පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරුවන්ට සෙත් පතා 'සඳහිරු ස්ථූප' පරිශ්‍රයේ දී දානමය පිංකමක්

සඳහිරු සෑයේ කොත් වහන්සේ නොවැම්බර් 18 වන දින නිරාවරණය කිරීමෙන් අනතුරුව ඊයේ (නොවැ 19) දින එහි දානමය පිංකමක් (සංඝගත දක්ෂිණාව) පැවැත්විණි..


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හි මන්නාරම වංකාලපාඩු මුහුදු ප්‍රදේශයේ සහ තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඔඩ්ඩුසුඩාන් පාසල් වෙත යුද හමුදාවෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන

සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල් පරිශ්‍ර තුනක ප්‍රතිඅසෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් පසුගියදා ස්ථාපිත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ 'සුරක්ෂා' යාත්‍රාව “DOSTI – XV” අභ්‍යාසය සඳහා කොළඹින් පිටත් වේ

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ 'සුරක්ෂා' යාත්‍රාව 15 වන‘DOSTI’ ත්‍රෛපාර්ශවික වෙරළාරක්‍ෂක ඒකාබද්ධ අභ්‍යාසයට සහභාගී වීම සඳහා මාලදිවයින බලා ඊයේ (නොවැම්බර් 18)දින පිටත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“සඳහිරු සෑ රදුන්” ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ …

අනුරාධපුර “සඳ හිරු සෑ රදුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අඩු ආදායම්ලාභී මුලතිව් ධීවර පවුල්වල ජීවනෝපාය නඟාසිටුවීමට යුද හමුදා සහාය

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් පසුගියදා මුලතිව් පිලමන්තල්ලාරු වැවට මත්ස්‍යයින් 75,000ක් මුදා හැර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 24ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තුන්දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 15) දින තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 24ක් වටිනා අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනපතිට

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු සුඩානයේ ‘SRIMED’ 2 වන අදියරේ රෝහල් කාර්යය මණ්ඩලය වෙත පැසසුම්

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු, ශ්‍රී ලංකා 7 වන කණ්ඩායම විසින් කළමනාකරණය කරනු ලබන දකුණු සුඩානයේ ‘SRIMED’ 2 වන අදියරේ රෝහල පසුගියදා සිදු කරන ලද ඇගයීම් සමාලෝචනයකදී පැසසුමට ලක්ව ඇත. යුද හමුදා මාධ්‍යවලට අනුව, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ ක්ෂේත්‍ර මූලස්ථානයේ රෝහල් ඇගයීම් තක්සේරුව, එහි සමාලෝචනයේදී දකුණු සුඩානයේ බෝර්හි පිහිටි මෙම වෛද්‍ය පහසුකම් අගය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව ඉහළපළුගස්වැව ප්‍රතිසංස්කරණය කරයි

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ගල්ගමුව ඉහළපළුගස්වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකර පසුගියදා නිල වශයෙන් බලධාරීන් වෙත භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් රණවිරු අනුස්මරණ උත්සවය සදහා සහභාගී වේ

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (2021 නොවැම්බර් 14 ඉරිදා) දින කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවති සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් සහන සලසයි

දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාපතනයෙන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශවලින් පීඩාවට පත් වුවන් ඉවත් කිරීම, මුදාගැනීම් සහ සහන සේවා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ආරම්භ කර ඇති අතර, රටෙහි පවතින අයහපත් කාලගුණය තුළ ගංවතුරෙන් විපතට පත් ජනතාවට මානුෂීය ආධාර ලබාදෙමින් සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටියි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලට පිළිකා ප්‍රතිකාර සඳහා HIPEC යන්ත්‍රයක්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත රුපියල් මිලියන 17ක් වටිනා ‘Hyperthermic Intraperitoneal Chemotherapy (HIPEC) යන්ත්‍රයක් අද (නොවැම්බර් 08) දින  පැවති උත්සවයකදී පරිත්‍යාගයක් ලෙස ලැබිණි
 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් රාජ්‍ය පරිපාලනය සඳහා නව නිපැයුම් මාලාවක්

