පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 9 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං
පේසාලේ දී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, පේසාලේ, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී රත්‍රං ග්‍රෑම් 470ක් සහ වාලම්පුරියක් අත්අඩංගුවට ගෙන ඇත.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චි රෝගීන් වෙනුවෙන් යුද හමුදාවෙන් ලේ පරිත්‍යාගයක්

කිලිනොච්චි රෝහල් බලධාරින්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ලේ පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ අඩු ආදායම්ලාභී පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා යුද හමුදාව සිය ප්‍රජා සේවා තවදුරටත් පුළුල් කරමින් චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගියදා එම පවුල වෙත පවරා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේදී පසුගියදා පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අනුරාධපුර ගුවන් හමුදා සෙබළුන්ගෙන් ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

අනුරාධපුර ශික්ෂණ රෝහල විසින් කරන ලද ඉල්ලීමකට අනුව අනුරාධපුර ගුවන් හමුදා කඳවුර විසින් ලේ දන්දීමේ වැඩසටහනක් රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් පලුගස්වැවට ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

 ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රජා පරිහරණය සඳහා ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුර පලුගස්වැව මෛත්‍රීගමදී විවෘත කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවෙන් ශ්‍රී ලංකා රේගුවට නව මෘදුකාංගයක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියට තවදුරටත් පහසුකම් සැලසීම සඳහා නව මෘදුකාංගයක් පසුගියදා සකස් කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කටුනායක ඇති වූ ගින්න ගුවන් හමුදා සහායෙන් නිවා දැමේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීගමුව නාගරික ගිනි නිවාරණ අංශයේ සහ කටුනායක ආයෝජන මණ්ඩලයේ සහය ඇතිව කුරණ, කණුවන ප්‍රදේශයේ ආපන ශාලාවක ජුලි 23 වන දින හටගත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නෞකාව අධිකාරියට
පත්කිරීම ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ජයසාගර නෞකාව අද (2022 ජූලි 23) ත්‍රිකුණාමලය නැව් තටාකාංගණයේදී අධිකාරියට පත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහජන මුදලින් නඩත්තු කරන වත්කම්වලට වගකියන්න – ආරක්‍ෂක ලේකම්

රජය තම ආදායමෙන් සැලකිය යුතු කොටසක් නිරතුරුවම රටේ ආරක්‍ෂාව සඳහා වෙන් කරන සංවර්ධනය වෙමින් පවතින රටක් වන බැවින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද මහජන මුදලින් නඩත්තු වන ඔබේ සම්පත් සඳහා වගවීම ඔබේ වගකීම බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (ජූලි 22) ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස යළි පත්කෙරේ

ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව අද (ජුලි 22) සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණේ

සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (ජුලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හරිත ගොවිතැනේ මංගල අස්වැන්න නැගෙනහිරින්

නැගෙනහිර කලාපයේ කාබනික වී වගා කිරීමේ ව්‍යාපෘතියකින් වී කිලෝග්‍රෑම් 1750ක අස්වැන්නක් ලැබී ඇත. නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 22 වන සේනාංකය යටතේ ඇති 223 බලසේනාවේ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් මයිලවැව ප්‍රදේශයේ අක්කර 1.5 ක ඉඩමක මෙම වී වගා කිරීමේ කටයුතු සිදුකර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී මෝර කොටස් තොගයක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ලබාගත් මෝරුන්ගේ මස් තොගයක්,වියලන ලද මෝර වරල් සහ මසුන් ළඟ තබාගෙන සිටි ධීවරයින් 14 දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දේ

ගරු රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද (2022 ජූලි 21) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දස්කම් දැක්වූ ජාතික පැරා මළල ක්‍රීඩකයෙකු රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ඇගයීමට

ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියේ TF42 මීටර් 100 කාණ්ඩයේ ශූරතාව රණවිරු සේවා අධිකාරියට හිමි කර දීමට සමත්වූ රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද දින රණවිරු සේවා අධිකාරියේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2022 එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව දෙවන මට්ටමට (Tier 2) උසස් වේ

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2022 ජූලි 19 වන දින නිකුත් කරන ලද 2022 එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව උසස් කර ඇති බව ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායෙන් (NAHTTF) සභාපතිත්වය දරණ ආරක්‍ෂක අමාත්‍යාංශය සතුටින් ප්‍රකාශ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව තවත් ගංජා ජාවාරමක් ව්‍යර්ථ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 19) කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 172 කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැල්ලවායේ ඇතිවූ ලැව් ගින්නක් යුද හමුදාව නිවා දමයි

වැල්ලවාය, මහගොඩයාය දේවගිරි කඳුවැටියේ ඇතිවූ ලැව් ගින්නක් යුද හමුදා භට පිරිස් විසින් මැඩපවත්වා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු මුහුදු තීරයේදී ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුලි 18) කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී පාවෙමින් තිබූ කිලෝ 30ක පමණ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන්
සුබසාධන ව්‍යාපෘති රැසක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් 25 දෙනෙකු වෙනුවෙන් අත්වාරු බෙදා දීමේ තවත් එක් වැඩසටහනක් 2022 ජූලි මස 12 වන දින හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වත්තල හුණුපිටියේ ඇතිවූ ගින්න නාවික හමුදාව නිවා දමයි

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පරණ යකඩ එකතු කරන ස්ථානයක ඊයේ (ජුලි 16) සවස ඇති වූ හදිසි ගින්නක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගිනි නිවන කණ්ඩායම විසින් මැඩපවත්වා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩබලන ජනාධිපති පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසයි

වැඩබලන ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (ජුලි 15) කොළඹ යුද හමුදා රෝහල වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී
තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ජුලි 15) කොළඹ යුද හමුදා රෝහලට ගොස් පසුගිය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණය අසල රාජකාරියේ යෙදී සිටියදී විරෝධතාකරුවන් විසින් අමානුෂික ලෙස පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවේ මුලිකත්වයෙන් හම්බන්තොට රෝහලට වෛද්‍ය උපකරණ

හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් වෛද්‍ය උපකරණ තොගයක් හම්බන්තොට රජයේ රෝහලට පසුගියදා ලබා දෙන ලදී.