පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

මිලියන 31ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ දී ගංජා කිලෝ 103 ග්‍රෑම් 750 ක් සහිත ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ (15) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 13 වන දින සිට දින තුනක් පුරා කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී පැවැත්වු අතර, ඊයේ දින (ජූලි 15) එම රැස්වීම සාර්ථකව අවසන් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා රෝහලට රුධිර කාන්දු පෙරණ ඒකකයක්

වැලිසර නාවික මහ රෝහල තුල අභිනවයෙන් ඉදිකළ රුධිර කාන්දු පෙරණ ඒකකය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ඊයේ (ජුලි 15) දින සිදුකෙ‍රිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරට එන්නත්කරණ වැඩසටහන WHO නියෝජිතවරියගේ පැසසුමට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය වන වෛද්‍ය අලකා සිං මහත්මිය විහාර මහා දේවි උද්‍යානයේ යුද හමුදාව විසින් සිදුකරන ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට ඊයේ (ජූලි 15) පැමිණියා ය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා ජූලි 17 වන දින සිට පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දීඝවාපියේ ශ්‍රී විභූතිය වසර දෙකහමාරකින්

පසුගියදා මන්නාරම් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය නැගූ පැනයකට සිය අදහස් ඉදිරිපත් කරමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ඊට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට නියෝග ලබා දී ඇති බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණය ඇරඹේ

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ නව ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් අද (ජූලි 15) දින සිට විවෘත කර තිබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව ගංජා හේනක් වටලයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් භටපිරිස් කුඩාඔය පොලිසිය සමඟ එක්ව පසුගියදා කුඩාඔය, කොටියාකඳුර ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වටලන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා සහයෙන් තවත් පවුල් දෙකක නිවාස සිහිනය සැබෑ වේ

ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චියට අයත් භටපිරිස් විසින් දිළිදු පවුල් දෙකක් සඳහා නිවාස දෙකක් ඉදි කර භාර දීම පසුගියදා සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අභිනවයෙන් පත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජූලි 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීතිවිරෝධී මෝර දඩයමක් නීතියේ රැහැනට

නීතිවිරෝධී ලෙස ලබාගන්නා ලද මෝර කොටස් කිලෝ 27 ක පමණ ප්‍රමාණයක් සහිත බහුදින ධීවර යාත්‍රාවක් සමග ධීවරයින් 5 දෙනෙක් යාපනය මයිලඩි ධීවර වරායේදී වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෑතකදී අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බස්නාහිර පළාත් ගුරුවරුන් එන්නත්කරණයට

යුද හමුදා වෛද්‍ය බලකාය විසින් අධ්‍යාපන අංශයේ කාර්ය මණ්ඩලයට එන්නත ලබා දීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් බස්නාහිර පළාතේ ගුරුවරුන්ටද කොළඹ යුද හමුදා රෝහලේදී එන්නත ලබා දීම ඊයේ (ජූලි 12) ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 103 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් අද (ජූලි 12) දින නාවික හමුදා භාරයට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා මෙහෙයුම්

බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් පසුගිය දා ක්‍රියාත්මක කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කහ කිලෝ 2360ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 11) මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ දී මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව ගංජා හේනක් වටලයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මොණරාගල කැබිලිත්ත ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එම වගාව විනාශ කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හා ධීවර ප්‍රජාවන් සැලකිලිමත් වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  මීට මද  වේලාවකට පෙර සමුද්‍ර කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කියා සිටියේ මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බැවින් නාවික සහ ධීවර ප්‍රජාව මේ පිළිබඳ  අවධානයෙන් කටයුතු කරන ලෙසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව විසින් පොල් පැල 700 කට අධික ප්‍රමාණයක් යාපනයේ වගා කෙරේ

ශ්‍රී ලංකා යුද  හමුදාවේ  යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඊයේ (ජූලි 10) දින යාපනය අර්ධද්වීපයේ ආගමික හා රාජ්‍ය ස්ථානවල, යුද හමුදා කඳවුරු තුළ, නිසරු හා පෞද්ගලික ඉඩම්වල පොල් පැළ 700 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිලියන 4ක් වටිනා කහ තොගයක් යුද හමුදා භාරයට

මන්නාරම වෙරළතීරයේ පෙරියකඩේ ප්‍රදේශයෙන් මිලියන 4ක් පමණ වටිනාකමින් යුත් කහ කිලෝග්‍රෑම් 672ක් සොයාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණයට මුහුණ දීමට නාවික හමුදාව සීරුවෙන්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්හිදී ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක සහන කණ්ඩායම් 08 ක් යොදවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සඳහිරු සෑ කෞතුකාගාරය සඳහා මුල්ගල තැබේ

අනුරාධපුර සඳහිරුසෑයට යාබදව ඉදිකිරීමට යෝජිත කෞතුකාගාරය සඳහා මුල්ගල තැබීම, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් අද (ජූලි 10) දින සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් අද දින (ජූලි 10) සඳහන් කලේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ක්‍රිෂ්ණපුරම්හි දිළිඳු පවුලක් සඳහා නව නිවසක්

කිලිනොච්චිය ආරක්ෂක සේනාවට අයත් යුද හමුදා භට පිරිස්ගේ මූල්‍ය, ශ්‍රම හා තාක්ෂණික සහායෙන් කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් හි දිළිඳු පවුලක් වෙත නව නිවසක් ඉදිකර ඔවුන් වෙත භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාව ආගමික ස්ථාන පිරිසිදු කරයි

යාපනය අර්ධද්වීපය ඩෙංගු මදුරුවන්ගෙන් තොර ප්‍රදේශයක් කිරීමේ අරමුණින් යුද හමුදා භට පිරිස් විසින් ආගමික ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන මාලාවක් පසුගියදා සිදු කරන ලදී.