පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී .


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුතියන්කඩ්ඩු තඩියමලෙයි මාර්ගයෙ යුද හමුදාව පිළිසකර කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුලතිව් හි  තඩියමලෙයි සිට මුතියන්කඩ්ඩු  දක්වා  මාර්ගය  ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා ආරම්භ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කුණ්ඩසාලේට රෝගීන් 1000ක් සඳහා අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ රාජ්‍ය ආයතනවල සහය ඇතිව කුණ්ඩසාලේ මහමෙව්නා බෞද්ධ මධ්‍යස්ථානය කොවිඩ් 19 රෝගීන් සඳහා වන අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන1758 ක් වටිනා හෙරොයින් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දිනක වැලිගම පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්රෑම් 219.8 සමග සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාවෙන් දිළිඳු ජනතාව වෙත වියලි ආහාර ද්‍රව්‍ය සහ එළවළු

මුලතිව් ආරක්ෂක සේනාවට අයත් 59 සේනාංකයේ යුද හමුදා  භටපිරිස් විසින් අලම්පිල්, කල්ලපාඩු, සෙල්වපුරම්, වන්නිකුලම්, මුල්ලියාවෙලි සහ වඩ්ඩුවාකල් යන ප්‍රදේශ වල දිළිඳු පවුල් සඳහා එළවළු මලු බෙදා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලකඹර රැකුමට සැදි තවත් ගුවන් යානා තුනක් ආරක්ෂක ලේකම් විසින් පිළිගැනේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් 'ඇන්ටනොව් 32 (AN 32)' වර්ගයේ ගුවන් යානා තුනක් අලුත්වැඩියා කිරීමෙන් පසු ඊයේ (ජුනි 11) සවස මෙරටට පැමිණෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

භාවිතයෙන් ඉවත් කල බස්රථ නවතන දිය යට නිවහන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ඊයේ (ජුනි 11) දින දියත් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි 21(සදුදා) අලුයම  4.00 දක්වා තව දුරටත් දීර්ඝ කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් සහයෝගය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට

පසුගියදා  x press pearl වෙළඳ නෞකාවේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් ක්‍ෂණික ප්‍රතිචාරය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා වෙත අද දින (11) ආරක්‍ෂක අමාත්‍යංශයේදි  ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සිය ප්‍රශංසාව පල කලේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු සුඩානයේ ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ සේවය පැසසුමට

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දකුණු සුඩානයේ බෝර් නගරයේ ස්ථාපිත කර ඇති දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකික හත්වන වෛද්‍ය කණ්ඩායමේ දැඩි කැපවීම, ප්‍රශස්ත දැනුම, පළපුරුද්ද, කළමනාකරණය සහ කුසලතාව පිළිබඳ  විශේෂ ඇගයීමට ලක් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකාවන්ගේ සේවය නාවික හමුදාපතිගේ පැසසුමට

මෑතකදී MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ  “සමුද්‍ර ප්‍රහාරී”, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ යන නෞකා මගින් සිදු කල සේවය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඇගයීමට ලක් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරේ

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් ජුනි 3 සිට 6 දක්වා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කර ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද අද ( ජූනි 10)දින පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංචරණ සීමා දීර්ඝ කිරීමට තවමත් තීරණය කර නොමැත

දිවයින පුරා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා, ජුනි මස 14 (සදුදා) දිනෙන් පසුවද දීර්ඝ කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අද (ජූනි 10 ) දින ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දකුණු සුඩානයේ තුවාලකරුවන් ගුවනින් ප්‍රවාහනයට ශ්‍රි ලාංකික වෛද්‍ය කණ්ඩායම්

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහල් රාජකාරි කරනු ලබන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම විසින් අවදානම් තත්වයේ සිටි රෝගීන් ගුවනින් බෝර් සිට ජූබා සහ එන්ටැබ් දක්වා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාන්විතයන් මෑතකදී සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නව සභාපතිනිය වැඩභාර ගනී

වෛද්‍ය ප්‍රියංගනී අමරබන්දු මහත්මිය ජාතික අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා විසින් 2021 මැයි මස 7 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

විශ්‍රාම වැටුප් ලබා ගැනීමටජුනි 10 සහ 11 යන දිනවල ප්‍රවාහන පහසුකම්

ජුනි 10 සහ 11 යන දෙදින තුළ විශ්‍රාමිකයින්ට ළඟම ඇති බැංකුවෙන් විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් දිවයින පුරා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බීඩි කොළ සහ කහ සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට

බීඩි කොළකිලෝග්‍රෑම් 514 ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 70ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු ඊයේ (ජුනි 08) දින මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ නාවික හමුදා භාරයට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ධීවර ප්‍රජාව සඳහා යුද හමුදාවෙන් පානීය ජලය

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මඩකලපුව, පුන්නකුඩා ප්‍රදේශයේ ධීවර පවුල් 200 කට  සහ විහාරස්ථානයේ භාවිතයට පානීය ජලය ලබාගැනීම සඳහා ලීටර 1000 ක ජල ටැංකියක් ස්ථාපිත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුහුදේදී රෝගාතුරු වූ ධීවරයෙක් නාවික හමුදාව ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූනි 7) දින බහු දින ධීවර යාත්‍රාවකදි හදිසියේ රෝගාතුරව අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් අවශ්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගම්පහ වැරල්ලවත්තට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගම්පහ වැරල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද ඇදන් 650 ක් සහිත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඊයේ ( ජූනි 7 ) දින විවෘත කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසියේ ගොඩ බැස්සූ ගුවන් හමුදා යානය ආරක්ෂිතයි

පුහුණුවීමක් අතරතුරදී කාර්මික දෝෂයකට ලක්වූ ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානයක් ( සෙස්නා 150 ) හදිසියේ ත්‍රිකුණාමලය, ඉරක්කණ්ඩි ප්‍රදේශයට ගොඩ බස්සවන ලදී.