පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

මාර්ග තදබදය අවම කිරීමට ගුවන් හමුදා ඩ්‍රෝන සහාය

රථවාහන කළමනාකරණය සඳහා විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා පොලිසිය වෙත  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන්  රහිත යානා හැසිරවීමේ විශේෂඥ තාක්ෂණික  සහය අද (මැයි 07) උදෑසන ලබා දුන් බව ගුවන් හමුදාව පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශාලතම COVID-19 රෝහල යුද හමුදාවෙන්

ශ්‍රී ලාංකිකයින් සඳහා හොඳම හදිසි සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා යුද හමුදාව බ්‍රැන්ඩික්ස් ආයතනයේ අනුග්‍රහය සමගින්  මේ වනවිට සීදුව ප්‍රදේශයේ   ඇදන් 1200ක්   හා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම්වලින් සමන්විත දිවයිනේ විශාලතම COVID-19 රෝහල විවෘත කිරීමට කටයුතු කරමින් සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදා පිහිනුම් ශූරයා ඇගයීමට

මෑතකදී ආසියානු දිගු දුර පිහිනුම් වාර්තාව පිහිටුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රොෂාන් අබේසුන්දර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අද (මැයි 6) හමුවිය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාධ්‍යවේදී රාජපක්‍ෂ රචිත ග්‍රන්ථ කිහිපයක් ආරක්‍ෂක ලේකම් වෙත පිළිගැන්වේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු හා කතුවරයකු වන ඩී එස් එන් රාජපක්ෂ මහතා, ඔහු විසින් රචිත පොත් තුනක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මැයි 6) දින පිළිගැන්වීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

කිලිනොච්චියේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු යුද හමුදා භාරයට

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 4 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් කිලිනොච්චි පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව පසුගියදා කිලිනොච්චිය, ශාන්තිපුරම් ප්‍රදේශයේදී රු. 815,000.00 වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව හා විශේෂ කාර්යය බළකාය ඒකාබද්ධව මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමක් රාජගිරියේදී

නාවික හමුදාව සහ විශේෂ කාර්යය බළකාය එක්ව  රාජගිරිය ප්‍රදේශයේ මැයි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal methamphetamine) ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සහ හෂීස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන

රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (මැයි 04) දින ස්ථාපනය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික රණවිරු කොඩිය ජනාධිපතිට පළඳවයි

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 55 කට අධික වටිනාකමින් යුත් ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 183 කට අධික තවත් කේරළ ගංජා තොගයක් ඊයේ (මැයි 03) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

 





පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව ගිං ගඟේ අපද්‍රව්‍ය ඉවත් කරයි

නාවික හමුදාව විසින් ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඇති වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් ඊයේ (මැයි 01) දින ක්‍රියාත්මක කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගාලු කථිකාව 2021 නිල වෙබ් අඩවිය එළිදැක්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දෙදින තුළ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී 11 වන වරටත් පැවැත්වීමට නියමිත  2021 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය වෙනුවෙන් ගාලු කථිකාව 2021 වෙබ් අඩවිය එළිදක්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව විසින් දෙමළ, මුස්ලිම් සහ සිංහල තරුණයින්ගෙන් සමන්විත ආධුනික පුහුණු පාඨමාලාවක් යාපනයේ දී අරඹයි

ආරක්ෂක හමුදා සාමාජිකයින් අතර යාපනයේ ජීවත් වන ජනතාව අතර සමගිය, සංහිඳියාව සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීමේ  අරමුණින්  දෙමළ, මුස්ලිම් සහ සිංහල තරුණ තරුණියන් 359 දෙනෙකුගෙන් සමන්විත ආධුනික පුහුණු පාඨමාලාවක් යාපනයේ විඩත්තපලේ බලඇණි පුහුණු පාසලේදී ආරම්භ කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

සම්පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 96,478 දක්වා ඉහළට

අද (මැයි 02) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1716 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 109,861 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා භටපිරිස්වල දායකත්වයෙන් පාසලක් පිරිසිදු කෙරේ

යුද හමුදා 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෑතකදී ශ්‍රමදාන වැඩසටහනක් පවත්වා තේවිපුරම් මධ්‍ය මහා විද්‍යාල භූමිය පිරිසිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිගරු ජනාධිපතිතුමාගේ මැයි දින පණිවිඩය

අප රජය මහජනතාවට පොරොන්දු වූ ආකාරයට ජාතික ආරක්ෂාවත්, ස්වෛරීත්වයත් තහවුරු කර ඇත.  එසේම අපේ උරුමයන්ට සහ දේශීයත්වයට කිසිම හානියක් නොවන පරිද්දෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත.  දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කෙරෙන අතරම, කෘෂි ආර්ථිකයද ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගනිමින් පවතී.  බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත් කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනයේ වැසියන් මාර්ග දෙපස පිරිසිදු කිරීමට යුද හමුදාවට සහාය වේ

යාපනයේ පදිංචිකරුවන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත සිය සහයෝගය ලබාදෙමින්, තිරුනෙල්වේලි සිට නවාට්කුලි දක්වා මාර්ග දෙපස ඇති පඳුරු සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා බැකෝ ලෝඩර් යන්ත්‍රවල සේවය ලබාදෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදා භටපිරිස් වව්නියාවේ පොදු ස්ථාන විෂබීජහරණය කරයි

යුද හමුදාවේ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෑතකදී වවුනියාව නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 72 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය බදාදා (අප්‍රේල් 28) දින යාපනය සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 240 ක් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රස්තක්‍රියා හේතුවෙන් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් හට පහසුකම් සැලසීම සඳහා කැබිනට් අනුමැතිය

ත්‍රස්තක්‍රියා හේතුවෙන් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් හට ජීවිත කාලය පුරාවට වැටුප් හා දීමනා ලබාදීම  සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද පැවසිය.