පසුගිය පුවත්
මඩකලපුව රෝහලේ රුධිර සංචිතය ප්‍රතිපූර්ණයට යුද හමුදා භටපිරිස් දායක වෙයි
මඩකලපුව ශික්ෂණ රෝහලට අවශ්‍ය රුධිර සංචිතය ප්‍රතිපූර්ණය සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් නැගෙනහිර ආරක්‍ෂක සේනාවට අයත් යුද හමුදා සාමාජිකයින් විසින් පවත්වන ලදී.
සයවන වරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 'බීජ බෝම්බ' හෙළයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටරයක් යොදාගනිමින් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තේගම කැබිලිත්ත රජයේ රක්ෂිතයට බීජ බෝම්බ 65,000ක් පමණ ප්‍රමාණයක් අඟහරුවාදා (නොවැ 23) හෙළන ලදි.
රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ශ්‍රී ලංකාවෙන් පිටත් වේ
පසුගිය සඳුදා දින ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් අද (නොවැ 24) දිවයිනෙන් පිටත්ව ගියේය.
බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන නිරීක්‍ෂණයට රුසියානු හමුදා නියෝජිත පිරිසක් දිවයිනට
රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවෙහි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි ප්‍රමුඛ සිව් දෙනෙකුගෙන් යුත් රුසියානු හමුදා නියෝජිතයින් පිරිසක් සිව් දින සංචාරයක් සඳහා ඊයේ (23) දින දිවයිනට පැමිණෙන ලදි.
කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන්වූවන් සොයා නාවික හමුදා මෙහෙයුමක්
කින්නියා ප්‍රදේශයේදී අද (නොවැම්බර්23) දින උදෑසන සිදුවූ පාලම් පාරුවක් අනතුරකට ලක්වීමෙන් අතුරුදන් වූවන් සෙවීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර ඇත.
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් ජනපති හමුවෙයි
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.
රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ශ්‍රී ලංකාවට පැමිණෙයි
රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් සඳුදා (නොවැම්බර් 22) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
ලෝක ආරක්ෂක විද්‍යායතය අතරට එක්වුණු ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යායතනය
ලෝකයේ ආරක්ෂක හමුදාවන් මේවනවිට යුදමය කාර්යයන්වලට පමණක් සීමා වී නැත. ඔවුන් තම ප්‍රාථමික රාජකාරි ඉටු කරමින් සිටියදීම තම ප්‍රථමික රාජකාරිවලට අමතරව විවිධ වූ රාජකාරීන් ඉටුකරති. ඔවුන් ඒ රාජකාරීන් සඳහා යොමුකරවන්නේ අදාළ කටයුතු සම්බන්ධයෙන් ශික්ෂණයක් සහ පුහුණුවක් ලබා දීමෙන් අනතුරුවයි. ලොව ප්‍රබලතම යුද ශක්තීන් ඇති රටවල මේ වෙනුවෙන්ම වූ ආරක්ෂක විද්‍යායතන බිහිකර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ නම් එක්සත් ජනපද හමුදා විද්‍යාපීඨය, එක්සත් රාජධානියේ නම් එක්සත් රාජධානි හමුදා විද්‍යාපීඨය, වීනයේ ආරක්ෂක ආධ්‍යාපනය සඳහා වූ අන්තර්ජාතික විද්‍යායතනය, ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය, පකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨය, බංගලාදේශ යුද්ධ හමුදා විද්‍යාපීඨය හමුදා නිලධාරීන් වෙත උසස් අධ්‍යාපනය ලබාදෙන ලොව ප්‍රචලිත ආරක්ෂක අධ්‍යයන ආයතන වේ.
ආරක්‍ෂක ලේකම් බංගලාදේශ 50 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සහභාගි වේ
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (නොවැම්බර් 21) දින සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති බංගලාදේශ 50 වැනි සන්නද්ධ හමුදා දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.
බිම් බෝම්බ වලින් තොර දේශයක් වෙනුවෙන් යුද්ධ හමුදා දායකත්වය
තිස් වසරක යුද්ධයක් මානුෂීය මෙහෙයුමකින් අවසන් කර මේවන විට වසර දොළහක් ගතවී අවසන්ය. නමුත් මේවන විටත් බිම් බෝම්බ සහ යුද්ධයේ පිපිරුම් ශේෂවලින් දූෂ්‍යකරණයට ලක්වීම නිසා අපේ ජනජීවිතයට විවිධ ආකාරවලින් බලපෑම් කරමින් සිටිති. එම බලපෑම මෙරට ආර්ථික සාමාජීය මෙන්ම සංස්කෘතික සංවර්ධනයට එල්ල කරන්නේ දැවැන්ත බලපෑමකි. ශ්‍රී ලංකාප ආරක්ෂක හමුදා සහ එල්ටීටීඊ සංවිධානයත් 1987 ජූලි මාසයේ සිට 1990 ජනවාරි දක්වා කාලය තුළ මෙරට රැඳී සිටි ඉන්දීය සාමසාධක බලකායද බිමිබෝම්බ බාවිත කළහ. නමුත් මේවා ඉවත් කිරීමේ කටයුතුවලට විශාල බාධකයක් වී තිබෙන්නේ එල්ටීටීඊ සංවිධානය විසින් කිසිදු සිතියම් ගතකිරීමකින් තොරව ජාත්‍යන්තර යුද නීතීන් පවා උල්ලංඝණය කරමින් සිදුකළ බිම්බෝම්බ ඇතිරීමයි.
