පසුගිය පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රක්ෂිතයට ඉහළින් “බීජ බෝම්බ” හෙළයි
සියඹලාණ්ඩුව වත්තේගම කැබිලිත්ත රජයේ වන රක්ෂිතය වෙත මෙම සතිය තුළ බීජ බෝම්බ තොගයක් හෙළනු ලැබීය
ග්‍රාමීය පාසල් වල පහසුකම් වැඩි දියුණු කිරීමට නාවික හමුදාව සහාය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව කළුතර අගලවත්තේ පිහිටි කෙලින්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යපෘතිය යටතේ සංවර්ධනය කරන ලදී.
කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගුවන් හමුදාව වෛද්‍ය උපකරණ ලබා දෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රජයේ රෝහල් වල භාවිතා කිරීම සඳහා තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් පසුගියදා සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දී ඇතැයි ගුවන් හමුදාව පවසයි.
ඉන්දීය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා තරඟවලට සහභාගී වෙති
ඉන්දියානු යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් අතර ක්‍රීඩා කෞෂල්‍යයන්, ද්වීපාර්ශ්විය සබඳතා සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ‘Army to Army Sports Exchange’ (යුද්ධ හමුදා ක්‍රීඩා හුවමාරු වැඩසටහන) යටතේ ඉන්දියානු යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් 61 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එළඹෙන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය. එසේ මෙරටට පැමිණෙන ඉන්දියානු යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහෝදර ක්‍රීඩකයින් සමඟ හොකී, පැසිපන්දු, වොලිබෝල් සහ ක්‍රිකට් යන ක්‍රීඩා ඉසව් ඔස්සේ තරඟාවලියන්ට සහභාගී වෙති.
යාපනය ශික්ෂණ රෝහල සඳහා යුද හමුදාවෙන් ලේ දන්දීමක්
යාපනය ශික්ෂණ රෝහලේ රුධිර සංචිතයට අවශ්‍ය රුධිරය ලබාදීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා අයියකච්චිහි ස්ථාපිත 552 වන බලසේනා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2022 සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ දිනයන්
2022 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ දිනයන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.
නාවික හමුදාව යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැළ රෝපණය කරයි
යාපනය අර්ධද්වීපයේ කලපු ආශ්‍රිතව කඩොලාන සංරක්‍ෂණය සහ වෙරළ ඛාදනය වැළැක්වීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා කිලාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කරන ලදී.
නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1064 ක් සමඟ සැකකරුවකු නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 04) නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1064 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා සහ ඉන්දියානු යුද හමුදා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයෙහි නිරත වේ
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අඛණ්ඩව 8 වන වරටත් පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඔක්තෝම්බර් මස 03 සිට 17 දක්වා පැවැත්වෙන අතර එයට සහභාගී වීම සඳහා ඉන්දීය හමුදා භටයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය දා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියහ.
සඳහිරු සෑයේ කොත්වහන්සේ වැඳපුදා ගැනීමට දැන් අවස්ථාව
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 05) දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත වැඩමකිරීමට නියමිතයි.
රාජ්‍ය බුද්ධි සේවාව සිය 80 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ පැරණිතම බුද්ධි සේවාව වන රාජ්‍ය බුද්ධි සේවාව 2021 ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදුනු සිය 80 වන සංවත්සරය ආරක්‍ෂක, ජාතික ආරක්‍ෂක හා ආපදා කළමණාකරන අමාත්‍යාංශයන්හි ගරු ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව චාම් හා අභිමානවත් ලෙස පැවැත්වීය. මෙම උත්සවයට පෙරදින පස්වරුවේ රාජ්‍ය බුද්ධි සේවා මුලස්ථානයේ පිහිටි විරු ස්මාරකය ඉදිරිපිටදී රටදැය වෙනුවෙන් දිවිපිදු බුද්ධි සේවා විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු සර්ව ආගමික වතාවත් සිදුකරමින් මියගිය විරුවන් සිහිකරමින් පිං පැමිණවීම හා එම ආයතනයට, නිලධරයින්ට හා රටට සෙත් පැතීම සිදු කරන ලදී.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පාකිස්ථාන විශ්වවිද්‍යාලයක් සමඟ සහයෝගිතාවයකට
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පාකිස්ථානයේ ‘COMSATS’ විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ලේඛනයක් පසුගියදා අත්සන් කරන ලදී.
