නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර රැකියාවේ නිරත වෙමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් වන ‘සින්දූර් 04’ හි ධීවරයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ (මැයි 15) සවස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය.
යාපනයේ වැන්දඹුවක් සඳහා නව නිවසකට මුල්ගල තැබීම පසුගියදා සිදුකෙරුණි. යුද හමුදා මාධ්‍යවලට අනුව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 55 වන සේනාංකය විසින් යුද හමුදා සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස, වැන්දඹුවකට සහ ඇගේ පවුලට යාපනයේ උඩුතුරෙයි ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර දීම සඳහා කටයුතු ආරම්භ කර ඇත.
අසිරිමත් සම්බුදු තෙමඟුල සිදු වූ උතුම් වෙසක් මංගල්‍යය සිහි කර, ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සිත් පහන් කරවන පුණ්‍ය කටයුතුවල යෙදෙති.
මේ වනවිට පවතින වැසි බර කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව ගංවතුර තත්වයන්ට මුහුණ දීම සඳහා බස්නාහිර සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක සහන කණ්ඩායම් 10ක් යොදවා ඇත.
LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉංදිය ඔත්තු සේවා උපුටා දක්වමින් 2022 මැයි මස 13 දින ඉංදියාවේ The Hindu පුවත්පතේ පුවතක් පල කර ඇත.
දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් එනම් ගෙවල්...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (මැයි 12) දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කණුගහවැව ආදර්ශ ගම්මානයේ ආරක්ෂාව වෙනුවෙන් කිලෝමීටර් 14ක් දිග අලි වැටක් ඉදිකිරීම සම්පූර්ණ කර පසුගිය මැයි මස 10 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.
· මේ රටේ කිසිම පුරවැසියෙකුහට හානියක් කිරීමට ඉඩක් නැත
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට පැවරී ඇති බලතල අනුව අඟහරුවාදා (මැයි 10) සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් පත් කර තිබේ.
කොළඹ ගාලුමුවදොර සහ අවට ප්‍රදේශයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්වය මැඩපැවැත්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියේ සහය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බැවින් රටතුල සාමකාමී බව ආරක්ෂා කිරීමටත් ත්‍රිවිධ හමුදාවට සහය දැක්වීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිවිල් වැසියන්ට ක්‍රීඩා, විනෝදාස්වාදය සහ අධ්‍යාපනික සහාය ලබාදීම සඳහා යාපනය කෝපායි ප්‍රදේශයේ ඉදිකරන ලද සිවිල්-හමුදා සහයෝගීතා (CIMIC) උද්‍යානයක් ඊයේ (මැයි 8) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජනතාව වෙත පරිත්‍යාග කරන ලදී.
දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ සති තුනක කාලයක් පුරා සෝදිසි කිරීමකින් පසු හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 240 ක විශාල තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය පාසල්වල ශිෂ්‍ය භටයින් 50 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා තල්සෙවන නිවාඩු නිකේතනයේදී පවත්වන ලදී.
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු සැමරුම් කොඩිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති, සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
නීති විරෝධී ලෙස ලබාගත් මෝරුන්ගේ කොටස්, ධීවරයින් හය දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාවක් මීගමුව ධීවර වරායේදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක රෙදිපිළි අලෙවිසැල් තුනක හටගත් ගින්නක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (මැයි 06) අලුයම මැඩපවත්වා ඇත.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මුදාහැරීමෙන් පසු ප්‍රථම වරට මුහුදට ඇතුළු වන මුහුදු කැස්බෑ පැටවුන් සංචාරකයින් පිරිසක් විසින් දැක බලා ගන්න අයුරු...
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින් බදාදා (04) දින පැවති ලේ දන්දීමේ වැඩසටහනකදී මඩකලපුව ශික්ෂණ රෝහලට අවශ්‍ය රුධිරය පරිත්‍යාග කරන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වෙත නව නිවසක් සැදීම සඳහා මුල්ගල තැබීම පසුගියදා යාපනයේ දී සිදු කරන ලදි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 04) දහවල් 1200ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මාසයක කාලයක් මුළුල්ලේ රැකි උපවාස සීලය අවසන් කළ ඉස්ලාමීය ජනතාව ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. ඒ ඊදුල් ෆීතර් මංගල්‍යයට එක් වෙමිනි. ඔබ විසින් අපේක්ෂා කරනු ලබන ආධ්‍යාත්මික සුවය සියලු දෙනාට ලැබේවා යි මම ද ප්‍රාර්ථනා කරමි.