පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

මිලාන් - 2024 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා
ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ දිවයිනෙන් පිටත්වෙයි

ඉන්දීයානු නාවික හමුදාව විසින් 12 වන වරට සංවිධානය කරනු ලබන මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 19 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව අද දින (2024 පෙබරවාරි 16) ත්‍රීකුණාමල වරායෙන් දිවයිනෙන් පිටත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී
මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් මව්බිමට දිනාදීමට
නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි

2024 පෙබරවාරි මස 08 වන දින සිට 15 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය - 2024 තරඟාවලියේදී, මිටර් 400 පිරිමි ධාවන ඉසව්වේ T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් එම තරඟයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘අප අනාගතය ගැන සාකච්ඡා වලට පමණක් සීමා නොවී අපගේ සන්නද්ධ හමුදාවන්ගේ
ප්‍රබල හැකියාවන් සමඟ අනාගතය හැඩගස්වා ගනිමු.’ - ආරක්‍ෂක ලේකම්

‘වර්තමානය වන විට, සිවිල්, යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික, විදුලි සංදේශ, නාවික, ගුවන්යානා සහ ගගන ඉංජිනේරු මෙන්ම තවත් බොහෝ ක්ෂේත්‍රයන්හි පුළුල් පරාසයක් ඔස්සේ විහිදෙන, 1800 කට අධික ත්‍රිවිධ හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ ශක්තිය සමඟ අපි ආඩම්බරයෙන් නැගී සිටින්නෙමු. තරුණ හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ අභිලාෂයන් ඉහළ නැංවීම අපගේ මූලික අරමුණ වන අතර, සමාජයේ අනෙකුත් ක්ෂේත්‍ර තුළද පිළිගැනීමට ලක් වන පරිදි වරලත් ඉංජිනේරුවරුන් ලෙස සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන සහයෝගය සහ සම්පත් ලබා දීමෙන් ඔවුන් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉහළ තලයකට ගෙන ඒම අපගේ පරමාර්ථයයි.’


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන්
නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 16) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක 2024 පෙබරවාරි මස 12 වන දින ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය හේතුවෙන් දීපව්‍යාප්ත රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට යුද්ධ හමුදාවේ දායකත්වය

දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාළ වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 2024 පෙබරවාරි මස 13 දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

'යුග යුග' කෘතිය එළිදක්වයි

යුධ හමුදා පොලිස් හේවා බළකායේ කර්නල් දිලිප සේරසිංහ විසින් රචිත “යුග යුග” ග්‍රන්ථය ඊයේ (පෙබ. 09) වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සංචාරයක

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (පෙබ 8) ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයින් ආරක්‍ෂක ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මාලදිවයින් ආරක්‍ෂක ප්‍රධානී ලුතිනන් ජෙනරල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් අද (පෙබ 8) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම අඟහරුවාදා (පෙබරවාරි මස 06) දින උදෑසන මෙරටින් පිටත්ව යනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය මගින් ජාතික ආරක්ෂාව පිළිබද කථිකාව පවත්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත සහ ක්‍රියාත්මක කෙරෙන ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයනායතනය වන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය, “මැදපෙරදිග වෙනස්වන කලාපීය ගතිකත්වය: රතු මුහුදේ ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් ශ්‍රී ලංකාවට ඇඟවුම්” යන මැයෙන් ආරක්‍ෂක කථිකාවතක් සංවිධානය කරන ලදි. 2024 පෙබරවාරි 07 (බදාදා) උදෑසන 1000 සිට 1200 දක්වා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් හරින්ද්‍ර පීරිස්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (පෙබ. 07) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා යොදවා සිටි
9 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම රාජකාරී නිමාවෙන් පසුව දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක වන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 9 වන කණ්ඩායම සඳුදා (පෙබරවාරි මස 05) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු සේවා අධිකාරියේ නව සභාපති රාජකාරී අරඹයි

රණවිරු සේවා අධිකාරියේ 10 වන සභාපති ලෙස පත් කරනු ලැබූ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ (විශ්‍රාමික), 2024 පෙබරවාරි මස 2 දින කොළඹ පිහිටි සිය කාර්යාලයේදී නිල වශයෙන් එම ධුරයේ රාජකාරි අරඹන ලදි. අනතුරුව සභාපතිවරයා විසින් සියලු නිලධාරීන් අමතා විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ආරක්‍ෂක කළමනාකරණ විද්‍යාලයේ නියෝජිත පිරිසක්
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොමදෝරු සුනිල් කුමාර් ප්‍රමුඛ ඉන්දීය ආරක්‍ෂක කළමනාකරණ විද්‍යාලයේ (College of Defence Management) නියෝජිත පිරිසක් අද (පෙබ 05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

76 වන ජාතික නිදහස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අභිමානවත්ව

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

76 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු

76 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා
කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලාංකික ශිෂ්‍යභට බාලක බාලිකාවන් පිරිසක් ඉන්දියානු ජනරජ
දින උළෙල සඳහා සහභාගි වෙයි

පසුගිය ජනවාරි 26 දා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවැති ඉන්දියානු ජනරජ දින උළෙල සඳහා ඉන්දියානු ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලැබුණු ආරාධනයකට අනුව ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා ඇතුළු ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් තිදෙනකු හා ශිෂ්‍යභට බාලක බාලිකාවන් දොළොස් දෙනෙකු සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍ය නිවේදනය

2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රියව දායකත්වය ලබාදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව වෛද්‍ය හේතූන්මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ වයස අවුරුදු 55 එළඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී, අදාල හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වා ඔවුන්ගේ යැපෙන්නන් වෙත වැටුප් හා දීමනා හිමිගැන්වීම සඳහා අංක අමප/23/2527/603/061 හා 2024.01.24 දිනැතිව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

76 වන නිදහස් දින උත්සවයේ සූදානම ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්‍ෂණයට

එළඹෙන 76 වන නිදහස් දින සැමරුම් උත්සවයේ ආචාර පෙළපාලිය හා අනෙකුත් කටයුතු වල සූදානම අද (පෙබ. 02) ගාලු මුවදොර දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් නිරීක්‍ෂණය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත ස්වයංක්‍රීය මූලික අවි පුහුණු සිමියුලේටරයක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් පසුගියදා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට පූර්ණ ස්වයංක්‍රීය අවි පුහුණු සිමියුලේටරයක් නිල වශයෙන් භාර දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය පාකිස්ථාන නාවික නෞකාවේ සංචාරයක

නිල සංචාරයක් සඳහා පසුගිය අඟහරුවාදා (ජන 30) ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන නාවික නෞකා PNS Saif වෙත පැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා බදාදා (ජන 31) දින එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය හේතුවෙන් දීපව්‍යාප්ත රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට යුද්ධ හමුදාවේ දායකත්වය

දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මජනතාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (පෙබරවාරි මස 1) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

76 වන නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්

‘76 වැනි නිදහස් දින සැමරුම අපේ වටිනාකම් සහ සිරිත් විරිත් ලෝකය සමඟ බෙදා ගැනීමට අවස්ථාවක්’. 2024 පෙබරවාරි 04 වැනි දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොරදී පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා අද (ජනවාරි 31) පැවති මාධ්‍ය සාකච්ඡාවේදි ප්‍රකාශ කළේය.