පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් මඩකළපුව මුහුදේදී සහ කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී සහ මඩකළපුව, කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ 2022 මැයි මස 18 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විජයග්‍රාහී දිනයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසකට නිල උසස්වීම්

විජයග්‍රාහී දිනයට සමගාමීව, අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍ය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් යුද හමුදා නිලධාරීන් 396 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 74 දෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරීන් 450 දෙනෙකු මීළඟ නිලයට උසස් කර ඇත.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික රණවිරු සැමරුම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

13 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම සන්නද්ධ හමුදා සේනාධිනායක හා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (මැයි 19) දින උදෑසන අභිමානවත්ව හා ඉතා චාම් අයුරින් පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිගරු ජනාධිපති තුමන් හා සන්නද්ධ හමුදා සේනාධිනායක තුමන්ගේ රණවිරු දින පණිවුඩය

මාතෘ භූමියේ නිදහසත්, භෞමික අඛණ්ඩතාවත් රැක දුන් වීරෝදාර රණවිරුවා කුමන තත්ත්වයක් අබිමුව වුව ද අපට අමතක නො වේ. ඒ ඔවුන්ගේ කැපකිරීම්වල ජීව ගුණයට අප සදා ගරු කරන බැවිනි. එහෙයින් මෙවර ද ජාතික රණවිරු දිනය අප සමරන්නේ රණවිරුවා ජාතික අභිලාෂයන් වෙනුවෙන් කළ අපරිමිත පරිත්‍යාගයන් සිහිපත් කරමිනි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා සාමාජිකයන්ගෙන් රෝගීන් සඳහා ලේ දන්දීමක්

ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදා භට පිරිස් ඔවුන්ගේ ප්‍රජා සේවා ව්‍යාපෘතිවල කොටසක් ලෙස ලේ දන්දීමේ ව්‍යාපාර මාලාවක් සංවිධානය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෙක් පැරිස් බොක්සිං තරගාවලියේ
රන් පදක්කමක් දිනාගනී

ප්‍රංශයේ පැවති ජාත්‍යන්තර බොක්සිං තරගාවලියකදී ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර් ප්‍රසන්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 57 බර පන්තියේ රන් පදක්කම දිනා ගන්න ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාගර කාලගුණය අයහපත් අතට - කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඉදිරි පැය 24 තුළ පහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස අද (17) දින සාගර කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට අනතුරු අඟවයි


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක තත්වය ආරක්‍ෂක ලේකම් නිරීක්‍ෂණයට

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (මැයි 16) කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි ක්‍රියාත්මක වන ආරක්‍ෂක වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීම සඳහාය.





පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා “රණරිසි” නෞකාව මගින් රෝගී ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි

නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර රැකියාවේ නිරත වෙමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් වන ‘සින්දූර් 04’ හි ධීවරයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ (මැයි 15) සවස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ වැන්දඹුවකට නව නිවසක් ඉදිකරීමට යුද හමුදා සහය

යාපනයේ වැන්දඹුවක් සඳහා නව නිවසකට මුල්ගල තැබීම පසුගියදා සිදුකෙරුණි. යුද හමුදා මාධ්‍යවලට අනුව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 55 වන සේනාංකය විසින් යුද හමුදා සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස, වැන්දඹුවකට සහ ඇගේ පවුලට යාපනයේ උඩුතුරෙයි ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර දීම සඳහා කටයුතු ආරම්භ කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන්ගේ වෙසක් දින පණිවුඩය

අසිරිමත් සම්බුදු තෙමඟුල සිදු වූ උතුම් වෙසක් මංගල්‍යය සිහි කර, ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සිත් පහන් කරවන පුණ්‍ය කටයුතුවල යෙදෙති.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුර තත්වයන්ට මුහුණදීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම්

මේ වනවිට පවතින වැසි බර කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව ගංවතුර තත්වයන්ට මුහුණ දීම සඳහා බස්නාහිර සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක සහන කණ්ඩායම් 10ක් යොදවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය

LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉංදිය ඔත්තු සේවා උපුටා දක්වමින් 2022 මැයි මස 13 දින   ඉංදියාවේ The Hindu පුවත්පතේ පුවතක්   පල කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

දම් සිසිලෙන් සිත් සැනහෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් 2022 මැයි මස 12 වන දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය

රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් එනම් ගෙවල්...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (මැයි 12) දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කණුගහවැව ආදර්ශ ගම්මානයේ ආරක්ෂාවට අලි වැටක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කණුගහවැව ආදර්ශ ගම්මානයේ ආරක්ෂාව වෙනුවෙන් කිලෝමීටර් 14ක් දිග අලි වැටක් ඉදිකිරීම සම්පූර්ණ කර පසුගිය මැයි මස 10 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයා ලෙස යළි පත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට පැවරී ඇති බලතල අනුව අඟහරුවාදා (මැයි 10) සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් පත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය

කොළඹ ගාලුමුවදොර සහ අවට ප්‍රදේශයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්වය මැඩපැවැත්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියේ සහය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බැවින් රටතුල සාමකාමී බව ආරක්ෂා කිරීමටත් ත්‍රිවිධ හමුදාවට සහය දැක්වීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව විසින් යාපනයේ ඉදිකළ ‘CIMIC’ උද්‍යානය ජනතා අයිතියට

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිවිල් වැසියන්ට ක්‍රීඩා, විනෝදාස්වාදය සහ අධ්‍යාපනික සහාය ලබාදීම සඳහා යාපනය කෝපායි ප්‍රදේශයේ ඉදිකරන ලද සිවිල්-හමුදා සහයෝගීතා (CIMIC) උද්‍යානයක් ඊයේ (මැයි 8) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජනතාව වෙත පරිත්‍යාග කරන ලදී.