පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

චීන යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

4 වැනි CISM Military World Cadet ක්‍රීඩා උළෙලේදී කෙඩෙට් නිලධාරිනී
ටී.කේ.ඒ.ජි.ඩබ්ලිව් චතුරංගනිගෙන් ඉහළ දස්කම්

4 වන CISM Military World Cadet ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු මස 19 දින සිට 24 දක්වා වෙනිසියුලාවේ කැරකාස් හිදී පැවති අතර, එම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෙඩෙට් නිලධාරිනී ටී.කේ.ඒ.ජි.ඩබ්ලිව් චතුරංගනී සහභාගී වූ අතර, එහිදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.24ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් වූවාය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ 10 වන අදියරේ අවසන් යුද අභ්‍යාසය
නිරීක්‍ෂණයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ඉන්දු - ලංකා යුද්ධ හමුදාවන් අතර, සුහදත්වය වර්ධනය කිරීම, සහයෝගීතාව ඇති කිරීම වෙනුවෙන් පැවැත්වූ 'මිත්‍ර ශක්ති 10 අදියර' ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 23 දින පැවැත්විණී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’
නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 22) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීම
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ 67 වැනි සැසිවාරය අද (අගෝස්තු 22) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර පළාත් ගිනි නිවීමේ සේවාවන්හී 'පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ'
ප්‍රායෝගික පරීක්‍ෂණය පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශය යටතේ ඇති ගිනි නිවීමේ සේවාවන්හී ‘පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ’ ප්‍රායෝගික පරීක්‍ෂණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී 2024 අගෝස්තු මස 20 වන දින ආරම්භ වූ අතර, ඒ සඳහා නාවික හමුදා ඉංජිනේරු අංශයේ විශේෂඥ වෘත්තීය සහය ලබාදීම සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව
කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 21) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකානු වැඩබලන සහකාර ලේකම් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජොන් මැතිණිය අගෝස්තු 20 දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව
කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයන්ට රජයෙන් අත්වැලක්

ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්‍ෂක බලකාය පසුගිය තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ සමාජයේ යහ පැවැත්ම උදෙසා අතිශය වැදගත් කාර්‍යභාරයක් සිදු කරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු ආයතන පරිශ්‍රයේ ස්ථාපනය කළ Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කරමින්, එම දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රාහකත්වයෙන් ස්ථාපිත කෙරුණු; යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කරනු ලබන Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කිරීම


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව 2024

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් 13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව 2024 පසුගියදා (අගෝස්තු 09) පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නවසීලන්ත මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, අතිගරු David Pine මැතිතුමා අද (අගෝස්තු 14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් ප්‍රධානි රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසක් අද (අගෝස්තු 14) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්

එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර මෙම ජනාධිපතිවරණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී, ඡන්ද බලය හිමි සියලු පුරවැසියන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ බලධාරීන් මේ වන විටත් කටයුතු යොදා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා වනිතා ඒකක මගින් පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පොත්පත් බෙදා දෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව අද (අගෝස්තු 12) දින හොරණ, කුරණ ප්‍රාථමික විද්‍යාලය සහ කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේ දී අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී වෙත අනුස්මරණ දේශනය පවත්වයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායයේ සංවිධානය කරන ලද ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී අනුස්මරණ දේශනයට ගෞරවනීය ආරාධිත අමුත්තෙක් වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ද 2024 අගෝස්තු 09 දින සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නව නේවාසිකාගාර පහසුකම්
ඉදිකිරීමේ ප්‍රගතිය නිරීක්‍ෂණය කරයි

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දැනට ඉදිවෙමින් පවතින සිව්මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 06) දින එහි ස්ථානීය නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යාමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලාංකිකයිගෙන් ඉල්ලා සිටී

නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යාමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලාංකිකයිගෙන් ඉල්ලා සිටී

නීති විරෝධී විදෙස් රැකියා ඒජන්තවරුන් මෙන්ම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන හරහා මියන්මාරයේ රැකියා සඳහා අනීතිකව පිටත්ව ඇති ශ්‍රී ලාංකිකයින් පිරිසක් මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක නීති විරෝධි ක්‍රියාකාරකම්


පසුගිය පුවත් | පසුගිය පුවත්

රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ ප්‍රණාම සහතික ප්‍රදානෝත්සවය
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

  • සමුද්‍රාරක්‍ෂක නිලධාරි (Sea Marshal) තනතුරු පුරප්පාඩු 500ක් වෙනුවෙන් මේ දිනවල සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන අතර, ඉදිරියේදී තවත් දහස් ගණනකට රැකියා අවස්ථා

සීමාසහිත රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ සේවය කරනු ලබන විශ්‍රාමික රණවිරු සාමාජිකයන් වෙත ප්‍රණාම සහතික ප්‍රදානෝත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුහුරුපාය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඊයේ (ජූලි 31) දින සන්ධ්‍යාවේ  දී පැවැත්විණ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට සාධාරණය ඉටු කර තිබෙනවා

යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු රජය මෙරට ජලශාස්ත්‍රීය මිනුම් කටයුතු පුළුල් කිරීමට අත්‍යවශ්‍යව පැවති
Multi beamer Echo Sounder උපකරණයක් පරිත්‍යාග කිරීමට නිල වශයෙන් එකඟ වෙයි

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ජුලි 30) දින කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

චීනයේ මහජන විමුක්ති හමුදා 97 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සැමරේ

චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 97 වැනි සංවත්සරය සැමරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඊයේ (ජුලි 29) දින සන්ධ්‍යාවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තැලීසීමියා රෝගීන් ගේ සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය වෙනුවෙන් උපහාර පිරිනමයි

තැලසීමියා රෝගී සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතා අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපන පද්ධති නිපදවා සිදුකරනු ලබන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නාවික හමුදාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් උපහාර පිරිනැමීමේ උළෙලක් අද දින (2024 ජුලි 29) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් මියන්මාරයේ අගමැති හමුවෙයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මියන්මාරයේ රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ සභාපති සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ජෙනරාල් Min Aung Hlaing මැතිතුමා ජූලි 26 දින එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.