ගම්වාසීන්ගේ සහ වාරිමාර්ග නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි යුද හමුදා භට පිරිස් විසින් සෙල්ල කතරගම කරවිල වැවේ වේල්ල ප්‍රතිසංස්කරණය කර පසුගියදා එය ගම්වාසීන් වෙත භාරදෙන ලදී.
පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කුඩාගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ හැකියාවක් ඇති බව ගංවතුර අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාව ආරම්භවීමත් සමඟ හදිසි ගංවතුර සහ නායයෑම් අනතුරු ඇඟවීම් සඳහා බලධාරීන් විසින් කාලගුණික උපදෙස් නිකුත් කර තිබේ.
පුරා දශක හතරක කාලයක් ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, කිත් යසස් ලබමින්, බහුවිධ දිශානතීන් ඔස්සේ ජාතික ආරක්ෂාව හා තිරසර සංවර්ධන අභිලාෂයන් මුදුන් පමුණුවනු වස්, ඉටුකළ උත්කෘෂ්ඨ ජාතික මෙහෙවර අගයමින් සන්නද්ධ සේවා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා 2022 මාර්තු මස 25 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති හා විශ්ව විද්‍යාලයීය වර්ණ පිරිනමනු ලැබීය.
SInhala.
නායයාම් අවදානම් සහිත කඳුකර ප්‍රදේශවල වෙසෙන ජනතාවට සහ ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස අධික වර්ෂාපතනය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා ඇති විය හැකි ආපදා තත්වයන් තුලදී ආපදා සහන සඳහා ගුවන් යානා යෙදවීමට සහ පුද්ගලයින් මුදා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ජපානයේ ටෝකියෝ හි ජේ.එෆ්. ඔබර්ලින් විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් ඊයේ (අගෝස්තු 30) අත්සන් කර ඇත.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (අගෝස්තු 31) උදෑසන මන්නාරම මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනයේ පුලෝලි ප්‍රදේශයේ පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස, නිවස ප්‍රතිලාභීන් වෙත භාරදීම යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඊයේ (අගෝස්තු 27) සිදු කල අතර යාපනය ප්‍රදේශයේ පරිත්‍යාගශීලීයෙකු වන විශ් නටරාජා මහතා විසින් නිවස ඉදිකිරිම සඳහා මූල්‍යමය අනුග්‍රහකත්ව ලබා දී ඇත.
අම්පාර දිස්ත්‍රීක්කයේ පිහිටි දුෂ්කර පාසලක් වන අම්පාර දුටුගැමුණු ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් සදහා පාසැල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානයක් 532 බලසේනාධීපති කර්නල් එස්පි වික්‍රමසේකර ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අගෝස්තු මස 23 වන දින පවත්වන ලදි.
ගුවන් හමුදා වර්ණ රාත්‍රිය ඊයේ (අගෝස්තු 27) රත්මලාන අත්තිඩිය ‘Eagle’s Lagoon´ උත්සව ශාලාවේ දී පැවැත්වුණු අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරාධනයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
කෙරවලපිටිය මුතුරාජවෙල තෙත්බිම් රක්ෂිතයේ සහ වත්තල පුබුදුගම ප්‍රදේශයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය ලබා දෙන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙහි සයිබර් ආරක්‍ෂාව සම්බන්ධ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්‍ෂණ) ඉංජිනේරු එස්.ජී.ඒ.ආර්.කේ.ආර්. සෙනවිරත්න මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 24 දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විය.
යාපනය අර්ධද්වීපයේ තෙලිප්පලෙයි රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය රුධිරය රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව යාපනයේ සිටින යුද හමුදා භට පිරිස් විසින් පරිත්‍යාග කර ඇත.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 24) රාජගිරියේ පිහිටි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහි ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද සහභාගි විය.
ත්‍රීකුණාමලය ෆවුල් තුඩුව සිට නාවික සැතපුම් 47 ක් පමණ (කිලෝ මීටර් 87 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2022 අගෝස්තු 23 වන දින කටයුතු කරන ලදී.
යුද හමුදාව, නාවලපිටිය නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් සේවකයින් එක්ව නාවලපිටිය නගරයේ අවහිරව තිබූ අපජල මාර්ග පද්ධතිය පිරිසිදු කරන ලදී.
කිලිනොච්චියේ පාසල් සිසු සිසුවියන් අතර බැඩ්මින්ටන් කුසලතා වැඩි දියුණු කිරීම සඳහා යුද හමුදාව විසින් පසුගියදා උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී බැඩ්මින්ටන් තරඟාවලියක් සංවිධානය කරන ලදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුව ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය.
රටේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මාධ්‍ය සමඟ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවසීය.
2022 වර්ෂයේ ඉන්දියානු පැරා මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රීලංකාව නියෝජනය කරමින් තරග වැදුණු රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් විසින් TF42 මීටර් 100 කාණ්ඩයේ අනුශූරතාව හිමිකර ගැනීමට අද (අගෝස්තු 19) දිනයේ දී සමත් විය.
දකුණු මුහුදු තීරයේදී අනතුරකට පත්ව ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබූ ධීවර යාත්‍රාවක සිටි මෙරට ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
පුද්ගල ජාවාරමට එරෙහිව සටන් කිරීමට සහ වැඩි බලපෑමක් ඇති කිරීමට රජයේ සහ සිවිල් සමාජ සංවිධානවල හැකියාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා ‘Save the Children’ සංවිධානයේ නියෝජිතයින් සහ තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (National Anti-Human Trafficking Task Force) අතර රැස්වීමක් ඊයේ (අගෝස්තු 17) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.