පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුර අවදානම් ප්‍රදේශ සදහා නාවික හමුදා සහන කණ්ඩායම්

දකුණු හා බස්නාහිර පළාත් වල ගංවතුරින් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් යොදවා තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලාන්කාවිල් සහ නාචිකුඩා නගර විෂබීජහරණය කෙරේ

මුලාන්කාවිල් සහ නාචිකුඩා නගර ප්‍රදේශ ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් මුලාන්කාවිල් පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සභාව සමඟ සම්බන්ධ කර ගනිමින් විෂබීජහරණය කරන ලද අතර, කොවිඩ් -19 පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පවතින වැසි තත්වය තවදුරටත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (4) දින කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් ප්‍රකශ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී වියලි කහ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුනි 3) දින හලාවත වට්ටක්කල්ලිය කලපු ප්‍රදේශයේදී නීති විරෝධී වියලි කහ කිලෝ 362 ග්‍රෑම් 950 සහ ලූණු බීජ කිලෝ 571 ග්‍රෑම් 400 අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ එන්නත්කරණ වැඩසටහනට යුද හමුදා සහය

යුද හමුදාවේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භටපිරිස් විසින් යාපනය අර්ධ ද්වීපය පුරා මධ්‍යස්ථාන 36 ක එන්නත්කරණ වැඩසටහන පැවැත්වීම සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිනිගත් නෞකාවෙන් ඇති වූ හානිය පිළිබඳ සමීක්‍ෂණ

ශ්‍රි ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය මගින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් නෞකාවක් මගින් ගිනිගත් 'X PRESS PEARL' නෞකාව ආසන්නයේ ජල සාම්පල ලබාගත් බව නාවික හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (ජුනි 3) දින දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

අවිස්සාවේල්ල රෝහලට කොවිඩ් -19 වාට්ටුවක්

ශ්‍රී ලංකා යුද හමුදා බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් අවිස්සාවේල්ල මූලික රෝහල් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර කොවිඩ්-19 රෝගීන් 40 දෙනෙකුට ප්‍රතිකාර කළ හැකි පරිදි සකසා රෝහල් බලධාරීන් වෙත භාරදෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංචරණ සීමා ජුනි 14 තෙක් දීර්ඝ කෙරේ

රට පුරා සංචරණ සීමා පැනවීම ජුනි 14 දින උදෑසන 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 30 ක් වටිනා තවත් ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මාදගල් මාසන්කුඩා වෙරළ තීරයේ සිදුකල විශේෂ පාමුර සංචාරයකින් කිලෝ 101 ග්‍රෑම් 700 ක් පමණ වන කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සහන මිලට එළවළු මල්ලක්

දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රට පුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා  වැඩසටහනක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ආරම්භ කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද (ජුනි 2) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 8 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මිලියන 8කට වඩා වටිනා ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් ඊයේ (ජූනි 1) දින අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අකුරැස්ස රෝහලටත් නව කොවිඩ් - 19 වාට්ටුවක්

යුද හමුදාව විසින් අකුරැස්ස රෝහල් පරිශ්‍රයේ කොවිඩ් - 19 ආසාදිතයින් 75 දෙනෙකුට පහසුකම් සැලසිය හැකි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනු ලැබූ අතර පසුගියදා රෝහල් බලධාරින් වෙත භාරදෙනු ලැබීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී මෝර වරල් තොගයක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ලබා ගන්නා ලද නිල් මෝර වරල් 41 සහිත ධීවර යාත්‍රා දෙකක් සමඟ ධීවරයන් 13 දෙනෙකු ඉකුත් සෙනසුරාදා (29) දින දික්ඕවිට ධීවර  වරායේ  ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 24ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව දින දෙකක් පුරා (මැයි 30,31) පේදුරුතුඩුව කොට්ටඩි  වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 80 කට අධික කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මොරවකට

මොරවක රෝහලේ තිබූ අතහැර දැමු ගොඩනැගිල්ලක් යුද හමුදාව විසින් මෑතකදී ප්‍රතිසංස්කරණය කර කොවිඩ් -19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

පවතින වසංගත තත්වය හමුවේ ඇති රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදා නැගෙනහිර නාවික විධානය විසින් ඊයේ (මැයි 30) දින පවත්වන ලදි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ආපසු හරවා යැවේ

මන්නාරමට උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් 40 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා 4 ක් ආපසු හරවා යැවීමට නාවික හමුදා උතුරු මැද නාවික විධානය විසින් මැයි මස 29 වන දින කටයුතු කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙල ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය එන්නත්කරණ වැඩසටහන සඳහා යුද හමුදා සහය

දිවයින පුරා ක්‍රියාත්මක රාජ්‍ය එන්නත්කරණ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය සේවකයන් සමග එක්ව දකුණු පළාතේ නම් කරන ලද ප්‍රදේශ වල ඊයේ දින (29) එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.