පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නව පකිස්ථාන මහකොමසාරිස් සහ ආරක්‍ෂක ලේකම් අතර සාකච්ඡාවක්

අභිනවයෙන් පත් ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස්, අතිගරු මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) අද (පෙබරවාරි 11) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය පස්වන වාර්ෂික අධ්‍යයන සැසිය අරඹයි

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ පස්වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක වැඩසටහන ඊයේ (පෙබ 10) අත්තිඩිය “Eagles' Lakeside” සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

"විරු දෑතට කප් රුකක් " යන තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන රණවිරු ප්‍රජාව සදහා නොමිලේ පොල් පැල 5000ක් ලබාදීමේ සමාරම්භක වැඩසටහන පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි දොම්පේ කෑරගල රණවිරු ගම්මානයේදී පවත්වනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“කප්රුක රණවිරු ප්‍රණාම - 2022” ප්‍රධාන වැඩසටහන
දොම්පේ කෑරගල රණවිරු ගම්මානයෙන් ඇරඹේ

"විරු දෑතට කප් රුකක් " යන තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන රණවිරු ප්‍රජාව සදහා නොමිලේ පොල් පැල 5000ක් ලබාදීමේ සමාරම්භක වැඩසටහන පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි දොම්පේ කෑරගල රණවිරු ගම්මානයේදී පවත්වනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණක්ෂිත රණවිරු විද්‍යුත් යතුරු පැදි ප්‍රදානයේ තවත් අදියරක් සෙන්කඩගල දී

මධ්‍යම පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි නවයක්, කෘතිම පාද, ඇස් කණ්නාඩි යූවල් සහ ආබාධිත සහයක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ ( පෙබරවාරි 09 ) දින මහනුවර දෙවන සිංහ රෙජිමේන්තු කදවුරේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

 

 

 

 

 

 

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චිය ප්‍රදේශයේ දිළිඳු පවුල් සඳහා වියළි සලාක මලු

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් පසුගිය දා කිලිනොච්චිය ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත වියළි සලාක ඇසුරුම් තොගයක් බෙදා දෙන ලදී.ඒ අනුව, පසුගිය සති අන්තයේ (පෙබරවාරි 5) කන්නන් දේවස්ථාන පරිශ්‍රයේ පැවති වැඩසටහනකදී තෝරාගත් පවුල් 42 කට වියළි සලාක මල්ලක්  ලබා දීම සිදුවූ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද ( පෙබරවාරි 09) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සබරගමුව සහ ඌව පළාත් වල රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට
විද්‍යුත් ආරෝපිත යතුරුපැදි

සබරගමුව සහ ඌව පළාත් වල රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි නවයක් සහ සහායක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 09) දින රත්නපුර කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන කඳවුරේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ ඩෙංගු මර්දනයට යුද හමුදා සහය

සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව යුද හමුදා භට පිරිස් විසින් යාපනය නගර ප්‍රදේශය ආවරණය කරමින් දින 4 ක පිරිසිදු කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණක්ෂිතයට පත් රණවිරුවනට කෘතිම අත් පා ලබාදීමේ වැඩසටහනක්

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණක්ෂිතයට රණවිරුවන් වෙනුවෙන් කෘත්‍රීම අත් සහ පාද සැකසීමේ ව්‍යාපෘතියක් යුද හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානක් වන රාගම රණවිරු සෙවණේ දී පසුගියදා ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිසියේ සහය ඇතිව ඊයේ (පෙබ 04) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 08 ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 76 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවෙන් යාපනය ශික්ෂණ රෝහලට ලේ පරිත්‍යාගයක්

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංචිත පවත්වාගෙන යාම සඳහා රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

74 වැනි නිදහස් දිනය අභිමානයෙන් සැමරේ

'සෞභාග්‍යමත් හෙටක් සහ අභියෝග ජයගත් සමෘද්ධිමත් මව්බිමක්' යන තේමාව යටතේ 74 වන නිදහස් දිනය අද (පෙබ 4) දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් ලෙස සමරනු ලැබීය



පසුගිය පුවත් | පසුගිය පුවත්

රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා රුපියල් මිලියන 10ක් වටිනා
විද්‍යුත් ආරෝපිත යතුරුපැදි

එළඹෙන 74 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ ආබාධිත රණවිරුවන් පිරිසකට විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 50 ක් ප්‍රදානය කිරීම සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

74 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු

74 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නයිජීරියානු ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන නයිජීරියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඇන්තනි වික්ටර් කුජෝ අද (පෙබ 2) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිදහස් දින පෙරහුරු කටයුතු ආරක්‍ෂක ලේකම්ගේ අධීක්‍ෂණයට

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 2) උදෑසන නිදහස් චතුරශ්‍රයේදී ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු අධීක්‍ෂණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තුර්කි ආරක්‍ෂක උපදේශක මෙරට ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් කැන් ගොක්සෙන් ගොක්යා මෙරට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 2) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එන්නත් සතිය තුළ යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් බූස්ටර් මාත්‍රාව සපයයි

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ‘එන්නත් සතිය’ තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජංගම වෛද්‍ය කණ්ඩායම් විසින් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාදීමේ වැඩසටහන රට පුරා ආරම්භ කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තවත් ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු සඳහා සහන සැලසේ

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දැනට පුර්ණ ආබාධිත තත්වයේ පසුවන රණවිරුවෙකු සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් මෑතකදී සායනික ඇඳක් ප්‍රදානය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 5 ප්‍රහාරක බලඝණය වසර 31ක් සපුරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) අංක 5 ප්‍රහාරක බලඝණය අඟහරුවාදා (පෙබ 1) සිය 31 වන සංවත්සරය සමරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද නව යුද රථයක් එළිදකී

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඩීසල් බලයෙන් ක්‍රියාත්මක සිලින්ඩර හයක එන්ජින් ධාරිතාවයකින් යුතු, බිම් බෝම්බ-ප්‍රතිරෝධී, සැඟව සිට සිදුකරන පහරදීම්වලින් ආරක්ෂිත වාහනයක් නිෂ්පාදනය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

74 වන නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්

74 වැනි ජාතික නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි 04 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අද (31) දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා යුද හමුදා
සෙබළියන් ඇතුලත් කණ්ඩායමක්

ලෙබනනයේ  එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත යුද හමුදා පාබල හමුදා කණ්ඩායමේ  විසිර යාමේ පෙළපාලිය ඊයේ (ජනවාරි 30) දින පනාගොඩ පිහිටි පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගිත්වයෙන් සිදු විය.