පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

මිලියන 52 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  කේරළ ගංජා කිලෝ 174  ග්‍රෑම් 50 ක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව, ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සමඟ අභ්‍යාසයක

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ පුහුණු නෞකා දෙකක් දින තුනක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණු නාවික අභ්‍යාසයක් සිදුකරන ලදි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

මුහුදේ පාවෙමින් තිබූ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

හලාවත මුක්කු තොඩුවාව වෙරළ ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබූ කිලෝ 23 ග්‍රෑම් 100ක් පමණ වන ගංජා තොගයක් නාවික හමුදාව විසින් අද (ජුනි 20) දින සොයා ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් යුද හමුදා මැදිහත්වීමෙන් නිවා දැමේ

බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ අඹදන්ඩේගම කඳුවැටියේ හටගත් ලැව් ගින්නක් නිවාදැමීමට යුද හමුදා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 112 බලසේනාවේ භට පිරිස් විසින් කටයුතු කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් ආබාධිත යුද හමුදා නිලධාරියෙකුට නව නිවසක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාවේ මූල්‍ය සහයෝගය ඇතිව මතුගම ප්‍රදේශයේ පදිංචි ආබාධිත රණවිරුවෙකු වෙත අලුතින් ඉදිකරන ලද නිවසක් මෑතකදී භාරදෙන දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව

අප මාතෘභූමියේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කළ අතර කලාපීය වශයෙන් අපේ රට ඉදිරියට ගෙනයෑම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. අද වන විට ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම දායක වනවා සේම රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් ද අනුපමේය මෙහෙවරක් ඉටුකරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එදා මෙදා තුර තම මාතෘභූමිය වෙනුවෙන් ඉටුකර තිබෙන කාර්යභාරය අතිමහත්ය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ආධාර රැසක්

සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ එහි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට පරිත්‍යාගශීලීන්ගෙන් පරිත්‍යාගය රැසක් ලැබුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත්

ජුනි 21 වන දින අලුයම 4 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන අතර අන්තර් පළාත් සංචරණ සීමාවන් ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතිබවද එහි සඳහන් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වසංගත බර කරට ගත් අපේ යුද හමුදා විරුවෝ

ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳ මේ වන විට ලෝකයේ ඕනෑම පුද්ගලයකු දන්නා තරම්ය. ඔවුන් විසින් සිදු කරනු ලබන මානුෂීය මෙහෙයුම් ඊට හේතු වී ඇත. හමුදාවක් ලෙස දෙන ඕනෑම අභියෝගයක් දක්ෂ ලෙස කළමනාකරණය කරමින් නොබියව ඉටු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව දක් වන සුවිශේෂ දක්ෂතාව ලොව වෙනත් කිසිදු හමුදාවකට නොහැකි තරම්ය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංචරණ සීමා ඉවත්කිරීම පිළිබඳ තීරණය

දැනට පනවා ඇති සංචරණ සීමා ජුනි 21 දින අලුයම 4.00 ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි

යුද හමුදාවේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 5 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ භට පිරිස් විසින්, කඳවුර හා අවට ඇති අපද්‍රව්‍ය හා කසළ යොදා ගනිමින් කාබනික පොහොර කිලෝග්‍රෑම් 60,000 ක් නිෂ්පාදනය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 39 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කයිට්ස්, කරම්පන් වෙරළ ප්‍රදේශයේදී කිලෝ 130 ග්‍රෑම් 760 ක් පමණ වන ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් ඊයේ (ජූනි 17) දින අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

චීන ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (ජූනි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීතිවිරෝධී වියළි කහ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, කොන්තම්පිඩ්ඩි සහ සිලාවතුර, අරිප්පු යන වෙරළබඩ ප්‍රදේශවලදී වියළි කහ කිලෝ 370 ග්‍රෑම් 600 ක් සහ බීඩි කොළ කිලෝ 294 ග්‍රෑම් 100 ක් ඊයේ (ජූනි 16) දින අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව නීති විරෝධි ගංජා වගාවක් වටලයි

ශ්‍රී ලංකා යුද හමුදා 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් තණමල්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් මෑතකදී වටලන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දෝව ප්‍රදේශයේ ඇතිවූ ලැව්ගින්න යුද හමුදා දායකත්වයෙන් මැඩපැවැත්වේ

බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ වැවේගොඩ කඳුවැටියේ මෑතකදී හදිසියේ ලැව් ගින්නක් හටගත් අතර වනජීවී නිලධාරීන් විසින් සිදුකල ඉල්ලීමකට අනුව යුද හමුදා 112 බලසේනාවේ භට පිරිස්වල සහයෝගයෙන් එම ලැව් ගින්න මැඩපවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයෝග්‍යව ඇති යුද හමුදා වාහන ප්‍රතිනවීකරණය කෙරේ

අලුත් වාහන ගෙන්වීම සඳහා වැයවන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරමින් අයෝග්‍ය තත්ත්වයේ තිබූ යුද හමුදාවට අයත් වාහන සමූහයක් ප්‍රතිනවීකරණය කර ඇති අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඊයේ (ජූනි 16) දින යුද හමුදා මූලස්ථානයේදී එම වාහන පරික්ෂා කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් සහ යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් සිරිල් රණතුංග (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවුකීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ජෙනරල් එස්. සිරිල් රණතුංග (විශ්‍රාමික) බදාදා (16) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 91 වන වියේ පසුවූයේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2022 දී බිම් බෝම්බවලින් නිදහස් රටක්

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්ත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය, 2022 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් නිදහස් රටක් බවට පත් කිරීමේ අපේක්‍ෂාවෙන් කාර්යක්‍ෂමව බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යභාරයේ යෙදී සිටියි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

2021 ජුනි 10 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය කනගාටුව පළ කරයි. ‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්’ යන මාතෘකාවෙන් යුත් මෙම යෝජනාවේ අඩංගු කරුණු සාවද්‍යතාවයන්ගෙන් යුක්ත වන අතර, ප්‍රතිසන්ධානය හා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති බහුවිධ ප්‍රගතිය පිළිබඳව සැලකිල්ලට නොගනී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව් ප්‍රජා ව්‍යාපෘති සඳහා යුද හමුදාවේ දායකත්වය

සමාජ සුභසාධන අරමුණු කරගත් වැඩසටහනක් දියත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුලතිව් හි තෝරාගත් අගහිඟකම් ඇති පවුලක් වෙත ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පළමු අදියරයේ නායයාම් අනතුරු ඇගවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (ජුනි 14) දින  නිවේදනයක් නිකුත් කරමින් දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයක් සඳහා පළමු අදියරයේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිලියන 71 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවේදී කේරල ගංජා කිලෝ 237 යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු අද (ජුනි14) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා ජීවිතාරක්ෂකයින් සඳහා වැඩමුළුවක්

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා ජීවිතාරක්ෂකයින් සඳහා ජෙට් ස්කී ක්‍රියාකරු පුහුණු වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි.