ආර්.ඒ.ඩී.එම්.ඩී සෙනෙවිරත්න වෙත විශේෂ සේවා පදක්කමක් ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෙක් රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා ඇත. 2023 ආසියානු මලල ක්‍රීඩා උළෙලේ තේරීම් තරග වලදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ කේ පුවිතරන් මීටර් 5 යි සෙන්ටිමීටර 15 ක උසක් සම්පූර්ණ කරමින් මෙම නව වාරතථාවක් පිහිටුවනු ලැබූ බව යුද හමුදා මාධ්‍ය පවසයි.
පේදුරුතුඩුව තුන්නාලෙයි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්නම් ජයප්‍රාතා මහතාගේ පවුලට නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මැතිතුමා ඇතුළු නියෝජිත පිරිසක් අද (21) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) හමුවිය.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයෙහි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හී නිරතව සිටින භටපිරිස් අතර සුහදත්වය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ක්‍රීඩා උළෙල අගෝස්තු මස 18 දින සිට 19 දින දක්වා පැවැත්විණි.
ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව නාවික හමුදාව විසින් සැප්තැම්බර් 17 වන දින සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි දිවයින වටා වෙරළ තීරයන්හි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.
වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා තේරී පත් වූ යාපනයේ චූලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ ක්‍රිස්ටිගා සෙල්වරාසාගේ පවුලට නව නිවසක් ඉදිකිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වශයෙන් http://alt.army.lk/doo/ වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය බ්‍රහස්පතන්දා (15) දින යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී සිදු කරන ලදි.
‘කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය’ පිළිබඳ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක් 2022 සැප්තැම්බර් මස 13 සහ 14 යන දිනයන්හී දී ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකයේ දී හා සැන්ඩි බේ මුහුදු තීරයේදී පැවැත්විණි.