පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය නව නිලධාරීන් 316 දෙනෙකු
ජාතියට දායාද කරයි

අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැම්බර් 19) දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති විසිර යාමේ පෙළපාලියේදී කෙඩෙට් නිලධාරීන් 316 දෙනෙක් නව නිලධාරීන් ලෙස අධිකාරියට පත්කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත් ද්‍රව්‍යවලින් හෝ අනවශ්‍ය ක්‍රියාවලින් ඔබේ ජීවිත විනාශ කර ගන්න එපා – ආරක්‍ෂක ලේකම් සිසුන්ගෙන් ඉල්ලයි

මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය අවභාවිතයන් හා සබැඳි අනවශ්‍ය සම්බන්ධතා හේතුවෙන් විනාශයට පත් නොවන්නට අපේ දරුවන්හට නිසි මඟ පෙන්විය යුතු බවත්, මෙවැනි සිද්ධීන් 3000කට අධික ප්‍රමාණයක් විමර්ශනය කිරීමට නියමිත බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින්
දිවංගත ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ දේශනය බත්තරමුල්ල සුහුරුපායෙදී අද (දෙසැ 16) දින පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව මඟින් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ‍භාර දෙයි

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම අද (2021 දෙසැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රධානි සහ
වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානි අතර හමුවක්

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුගා මහතා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක පසුගියදා (දෙසැම්බර් 14) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සමුද්‍ර රක්ෂා හිදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතු ශ්‍රී ලංකා භට පිරිස් වෙත ගෞරව පදක්කම්

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්හි ආදර්ශමත් කැපවීම වෙනුවෙන් ලෙබනනයේ සාමසාධක රාජකාරින් හි නියුතු භට පිරිස් වෙත එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා පදක්කම් පෙළපාලියේදී පදක්කම් ප්‍රදානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කැපවී සිටිනවා

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක  ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා - ජපාන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිෂුකොෂී හිදෙකි මැතිතුමා අද (දෙසැ 15) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව මඟින් අත්අඩංගුවටගත් රුපියල් මිලියන 2509 කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තොගය (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අද (2021 දෙසැම්බර් 15) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩකයින්ගෙන් ජයග්‍රහණ

පසුගියදා උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හි පැවති 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් දිනාගැනීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවීමට යුද හමුදා සහය

මුලතිව් ආරක්ෂක සේනාවට අයත් යුද හමුදා භට පිරිස් විසින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්න - ආරක්‍ෂක ලේකම්

 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමට සෑම උත්සාහයක්ම දරන්න යැයි ඊයේ (දෙසැ 14) දින බත්තරමුල්ල තලංගම ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වන 'සෙත් සෙවණ' ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ සමාරම්භය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන 11 වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය - 2021 අද (දෙසැම්බර් 14) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු පළාතේ රණවිරු ගැටළු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක්

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් කාර්යාල වලින් රණවිරුවන් වෙත සැපයෙන සේවාවන් පිළිබඳ සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්‍ෂක ඇතුළු නිලධාරීන් විසින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගිය දා සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා වෙරළ තීරය පිරිසිදු කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ශිෂ්‍යභට බළකාය සිවිල් ප්‍රජාව සමඟ එක්ව කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා කිලෝමීටර් 4ක් පමණ වෙරළ තීරය පසුගියදා පිරිසිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජයග්‍රහණ රැසක් රණවිරු සේවා අධිකාරියට හිමිකර දෙමින්
ජාතික පැරා බැඩ්මින්ටන් තරඟාවලිය අවසන් වේ

2021 ජාතික පැරා බැඩ්මින්ටන් තරඟාවලිය අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී  2021 දෙසැම්බර් මස එකොළොස් වන සෙනසුරාදා දිනය පුරා පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උත්සව සමයට පෙර කොවිඩ් අධිමාත්‍රා එන්නත දී අවසන් කරන්න – ජනපතිගෙන් උපදෙස්

එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට  උපදෙස් දෙයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක් සමඟ විදේශීය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී විදේශීය ධීවර යාත්‍රාවක සිටි විදේශීය සැකකරුවන් 6 දෙනෙකු සමඟ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 55 ක් ලබාදෙයි

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව සාම්ප්‍රදායික පුනරුත්තාපන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් ගෘහස්ත සංචරණයට සීමා වන රෝදපුටුවක් ලබාදීම වෙනුවට, රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සබදතා වර්ධනයට ඉවහල් වන දෑත යොදාගනිමින් ක්‍රියාත්මක කල හැකි විද්‍යුත් ආරෝපිත යතුරු පැදි 55 ක් ඉපයීමේ ක්‍රයශක්තිය හීනවීමේ ප්‍රතිශතය පදනම් කරගනිමින් ලබාදීම සඳහා අදාල දිස්ත්‍රික්ක වෙත යොමු කිරීමේ මූලික කටයුතු අරඹන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උදාකරගත් සාමයට කැළැලක් ඇතිකිරීමට ඇතැම් සමාජ විරෝධී සහ ශ්‍රී ලංකා විරෝධී කණ්ඩායම් කටයුතු කරයි - ආරක්‍ෂක ලේකම්

ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදී උවදුර සම්පූර්ණයෙන්ම පලවා හැරීමේ සිට දශකයකට වැඩි කාලයකට පසු, ඇතැම් සමාජ විරෝධී සහ ශ්‍රී ලංකා විරෝධී පාර්ශවයන්, අප වෙහෙස මහන්සි වී උදාකරගත් සාමය කෙලෙසීමටත්, ජනවාර්ගික කණ්ඩායම් අතර අවිශ්වාසයක් සහ භේදයක් ඇති කිරීමටත් කටයුතු කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (දෙසැම්බර් 10) දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව තෙල් හා රසායනික කාන්දු ප්‍රතිචාරය පිළිබඳ සාකච්ඡාවක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානයේ නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සාමාජිකයින් සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමඟ ‘තෙල් සහ රසායනික කාන්දු ප්‍රතිචාරය’ පිළිබඳ දෙදින සම්බන්ධීකරණ රැස්වීමක් දෙසැම්බර් මස 07 සහ 08 දෙදින කොළඹ ලයිට් හවුස් ගැලී හිදී සංවිධානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෙනගාල ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය සහ ශ්‍රී ලංකා සෙනගල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මලික් තියව් අද (දෙසැ 10) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ හරිත විප්ලවය

ගඟේවාඩිය නාවික හමුදා කඳවුරේ කෙළවර කඩිමුඩියේ කඩියන් මෙන් වැඩ කරන නාවික භටයෝ පිරිසකි. කොට කලිසමින් සහ සුදු පැහැ සපත්තු පැලඳගත් ඔවුහු ඈඳි ගනිමින් කිසියම් සුපරික්ෂාකාරී කටයුත්තකය. එක් කෙළවරකින් පුත්තලම් කළපුවත් අනෙක් පසින් රතු දිගු පටු ගුරුපාරත් මැද පුළුල් සෙවණ සහිත නිස්කලංක බිම්කඩෙහි ඔවුන් ලහි ලහියේ සූදානම් වන්නේ තවත් එක් සංග්‍රාමයකටය. මුහුද මෙන්ම ගොඩබිම ද හොඳට හුරු මේ නාවිකයෝ මෙවර ක්‍රියාන්විතය සඳහා තෝරාගෙන ඇත්තේ පුත්තලම කළපුවයි. ඊයේ දිනයට යෙදී තිබුණු නාවික හමුදා දිනයට සමගාමීව ඔවුන් අද අරඹන සංග්‍රාමය හරිත සංග්‍රාමයකි. රට වට බැඳි රන් වැට ලෙස අභිමානයෙන් පිදුම් ලබන මේ සූර වීර නාවිකයෝ පුත්තලම කළපුවේ සැබෑ සොබාවත යළි නඟාසිටුවන්නට අද සිට මහා සංග්‍රාමය අරඹති.