පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ආරක්‍ෂක කථිකාවතක ප්‍රධාන දේශනය සිදු කරයි

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් ඊයේ (ඔක්තොම්බර් 13) දින සවස සංවිධානය කරන ලද ආරක්‍ෂක කථිකාවතේ (Security Salon) ආරාධිත දේශනය ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි විසින් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා අවදානම් අවම කිරීම සඳහා වන ජාත්‍යන්තර දින ජාතික උත්සවය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ආපදා අවදානම් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන අද (ඔක්තෝම්බර් 13) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ඇතුළු දූත පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (ඔක්තෝබර් 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමු වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වව්නියාව රෝහල සඳහා යුද හමුදාවෙන් ලේ දන්දීමක්

වව්නියාව රෝහලේ ලේ බැංකුව වෙත ලබාදීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සිටින භට පිරිස් විසින් පසුගියදා සංවිධානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය යුද හමුදා ප්‍රධානී කොළඹට පැමිණේ

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අද (12) දින දිවයිනට පැමිණෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය යුද හමුදා ප්‍රධානී හෙට දිවයිනට

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී දින පහක නිල සංචාරයක් සඳහා අඟහරුවාදා (ඔක්තෝබර් 12) දින දිවයිනට පැමිණීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය නිෂ්කාශන සඳහා නව පෝරමයක්

අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය සහිත නෞකා වරායට ඇතුල් වීම, ප්‍රතිනැව්ගත කිරීම, ගොඩබෑම හා නිෂ්කාශනය යන අවස්ථාවන් සඳහා අනුමැතිය ලබාදීම ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් තවත් ජලපිරිපහදු මධ්‍යස්ථානයක් මහවට

නාවික හමුදාව සිය සමාජ සත්කාර සේවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ඊයේ (10) දින මහව, බක්මීගහවත්ත ප්‍රදේශවාසීන් සඳහා ස්ථාපිත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය උළේලේදී අතිගරු ජනාධිපතිතුමා කළ කතාව

අද හමුදා දිනය වෙනුවෙන් මෙම ස්ථානයේ පැවැත්වුණු පෙළ පාලියට සහ අනෙකුත් උත්සවවලට සහභාගි වීමට ලැබීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. මම තරුණයෙකු හැටියට මගේ ජීවිතය ආරම්භ කළේ යුද හමුදාවෙන් නිසා. මම යුද හමුදාවේ අවුරුදු 20ක් සේවය කළා. ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් අවුරුදු 10ක් සේවය කළා. මම මුලින්ම හමුදා ජීවිතය ආරම්භ කළේ සංඥා බලකායෙන්. ඊළඟට මම සිංහ රේජිමේන්තුවේ සේවය කළා. ඊට පසුව මේ ස්ථානයේ ජෙනරාල් ඩෙනිස් පෙරේරා හමුදාපතිවරයා වශයෙන් ඉන්න කාලයේ ”රජරට රයිෆල්” කියලා අලූත් රේජිමේන්තුවක් පටන් ගත්තා. මම එකේ ආරම්භක නිලධාරියෙක් හැටියට පැමිණියා. මේ භූමිය තෝරාගත්තෙත් මමයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ කොත්වහන්සේ අඟහරුවාදා දින මහනුවර ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වෙත වැඩම කෙරේ

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 12) දින ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වෙත වැඩමකිරීමට නියමිතයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැවති ඓතිහාසික 72 වන යුද්ධ හමුදා සංවත්සර උත්සවයට එක්වේ

සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඔක්තෝබර් (10) දින උදෑසන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර උත්සවය ඉතාමත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම උත්සවය සඳහා සුවිශේෂීත්වයක් එක් කරමින් එම රෙජිමේන්තුවේ නිර්භීත හා කීර්තිමත් නිලධාරියෙකු වූ වත්මන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී, එතුමන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබාදුන්හ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා දිනයේ දී නිලධාරින් 567 ක් සහ සෙසු නිලයන් 10368 ක් සඳහා උසස්වීම්