රණවිරුවන්ට සෙත් පතා 'සඳහිරු ස්ථූප' පරිශ්‍රයේ දී දානමය පිංකමක්
සඳහිරු සෑයේ කොත් වහන්සේ නොවැම්බර් 18 වන දින නිරාවරණය කිරීමෙන් අනතුරුව ඊයේ (නොවැ 19) දින එහි දානමය පිංකමක් (සංඝගත දක්ෂිණාව) පැවැත්විණි..
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හි මන්නාරම වංකාලපාඩු මුහුදු ප්‍රදේශයේ සහ තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඔඩ්ඩුසුඩාන් පාසල් වෙත යුද හමුදාවෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන
සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල් පරිශ්‍ර තුනක ප්‍රතිඅසෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් පසුගියදා ස්ථාපිත කරන ලදී.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ 'සුරක්ෂා' යාත්‍රාව “DOSTI – XV” අභ්‍යාසය සඳහා කොළඹින් පිටත් වේ
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ 'සුරක්ෂා' යාත්‍රාව 15 වන‘DOSTI’ ත්‍රෛපාර්ශවික වෙරළාරක්‍ෂක ඒකාබද්ධ අභ්‍යාසයට සහභාගී වීම සඳහා මාලදිවයින බලා ඊයේ (නොවැම්බර් 18)දින පිටත් විය.
“සඳහිරු සෑ රදුන්” ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ …
අනුරාධපුර “සඳ හිරු සෑ රදුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
අඩු ආදායම්ලාභී මුලතිව් ධීවර පවුල්වල ජීවනෝපාය නඟාසිටුවීමට යුද හමුදා සහාය
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් පසුගියදා මුලතිව් පිලමන්තල්ලාරු වැවට මත්ස්‍යයින් 75,000ක් මුදා හැර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.
රුපියල් මිලියන 24ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තුන්දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 15) දින තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 24ක් වටිනා අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනපතිට
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
දකුණු සුඩානයේ ‘SRIMED’ 2 වන අදියරේ රෝහල් කාර්යය මණ්ඩලය වෙත පැසසුම්
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු, ශ්‍රී ලංකා 7 වන කණ්ඩායම විසින් කළමනාකරණය කරනු ලබන දකුණු සුඩානයේ ‘SRIMED’ 2 වන අදියරේ රෝහල පසුගියදා සිදු කරන ලද ඇගයීම් සමාලෝචනයකදී පැසසුමට ලක්ව ඇත. යුද හමුදා මාධ්‍යවලට අනුව, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ ක්ෂේත්‍ර මූලස්ථානයේ රෝහල් ඇගයීම් තක්සේරුව, එහි සමාලෝචනයේදී දකුණු සුඩානයේ බෝර්හි පිහිටි මෙම වෛද්‍ය පහසුකම් අගය කර ඇත.
යුද හමුදාව ඉහළපළුගස්වැව ප්‍රතිසංස්කරණය කරයි
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ගල්ගමුව ඉහළපළුගස්වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකර පසුගියදා නිල වශයෙන් බලධාරීන් වෙත භාර දෙන ලදී.
ආරක්ෂක ලේකම් රණවිරු අනුස්මරණ උත්සවය සදහා සහභාගී වේ
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (2021 නොවැම්බර් 14 ඉරිදා) දින කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවති සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් සහන සලසයි
දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාපතනයෙන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශවලින් පීඩාවට පත් වුවන් ඉවත් කිරීම, මුදාගැනීම් සහ සහන සේවා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ආරම්භ කර ඇති අතර, රටෙහි පවතින අයහපත් කාලගුණය තුළ ගංවතුරෙන් විපතට පත් ජනතාවට මානුෂීය ආධාර ලබාදෙමින් සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටියි.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලට පිළිකා ප්‍රතිකාර සඳහා HIPEC යන්ත්‍රයක්
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත රුපියල් මිලියන 17ක් වටිනා ‘Hyperthermic Intraperitoneal Chemotherapy (HIPEC) යන්ත්‍රයක් අද (නොවැම්බර් 08) දින පැවති උත්සවයකදී පරිත්‍යාගයක් ලෙස ලැබිණි
ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් රාජ්‍ය පරිපාලනය සඳහා නව නිපැයුම් මාලාවක්
ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන නව්‍ය නිෂ්පාදන පෙළක් ආරක්‍ෂක ලේකම් සහ ජාතික ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම යටතේ හමුදාවන්ට සහ අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත නොවැ 08 දින පිටිපන පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී භාර දෙන ලදි.