පසුගිය පුවත්
කොතලාවල විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් පුළුල් කෙරේ
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් සහිත නව නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඊයේ (සැප් 16) වේරහැර දී ආරම්භ කර තිබේ.
තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් ඊයේ (සැප්තැම්බර් 16) අත්අඩංගුවට ගෙන ඇත.
ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදා තරඟකරුවන් රුසියාව බලා පිටත් වේ
මෙම වර්ෂයේ පැවැත්වෙන 58 වන ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා සහභාගි වීමට නියමිත නාවික හමුදා ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රි ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම අද (2021 සැප්තැම්බර් 16) රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ලදී.
ඊජිප්තු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට අදාළ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු හුසේන් එල් සහර්ති මැතිතුමා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (සැප්තැම්බර් 17) දින කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී හමු විය.
කටුනායක ගුවන්තොටුපල වෙත ලැබුණු ‘ව්‍යාජ විද්‍යුත් පණිවුඩය’ පිළිබඳව කලබල විය යුතු නැත - ආරක්ෂක ලේකම්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් වෙත ලැබුනු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පිළිබඳව සඳහන් කරමින් සම්මත ආරක්‍ෂක පියවර ක්‍රියාත්මක වන හෙයින් එම විද්‍යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබල හෝ බිය විය යුතු නැති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) තහවුරු කළේය.
නීති විරෝධී මෝර කොටස් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
නීති විරෝධී වියලි මෝර කොටස් කිලෝග්‍රෑම් 20 ක් සමඟ ධීවරයින් 7 දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩිකාවන් ලෝක හමුදා බොක්සිං ශූරතාවලියට
58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු අද (16) ශ්‍රී ලංකාවේ සිට රුසියාවේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිතය.
බලහුරුවේ ගංජා වගාවක් යුද හමුදාවෙන් වටලයි
යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් පසුගිය (14) දින තණමල්විල බලහරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලන ලදි.
යුද්ධ හමුදාව ක්‍රියාත්මක කරනු ලබන දැවැන්ත කෘෂිකාර්මික ව්‍යාපෘතීන් මල්ඵල ගැන්වේ
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපල සහ යුද්ධ හමුදා කඳවුරු ආවරණය වන පරිදි කෘෂිකර්ම ව්‍යාපෘතීන් ආරම්භ කර පවත්වාගන යනු ලබයි. ඒ අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් හා මඟපෙන්වීම මත යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයින පුරා විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් දියත් කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ ලෙස ලුතිනන් කර්නල් නලින් හේරත් වැඩ භාරගනි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක ලෙස ලුතිනන් කර්නල් නලින් හේරත් අද (සැප්තැම්බර් 15) දින වැඩ භාර ගත්තේය.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අන්තර්ජාතික පුහුණු සැසියක්
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බටහිර අප්‍රිකානු රටවල් (ඝානාව සහ නයිජීරියාව) සඳහා ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම්’ පිළිබද පුහුණු වැඩමුළුවක් පසුගියදා මිරිස්ස වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු උසස් පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදි.
රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්
නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ ඊයේ (සැප්තැම්බර් 14) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදාව පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු නිම කරයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යටියන්තොට , මාලිම්බඩ පිහිටි පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරය සහ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ කටයුතු මෑතකදී අවසන් කරන ලදි.
යුද හමුදාව කුඹුක්කන හා වැලිමඩ ඇති වූ ලැව් ගිනි මැඩපවත්වයි
මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන දෙගලරබ කන්ද වන රක්ෂිතයේ සහ මහාගොඩයාය යන වනාන්තර ප්‍රදේශවල පසුගියදා ඇති වූ ලැව් ගිනි පාලනය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වසර 15ක් සපිරේ
කෘෂිකාර්මික ව්‍යාපෘති තුළින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අද (සැප්තැම්බර් 13) සිය 15 වන සංවත්සරය සමරන ලදී.
මුහුදු කූඩැල්ලන් 72,000 කට අධික තොගයක් ඉරුක්කුලම්පිඩ්ඩිහිදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72,542ක පමණ තොගයක් ඊයේ (සැප්තැම්බර් 12) අත්අඩංගුවට ගෙන ඇත.
නුවරඑළියේ වනාන්තරයක අතුරුදන් වූ කත යුද හමුදාව සොයාගනී
නුවරඑළිය ඩන්සිනන් වතු යායේ දර එකතු කරමින් සිටියදී සැප්තැම්බර් 5 වන දින අතුරුදන් වූ කාන්තාව සොයා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.
නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ යාපනය කළපුවේ සහ සිලාවතුර අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2021 සැප්තැම්බර් 09 සහ 10 දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05ක් සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මව්බිම රැකුමට කැපවූ රණවිරුවන්ට අත්වැලක්
මව්බිම වෙනුවෙන් තම ශරීරාංග පුදකල පොලොන්නරුව මැදිරිගිරිය සංසදයේ කේ.පි.පි.ඒ. කරුණාරත්න හා කේ .ජි.යූ නවරත්න යන විශ්‍රාමික රණවිරුවන් දෙපල සදහා රණවිරු සේවා අධිකාරිය විසින් අත්වාරු යුගලයන් ප්‍රධානය කිරිම පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී.
නීතිවිරෝධී මෝරවරල් සහිත ලොරියක්
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් සහිත ලොරි රථයක් සමග සැකකරුවන් පස් දෙනෙක්, බුද්ධි අංශ මඟින් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී කටයුතු සඳහා කිසිදු ඉඩක් නෑ - ආරක්‍ෂක ලේකම්
රට තුල පැවති සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් වැනි සමාජයට තර්ජනයක් වූ සියලු ක්‍රියාවන්, 2019 වර්ෂයේදී වර්තමාන රජය බලයට පත් වූ දා සිට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ඉහළ පෙළේ රාජ්‍ය ආරක්ෂක ආයතනවල ඒකාබද්ධ ප්‍රයත්නයන් මගින් බිඳ දමා ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (සැප්තැම්බර් 9) දින පැවසීය.
මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් සිලාවතුර සාවාරිපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (2021 සැප්තැම්බර් මස 09) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1172 පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වසංගතය අඛණ්ඩව පැවතුනද, රටේ සංවර්ධන
ඉලක්ක කරා යා යුතුයි - ආරක්‍ෂක ලේකම්
වසංගත තත්වය අඛණ්ඩව පැවතුනද, අපේ රට අනතුරේ හෙළීමට ඉඩ නොතබා, ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් ඇති කරගනු ලබන ස්ථාවරත්වය මත අපේ සංවර්ධන ඉලක්ක කරා යාමට අපි සැමවිටම කටයුතු කළ යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (සැප්තැම්බර් 9) දින පැවසීය.
ජිවිත රැකුමට යුද හමුදාවෙන් ලේ දන්දීමක්
අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් යුද හමුදා භට පිරිස් ඊයේ (සැප්තැම්බර් 7) දින මහනුවර ශික්ෂණ රෝහලේ ලේ බැංකුව සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් සිදුකරන ලදී.