අද (ඔක්තෝබර් 10) දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 567 ක් සහ සෙසු නිලයින් 10368 ක් සඳහා උසස්වීම් ලබා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ග්‍රාමීය ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව 874 වන ජලපිරිපහදු මධ්‍යස්ථානය පිහිටුවයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධන සේවාවන් අඛණ්ඩව සිදුකරමින් කරුවලගස්වැව, රජවිගම ප්‍රදේශයේ පානීය ජල හිඟතාවයෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඊයේ (ඔක්තෝම්බර් 09) දින තවත් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑය ව්‍යාපෘතිය ජනාධිපති ගේ නිරීක්ෂණයට

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (ඔක් 09) දින අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් සහ නියමිත වැඩ කටයුතු නිරීක්ෂණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව මගින් තවත් වාරිමාර්ග වැව් ප්‍රතිසංස්කරණයට

රජයේ "වාරි සෞභාග්‍ය" වැඩසටහන යටතේ මහවැලි "එල්" කලාපයේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති මෑතකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව රක්ෂිතයට ඉහළින් “බීජ බෝම්බ” හෙළයි

සියඹලාණ්ඩුව වත්තේගම කැබිලිත්ත රජයේ වන රක්ෂිතය වෙත මෙම සතිය තුළ  බීජ බෝම්බ තොගයක් හෙළනු ලැබීය


පසුගිය පුවත් | පසුගිය පුවත්

ග්‍රාමීය පාසල් වල පහසුකම් වැඩි දියුණු කිරීමට නාවික හමුදාව සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව කළුතර අගලවත්තේ පිහිටි කෙලින්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යපෘතිය යටතේ සංවර්ධනය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගුවන් හමුදාව වෛද්‍ය උපකරණ ලබා දෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රජයේ රෝහල් වල භාවිතා කිරීම සඳහා තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් පසුගියදා සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දී ඇතැයි ගුවන් හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා තරඟවලට සහභාගී වෙති

ඉන්දියානු යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් අතර ක්‍රීඩා කෞෂල්‍යයන්, ද්වීපාර්ශ්විය සබඳතා සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ‘Army to Army Sports Exchange’ (යුද්ධ හමුදා ක්‍රීඩා හුවමාරු වැඩසටහන) යටතේ ඉන්දියානු යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් 61 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එළඹෙන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය. එසේ මෙරටට පැමිණෙන ඉන්දියානු යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහෝදර ක්‍රීඩකයින් සමඟ හොකී, පැසිපන්දු, වොලිබෝල් සහ ක්‍රිකට් යන ක්‍රීඩා ඉසව් ඔස්සේ තරඟාවලියන්ට සහභාගී වෙති.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය ශික්ෂණ රෝහල සඳහා යුද හමුදාවෙන් ලේ දන්දීමක්

යාපනය ශික්ෂණ රෝහලේ රුධිර සංචිතයට අවශ්‍ය රුධිරය ලබාදීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා අයියකච්චිහි ස්ථාපිත 552 වන බලසේනා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2022 සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ දිනයන්

2022 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ දිනයන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැළ රෝපණය කරයි

යාපනය අර්ධද්වීපයේ කලපු ආශ්‍රිතව කඩොලාන සංරක්‍ෂණය සහ වෙරළ ඛාදනය වැළැක්වීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා කිලාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1064 ක් සමඟ සැකකරුවකු නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 04) නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1064 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සහ ඉන්දියානු යුද හමුදා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයෙහි නිරත වේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අඛණ්ඩව 8 වන වරටත් පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඔක්තෝම්බර් මස 03 සිට 17 දක්වා පැවැත්වෙන අතර එයට සහභාගී වීම සඳහා ඉන්දීය හමුදා භටයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය දා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑයේ කොත්වහන්සේ වැඳපුදා ගැනීමට දැන් අවස්ථාව

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 05) දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත වැඩමකිරීමට නියමිතයි.