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන නව්‍ය නිෂ්පාදන පෙළක් ආරක්‍ෂක ලේකම් සහ ජාතික ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම යටතේ හමුදාවන්ට සහ අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත නොවැ 08 දින පිටිපන පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී භාර දෙන ලදි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑය විවෘත කිරීම නොවැම්බර් 18 වැනිදා - ආරක්‍ෂක ලේකම්

සඳහිරු සෑය 2021 නොවැම්බර් 18 වන දින බැතිමතුන්ගේ වන්දනාමනය සඳහා විවෘත කරන බවත් එය මහා සංඝරත්නය වෙත පැවරෙන බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (නොවැ 07) පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු දෑතින් සරුවන මව්බිම

“ගමයි පන්සලයි වැවයි දාගැබයි” සංස්කෘතියටත් පෙර වසර දෙදහස් පන්සියයකටත් එහා දිව යන කෘෂි ආර්ථික රටාවකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අදටත් ඉවතලන දණ්ඩ පවා පැළ වෙන සශ්‍රීක ක්ෂේම භූමියකි. කෘෂි කර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ආර්ථිකයක ශ්‍රී විභූතියෙන් ස්වාධීනව ගොඩනැඟුණු ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයත් සමඟ නව මානයකට ගමන් කළේය. ඒ ඔස්සේ අවශ්‍ය අනවශ්‍ය සියලු දේ අසීමිතව රටට ගලා ආවේය. දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික හා තාක්ෂණික වශයෙන් දේශීයව මෙන්ම ගෝලීයව සිදුවූ බලපෑම් මතින් බිහිවුණ නව මිශ්‍ර ආර්ථික රටාව තුළ දේශීය ස්ව්‍යංපෝෂිත ආර්ථිකය දිය වී යන්නට විය. එසේම මිනිසාගේ කෘත්‍රිම මැදිහත්වීම තුළ අසමතුලිත වූ ලෝක ආර්ථික රටාවේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස නුදුරේම ආහාර අර්බුදයක් පිළිබඳ විද්වතුන් අනාවැකි පළ කරමින් සිටි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

කොවිඩ් - 19 වෛරසය හමුවේ ඉදිරි පෙළ සාමාජිකයින්ට තවත් එන්නත් මාත්‍රාවක් ලබාදීම කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ඇරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මෙහෙයවනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරින් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා තෙවන‍ මාත්‍රාව ලබාදීම සඳුදා (01) දින ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා තරඟ වාර්තා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක කාන්තා නැවි ගයන්තිකා අබේරත්න, ඔක්තෝබර් 30 සහ 31 යන දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා මීටර් 1500 සහ 5000 ඉසව් වල නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් වූවාය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලන්කාවිල් දිළිඳු පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් විසින් වෙල්ලන්කුලම, මුලන්කාවිල් ප්‍රදේශයේ ජීවත් වන දිළිඳු පවුලක් වන මුත්තු කුමාර් යසීදා මහත්මියගේ පවුල වෙත නව නිවසක් ඉදිකර පසුගියදා පවරා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් යුද හමුදා භට පිරිස් කිලිනොච්චි රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි

මුලතිව් හි සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් කිලිනොච්චිය හමුදා රෝහලේදී පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව පානම Surfing Club ගොඩනැඟිල්ලක් ඉදි කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ ‘Surfing Club’ ගොඩනැඟිල්ලක් ඉදි කරඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පළමු පොපි මල ජනපතිට පළඳවයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පළඳවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව නිල වශයෙන් භාර ගනියි

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2021 ඔක්තෝබර් 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ, ‘සියැට්ල්’ වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක කඳවුරේදී සිදු කෙරුණු අතර, මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න සහභාගී විය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී 627 ධජ අංකය යටතේ 2021 ඔක්තෝබර් 26 වන දින සිට එක්වන මෙම නෞකාවේ ප්‍රධාන කුඹ ගසෙහි එදින සිට ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව ඔසවනු ලබයි.