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා කොළඹට පැමිණේ
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ඩිස්ට්‍රෝයර් නෞකා තුනක් අද (ඔක්තෝබර් 02) දින දිවයිනට පැමිණ තිබේ. ‘KAGA’, ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන මෙම නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය පවසයි.
දකුණු සුඩානයේ ශ්‍රී ලංකා සාමසාධක භට කණ්ඩායමට පදක්කම් පිරිනැමේ
දකුණු සුඩානයෙහි එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීහි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සඳහා පදක්කම් පිරිනැමීම පසුගියදා දකුණු සුඩාන රෝහල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.
නාවික හමුදාවේ ‘ජයසාගර’ නෞකාව නාවික හමුදා සේවය අවසන් කරයි
නාවික හමුදාවේ ‘ජයසාගර’ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීම, පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 30) දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්විණි.
සන්නාහ සන්නද්ධ බලකා භටපිරිස් 12 වසරකට පසු වෙඩි තැබීමේ පුහුණුවකට එක්වෙයි
වසර 12 කටත් අධික කාලයකට පසුව සන්නාහ සන්නද්ධ රථ යොදාගෙන වෙඩි තැබීමේ පුහුණුවක් සැප්තැම්බර් මස 21 සහ 22 දෙදින පුරා කල්පිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්ෂේත්‍ර වෙඩි පිටියේදී පැවැත්විණි.
රණවිරු දරු දැරියන් 17000 කට රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව
ජාතියේ නිදහස උදෙසා කැපවුනු සමාජයේ අවධානයට ලක්විය යුතු අපේම දරු දැරියන් කොටසක් තම දෙමව්පියන් අහිමි ව ඔවුන්ගේ විඩාබර කඳුළු මැද ගෙවූ ජීවිත කතාවක් යථාර්ථයක් බවට පත් කරගන්නට උදව් උපකාර කරන රණවිරු සේවා අධිකාරියේ අධ්‍යාපන ශිෂ්‍යත්ව හා තරුණ කටයුතු අංශය විසින් 2021 ලෝක ළමා දිනය රණවිරු දුවා දරුවන් ඇතුළු සමස්ත දූ දරුවන්ට සුභ ලෝක ළමා දිනයක් වේවායි සුභ පැතුම් එක් කර සිටී.
ජාතියේ අනාගතය අපේ දරු පරපුරයි - ජනාධිපති
වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය. පාසල් පන්ති කාමරය, ක්‍රීඩා පිටිය තවමත් අපේ දරුවන්ට දුරස්ථය. දැයේ දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබේ.
‘2021 දියකාවා යුද අභ්‍යාසය’ සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය’ පසුගිය බදාදා (සැප්තැම්බර් 29) දින ත්‍රිකුණාමලය, කුච්චවේලිහිදී සාර්ථකව නිමාවට පත් විය.
බන්ධනාගාර නිලධාරීන් සඳහා වන වැඩමුළුවේ ආරාධිත දේශනය ආරක්‍ෂක ලේකම් විසින්
සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි බන්ධනාගාර තුළ සිටම තම ජාල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඇතුළු ඔවුන්ගේ සියලු නිතීවිරෝධි ක්‍රියාවල පැවැත්ම බන්ධනාගාර නිලධාරීන්ගේ හැසිරීම මත රදා පවති.
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර අන්තර්ජාතික
මුහුදු සීමා රැස්වීම මාර්ගගත ක්‍රමයට
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර 31 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම අද (2021 සැප්තැම්බර් 29) මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොළඹ නාවික හමුදා මුලස්ථානයේ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.
යාපනය ශික්ෂණ රෝහල වෙත ගුවන් හමුදාවෙන් වෛද්‍ය උපකරණ
කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත මෑතකදී භාර දෙන ලදී.
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණි.
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදා සහාය
ත්‍රිකුණාමලය, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල කලක් තිස්සේ නිසි ලෙස නඩත්තු නොකරන ලද බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සිය තාක්ෂණික හා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
නව ගසක් - නැවුම් බලාපොරොත්තුවක්
ශ්‍රී ලංකා යුද හමුදාව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පසුගියදා මුතූර් නාදතිව් කලපුවේ කඩොලාන පැළ 200 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.