පසුගිය පුවත්
එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා රන් සම්මාන දිනේෂ්ට සහ දුලාන්ට
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල සහයෝගිතාවෙන් පැවැති එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ වසරේ සබුද්ධි ක්‍රීඩා රන් සම්මානයෙන් පැරාඔලිම්පික් රන්පදක්කම්ලාභී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලලත් නිලධාරී 1 දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම්ලාභී කෝප්‍රල් සමිත දුලාන් පිදුම් ලැබීය.
යුද හමුදා භට පිරිස් ආරියන්කුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි
ඛාදනයට ලක් වූ නොච්චිකුලම ආරියන්කුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කොට ශක්තිමත් කිරීම යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා සිදුකරන ලදි.
පානම සහ පොතුවිල් පවුල් දෙකක් වෙත යුද හමුදාවෙන් නව නිවාස
පානම සහ පොතුවිල් ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නව නිවාස දෙකක් ඉදිකර ඔවුන් වෙත භාරදීම පසුගියදා සිදුකරන ලදි.
සන්නද්ධ හමුදාවන් වෙත උසස් තත්වයේ මුහුණු ආවරණ
සම්පුර්ණයෙන්ම කපු භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද මුහුණු ආවරණ තොගයක්, ‘Esquel Sri Lanka Limited‘ වෙතින් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී ප්‍රදානය කරන ලදී.
උතුරේ රෝහල් සඳහා නාවික හමුදාවෙන් ලේ දන්දීමක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා (දෙසැම්බර් 01) යාපනය අර්ධද්වීපයේ ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කළ කාබනික පොහොර ලක් පොහොර සමාගමට භාර දෙයි
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව "නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය.
ගුවන් හමුදාවේ “ගුවන් මිතුදම්” ව්‍යාපෘතිය හරහා පාසල්වලට සහාය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොත්මලේ පූඩළු ඔය, සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ සහ වවුනියාව, සින්නතම්පනේ ශ්‍රී ක්‍රිෂ්ණා විද්‍යාලයේ නවීකරණය කරන ලද යටිතල පහසුකම් කිහිපයක් පසුගියදා සිසු අයිතියට පත් කරන ලදි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සමාජිකයින්ට යුද හමුදාවෙන් නිවාස
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවනෝපාය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂීය මෙහෙවරක් ලෙස යාපනය අර්ධද්වීපයේ අල්වායි සහ තුම්පාලෙයි හි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් දෙදෙනෙකුට නිවාස දෙකක් ඉදිකිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මුල්ගල් තැබූ බව යුද හමුදාව පවසයි.
මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා නාවික හමුදාවට උපකරණ ප්‍රදානයක්
යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙය ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින් විසින් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන පරිලෝකන යන්ත්‍ර හතරක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඊයේ (නොවැම්බර් 30) භාර දෙන ලදී.
නැගෙනහිර පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නව සාමාජිකයින් තිදෙනෙකු පත් කෙරේ
නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නව සාමාජිකයින් තිදෙනෙකු ඊයේ (2021 නොවැම්බර් 29) දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත් කර ඇත.
මුලතිව්හි හානියට පත් වැව් බැම්මක් සෙබළුන් පිළිසකර කරයි
මුලතිව් සෙම්මමොද්දායි වැව කැඩී යාමේ අවධානම උතුරේ යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් පසුගියදා වළක්වන ලදි.
ගුවන් හමුදා සෙවිම් සහ මුදා ගැනීමේ පාඨමාලාව සඳහා විදේශික පුහුණුවන්නන්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වනු ලබන සෙවීම් සහ මුදාගැනීමේ පාඨමාලා සඳහා විදේශීය පුහුණුවන්නන් කිහිප දෙනෙකුද විය.
