පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ
“E-පුස්තකාලය” ලෙස නව විශේෂාංගයක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.defence.lk එහි නවතම විශේෂාංගය ලෙස ‘E-පුස්තකාලයක් (Virtual Library)’ එක් කර ඇති අතර, පාඨකයින් හට තම දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා නොමිලේ ලබාගත හැකි විද්‍යුත් පොත් රාශියක් වෙත පිවිසීමට මෙමගින් පහසුකම් සැලසේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය අංශයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා රිදී සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

2019 මූල්‍ය වර්ෂයට අදාළව රාජ්‍ය අංශයේ ‘වාර්ෂික වාර්තාව සහ ගිණුම්’ සඳහා වන රිදී සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පිරිනමන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව අවුරුදු පණිවුඩය

උදා වූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාබනික පොල් වගාව නගාසිටුවීම සඳහා රණවිරු සේවා අධිකාරියෙන් වැඩසටහනක්

අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් සදහා පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුලදී පසුගියදා පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ
සැකකරුවන් 05දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුහන්දිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 26ක් වටිනා ගංජා තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් ඊයේ (දෙසැ 30) දින අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුහුදේ සිදුකළ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත ජාත්‍යන්තර සාගරික සංවිධානය මඟින් ඇගයීමක්

ජාත්‍යන්තර සාගරික සංවිධානය (International Maritime Organization - IMO) මඟින් මුහුදේ සුවිශේෂී නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත (04) පිරිනමන ලද ප්‍රශංසාත්මක සහතිකපත් (2021- IMO Award for Exceptional Bravery at Sea) එම නාවික පුද්ගලයින් වෙත ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පුද්ගලික ආරක්‍ෂක සේවාව නැගී එන ක්‍ෂෙත්‍රයක් - ආරක්‍ෂක ලේකම්

පුද්ගලික ආරක්‍ෂක සේවාව නැඟී එන ක්‍ෂෙත්‍රයක් වන අතර, එය ජාතික ආරක්‍ෂාවට ද දායක වන බැවින් ඉන් ලැබෙන සහයෝගය අතිමහත් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (දෙසැ. 29) සවස පැවසීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත් වේ

දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම අද (දෙසැම්බර් 29) දින දිවයිනෙන් පිටත්ව ගියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මඩකලපුව ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

මඩකලපුව, මංගලගම, කෙවිලියාමඩු ප්‍රදේශයේ පදිංචි පවුලක් සඳහා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් භාරදීම පසුගියදා සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ පරිසර ආරක්‍ෂණ වැඩසටහන් අඛණ්ඩව

නාවික හමුදා භට පිරිස් විසින් සිදුකරන ලද රුක් රෝපණ වැඩසටහනකදී පානම කලපුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල කඩොලාන ඇතුළු පැල 1200ක් පමණ සඳුදා (දෙසැ. 27) දින රෝපණය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික ක්‍රියාකාරී සැලස්ම සඳහා වැඩමුළුවක්

රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන අංශ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂික සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කිරීම පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ලබාදීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 27 වන සදුදා රණවිරු සේවා අධිකාරියේ දී සංවිධානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව කුට්ටිගල අක්කර 200ක පොල් වගා කරයි

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන පොල් වගා කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර කුට්ටිගල යුද හමුදා ගොවිපල පරිශ්‍රයේ අක්කර 200 ක භූමි ප්‍රමාණයක පොල් පැළ සිටුවා ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුවන්ඩාව සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා සුදුසු රුවන්ඩා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා රුවන්ඩා ජනරජය, ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සමඟ නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නත්තල් දින පණිවුඩය

ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුනු ජනතාවට පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැම දෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිනිස් ජාවාරම මැඬපැවැත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දායකත්වයෙන්
ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන දැඩි කඩිනම් ක්‍රියාමාර්ග

මිනිස් ජාවාරම මැඬලීම සඳහා විමර්ශන බලධාරීන් සහ බුද්ධි අංශ සමඟ සෘජු සම්බන්ධීකරණයෙන්  වඩාත් ශක්‍තිමත් ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ සභාපතිත්වය මේ වසරේ ජුලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව අධිකරණ අමාත්‍යාංශයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත භාර දෙන ලදි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිහි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා 7 වන කණ්ඩායම සිය රාජකාරි කාලය සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් දකුණු සුඩානයේ බෝර්හි  පවත්නාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි 7 වන කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි සිය වසරක කාල සීමාව සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එහි අණදෙන නිලධාරී වෙත පසුගියදා හමුදා සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශය දක්වා ගමන් කරමින් සිටියදී ඉන්ධන හිඟයක් නිසා හදිසි ආපදා තත්වයකට මුහුණ දීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මඩකලපුව වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නැංගුරම් ලා තිබූ බාජ් යාත්‍රාව (බත්තල) කැණීම් කටයුතුවල නිරතව සිටි බවට සමාජ මාධ්‍යවල සහ ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වන විස්තර  සත්‍යයෙන් තොර බව ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව හව්පේ මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නවීකරණය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද විද්‍යාගාරය මෑතකදී සිසු අයිතියට භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සුබ නත්තලක් වේවා!

සුබ නත්තලක් වේවා!


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕනෑම අවස්ථාවක එන සුනාමියකට අපි සූදානම් ද?

අපේ රටට 2004 වර්ෂයේ බලපෑ සුනාමි ව්‍යසනය අප කාටත් අමතක නොවන සිදුවීමකි. එයින් මෙරට බාල, තරුණ, වැඩිහිටි, මහලු ජනතාව 35,000කට අධික පිරිසක් මියගිය අතර, පුද්ගලයන් 5000කට වැඩි පිරිසක් අතුරුදහන් වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

69 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාව ගුවන් හමුදා කාන්තා කණ්ඩායම දිනා ගනී

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 69 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා (SLAF) කාන්තා කණ්ඩායම පසුගියදා (දෙසැ 18) ගල්කිස්ස ජීවිතාරක්ෂක මූලස්ථානයේදී සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පැරා බැඩ්මින්ටන් ජයග්‍රහණ කිහිපයක් රණවිරු සේවා අධිකාරියට

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැති 69 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ප්‍රථම වරට සංවිධානය කරන ලද ආබාධිත බැඩ්මින්ටන් තරඟාවලිය සහ පසුගිය දා අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී නිමාවට පත් වූ 2021 ජාතික පැරා බැඩ්මින්ටන් ක්‍රීඩා තරඟාවලිය නියෝජනය කළ රණවිරු සේවා අධිකාරියේ බැඩ්මින්ටන් කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දක්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවෙන් මොරටුව විශ්වවිද්‍යාලයට ගුවන් යානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිග් 27 වර්ගයේ ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොරටුව විශ්වවිද්‍යාලය අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ගුවන් යානය මොරටුව විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් කඩඉමක් සනිටුහන් කරමින් ‘ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානය’ විවෘත කෙරේ

දිර්ඝ කාලයක් සිට රට තුළ පැවති අවශ්‍යතාවයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු කැරන් ඇන්ඩෲස් සහ වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු. චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී අද (දෙසැ.20) විවෘත කරන ලදි.