පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

අධ්‍යාපන නිලධාරීන්ට සහ ගුරුවරුන්ට යුද හමුදාව එන්නත ලබාදෙයි

ගුරුවරුන් සඳහා එන්නත ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ලබාදුන්  උපදෙස් අනුව එම වැඩසටහන අරම්භ කරමින් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම විසින් මහරගම ජාතික අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 350 කට පමණ මෑතකදී එන්නත ලබා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවෙන් සුරතල් සතුන් සඳහා රෝහලක්

ගුවන් හමුදාව විසින් සුරතල් සතුන් වෙනුවෙන් අළුතින් ඉදිකරන ලද සත්ව රෝහල, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිනිය විසින් කොළඹ 8 ගුවන් පුරයේදී විවෘත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා විශේෂ පුහුණුවීම් සඳහා සමුද්‍රීය පුහුණු අකෘතියක්

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඉදිකරන ලද මෙරට ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සම්පූර්ණ සමුද්‍රීය පුහුණු ආකෘතිය (ship - In - a- Box - SIAB) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඊයේ විවෘත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාබනික පොහොර නිෂ්පාදනය ශක්තිමත් කිරීමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ අවධානය

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත්වූ මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ විසින් (විශ්‍රාමික) සිය නිලයේ වැඩ භාරගත් අවස්ථාවේදී කියා සිටියේ, ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව කාබනික පොහොර නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2021 ජූලි මස 06 වන දින, එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පැනවූ සංචාරක සීමාවන් සබැඳිව මාධ්‍ය නිවේදනය

එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන දින, 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයිනේ කහ වගා කිරීමට යුද හමුදාව දායක වේ

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ කුට්ටිගල කඳවුරේ භට පිරිස් විසින් එම කඳවුරු භූමියේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක කහ බීජ රෝපණය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පහළොස් හැවිදිරි දැරියක් අපයෝජනය කළේ යැයි යන සිද්ධිය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට පියවර

පහළොස් හැවිදිරි දැරියක් අපයෝජනය කළේ යැයි චෝදනාව මත මෑතකදී අත්අඩංගුවට ගත් නාවික හමුදා ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් පියවර ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් නිපදවයි

ශ්‍රී ලංකා යුද හමුදා පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද දෑත් විෂබීජහරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ (ජූලි 06) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී හඳුන්වා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා සහයෙන් විශාල ජන පිරිසකට එන්නත් ලබාදේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරමින් විශාල ජනකායකට එන්නත් ලබාදීම සඳහා ආරම්භ වූ හමුදාව විසින් මෙහෙයවන එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ඊයේ දින ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 29 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය කෝවිලම් ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී රුපියල් මිලියන 29 ක් වටිනා කිලෝ 98 ග්‍රෑම් 500 ක් පමණ වන ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජූලි 6) දින අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඔලිම්පික් වරම් ලද ගුවන් හමුදා ජුඩෝ ශුරයා ගුවන් හමුදාපතිගේ ඇගයීමට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා තේරී පත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජූඩෝ ක්‍රීඩක කෝප්‍රල් චාමර ධර්මවර්ධන ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අංශ විසින් රට පුරා ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව සඳහා ආරක්‍ෂක අංශ විසින්  සිවිල් වැසියන්ට එන්නත ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතේ සහ දිස්ත්‍රික් පදනම් කරගත් නව ප්‍රජා එන්නත් මධ්‍යස්ථාන අද (ජූලි 5)  උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා  විවුර්තව ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ මහකොමසාරිස් ආරක්ෂක ලේකම් හමුවෙයි

අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් අතිගරු තාරික් මුහම්මඩ් ආරිෆුල් ඉස්ලාම් මැතිතුමා අද (ජුලි 05) දින ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ප්‍රථම වරට ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයෙදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා භටපිරිස් නීති විරෝධී වැලි ජාවාරමක් වටලයි

ත්‍රිකුණාමලය සිත්තාරු ප්‍රදේශයේ නීති විරෝධී වැලි කැණීම්වල යෙදී සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා භට පිරිස් සහ පොලිසිය සමත්ව ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දියතලාවේ යුද හමුදා භට පිරිස් කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි

පළමුවන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් දියතලාවේදී ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිළිඳු පවුල් වෙත සහන සැපයීමට යුද හමුදා සහය

ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 52 වන සේනාංකය විසින් පසුගිය දිනක අරියාල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක මලු ලබාදෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චියේ අවශ්‍යතා සහිත වැසියන් වෙනුවෙන් යුද හමුදාවෙන් නිවාස හයක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිලිනොච්චි හි අසරණ පුද්ගලයින් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු 442 දෙනෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටියදී පුද්ගලයින් 442 දෙනෙකු සහ බෝට්ටු 153 ක් ඇතුළු ධීවර උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොවිඩ් මර්දන ක්‍රියාන්විතය සඳහා ධර්ම විජය පදනමෙන් වෛද්‍ය උපකරණ තොගයක්

ඇමරිකාවේ පිහිටි ධර්ම විජය පදනම සහ බෞද්ධ විහාරය මගින් ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 පාලනය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා අංගෝපාංග තොගයක් ඊයේ (ජූලි 01) දින පරිත්‍යාග කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී කහ තොගයක් මන්නාරමදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජුනි 29, 30 සහ ජූලි මස 01 යන දිනවලදී මන්නාරම  අච්චානකුලම්, නරුවිලිකුලම් සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2021 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධි ගංජා වගාවක් යුද හමුදාවෙන් විනාශ කෙරේ

තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද නීති විරෝධී ගංජා වගාවන් දෙකක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් මෑතකදී වැටලු අතර පොලිසියේ අධීක්‍ෂණය යටතේ ඒවා විනාශ කිරීමට කටයුතු කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

'CARAT-21' නාවික අභ්‍යාසය සාර්ථකව නිමවේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව අරමුණු කරගෙන පවත්වන ලද බහුපාර්ශවීය නාවික අභ්‍යාසය (CARAT) - 2021 සාර්ථකව ඊයේ (ජුනි 30) දින නිමා විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් යන්ත්‍රෝපකරණ අමතර කොටස් තොගයක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් මහතා විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ සුරක්‍ෂා නෞකාවට අවශ්‍ය අමතර කොටස් භාරදිම සඳහා වූ උත්සවයක් පසුගිය ජුනි 29 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා මූලස්ථානයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා ක්‍රිඩකයින්ට ජාත්‍යන්තර ජයග්‍රහණ

මෑතකදී පැවැති ‘76th Cezmi Or Memorial Athletic Championship’ තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගනිමින් යුද හමුදාවට සහ රටට ගෞරවය ලබා දී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව තවත් වාහන 12 ක් ප්‍රතිනවීකරණය කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තවත් නව ලෑන්ඩ් රෝවර් මාදිලියේ වාහන 12 ක් ප්‍රතිනවීකරණය කර  යුද හමුදා වාහන සංචිතයට එක් කළ අතර එම වාහන සංකේතාත්මකව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (ජුනි 29) භාර දෙන ලදි.