නාවික හමුදාව හම්බන්තොට පාසල් දෙකක යටිතල පහසුකම් වැඩි දියුණු කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන පාසල් සංවර්ධන ව්‍යාපෘතීන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිය 70 වැනි සංවත්සරයට සමගාමීව හුංගම, ඇත්බටුව කනිෂ්ඨ විද්‍යාලයේ සහ සූරියවැව, වීරියගම මහා විද්‍යාලයේ වැඩිදියුණු කළ යටිතල පහසුකම් එම විදුහල්වල සිසුන් වෙත ඊයේ (29) දින පවරා දෙන ලදී.
යාපනයේ දිළිඳු පවුල් දෙකකට යුද හමුදාවෙන් නිවාස දෙකක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවාස දෙකක් යාපනයේ කරෙයිනගර් සහ පුත්තූර් ප්‍රදේශවල දිළිඳු පවුල් දෙකක් සඳහා පසුගියදා වෙන්ව පැවති උත්සවවලදී ලබා දෙන ලදි.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ‘Rigid Hulled Inflatable’ වර්ගයේ බෝට්ටුවක පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන වෙතින් ‘Rigid Hulled Inflatable’ වර්ගයේ බෝට්ටුවක් මිරිස්ස වෙරළාරක්ෂක මූලස්ථානයේ උසස් පුහුණු මධ්‍යස්ථානයේ දී පසුගියදා (26) පැවති උත්සවයකදී පරිත්‍යාගයක් ලෙස ලැබිණ.
යුද හමුදාව තවත් කාබනික පොහොර කිලෝ 91,000ක් නිපදවයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ 91,000 ක තොගයක් සීමාසහිත ලංකා පොහොර සමාගම වෙත භාරදීම පසුගියදා ත්‍රිකුණාමලයේ 22 වන සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී සිදුවිය.
අන්තර්ජාතික පුහුණු සැසිය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේදී නිමාවට පත්වේ
වෙරළාරක්‍ෂකයින් සඳහා පැවති ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම්’ පිළිබඳ පුහුණු පාඨමාලව සහ ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් උපදේශක’ පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගියදා පැවැත්විණි.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සබැඳි සම්බන්ධීකරණ රැස්වීමක් පවත්වයි
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සහ බංගලාදේශයේ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම අරමුණු කරගත් සම්බන්ධීකරණ රැස්වීමක් සඳහා මිරිස්ස ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණෙන ලදි.
57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021, උත්කර්ෂවත් අයුරින් නිමාවේ
නුදුරු අනාගතයේදී තවත් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට බලාපොරොත්තු දල්වමින් අද (26) සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ‘57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021’ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කොළඹ වාහන ගමනාගමනය නිරීක්‍ෂණය සඳහා පොලිසියට ගුවන් හමුදා සහය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 25) දින කොළඹ ප්‍රදේශයේ වාහන ගමනාගමනය නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.
ගුවන් හමුදා භටපිරිස් වෙතින් අනුරාධපුර ශික්ෂණ රෝහල සඳහා ලේ දන්දීමක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර සංචිතයට අවශ්‍ය රුධිරය ලබාදීම සඳහා, ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා පවත්වනු ලැබූ අතර, ගුවන් හමුදා සහ සිවිල් නිලධාරීන් 400කට ආසන්න පිරිසක් ඒ සඳහා දායක වන ලදී.
කුරින්ඥන්කර්නි පාලම අසල නාවික හමුදාවෙන් ආරක්‍ෂිත මගී සේවාවක්
කුරින්ඥන්කර්නි පාලම අසල කලපු ප්‍රදේශයේ මගීන් සඳහා ආරක්‍ෂිත ප්‍රවාහන ක්‍රමවේදයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (25) දින සිට ආරම්භ කරන ලදි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරනවා
එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.
දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්‍ෂක උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂාව සදහා ප්‍රදානය කෙරේ
පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂක කටයුතු තහවුරු කිරීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්‍ෂක උපකරණ තොගයක් භාර දීම අද (25) පාර්ලිමේන්තුවේදී සිදු විය.