පසුගිය පුවත්
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක පුහුණුවීම් සඳහා ජාත්‍යන්තර සහය
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන (UNODC) විසින් පවත්වන ලද පුහුණු පාඨමාලාව (VBSS) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සාමාජිකයින් 16 දෙනෙකු විසින් මෑතකදී මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව නිම කරන ලදි.
පූනරින් යුද හමුදා කඳවුරෙන් මසකට කාබනික පොහොර ටොන් 30 ක්
රජයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට සහය වෙමින් ගොවීන් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පූනරින් ජයපුරම් හි 663 වන බලසේනා මූලස්ථාන කදවුරේ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානයක් මෑතකදී ආරම්භ කරන ලදී.
උතුරු මුහුදේදී තවත් ගංජා තොගයක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් රු. මිලියන 41 ක් වටිනා ගංජා කිලෝ 139 ක් සහ ග්‍රෑම් 100 ක්, යාපනයේ තොන්ඩමනාරු අසල මුහුදේ ඊයේ (ජූලි 19) සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන ඇත.
ජීවිතක්‍ෂයට පත් ගුවන් විරුවන්ට සෙත් පතා ආශිර්වාද පිංකමක්
ජිවිත පූජා කළ ගුවන් හමුදා රණවිරුවන්ට සෙත් පතා සර්වාගමික ආශිර්වාද පිංකම් මාලාවක් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ පැවත්විණි.
යාපනයේ අයෝග්‍යව ඇති යුද හමුදා වාහන ප්‍රතිනවීකරණය කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු භට පිරිස් විසින් අයෝග්‍ය තත්වයේ තිබූ යුද හමුදාවට අයත් වාහන සමූහයක් මෑතකදී නැවත භාවිතය සඳහා අලුත්වැඩියා කරන ලදි.
නාවික හමුදාවෙන් නව කිමිදුම් වාර්තාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධාන කිමිදුම් නිලධාරි (නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම්කරු ලෙස කටයුතු කල බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි සඳරුවන් විසින් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී නව කිමිදුම් වාර්තාවක් පසුගියදා පිහිටුවන ලදි.
යාපනය නාවට්කුලි ප්‍රදේශයේ ළමුන් සඳහා යුද හමුදාවෙන් පෙර පාසල් ගොඩනැගිල්ලක්
ප්‍රදේශයේ දෙමාපියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 52 වන සේනාංකයේ සහ 523 වන බලසේනාවේ භටපිරිස් ඉදිකරන ලද නාවට්කුලි ගම්මානයේ පෙර පාසල් ගොඩනැගිල්ල, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් මෑතකදී විවෘත කරන ලදී.
වසංගතය පාලනයට යුද හමුදාව යාපනය නගරය පිරිසිදු කරයි
කොවිඩ් - 19 වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය නගරය මෑතකදී විෂබීජහරණය කර පිරිසිදු කරන ලදී.
නාවික හමුදාව තවත් ජල පිරිපහදු මධ්‍යස්ථානයක් එප්පාවල ස්ථාපනය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථාන පරිශ්‍රයේ ප්‍රතිආසෘත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජුලි මස 7 වන දින ස්ථාපනය කරන ලදී.
පැරණි සංඝාවාස ගොඩනැගිල්ලක් යුද හමුදාව ප්‍රතිසංස්කරණය කරයි
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත විහාරහල්මිල්ලෑව රජමහා විහාරස්ථානයේ පැරණි සංඝාවාස ගොඩනැගිල්ල ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදි.
නාවික හමුදාව අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි
මෙරටට අයත් බහු දින ධීවර යාත්‍රාවක සිටියදී තුවාල වූ ධීවරයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 18) දින ගොඩබිමට රැගෙන එන ලදි.
කිලිනොච්චියේ තවත් පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්
කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදිකර වඩ්ඩකච්චි පෙරියකුලම් හි පදිංචි ශිවසාමි මුත්තු මහත්මියගේ පවුල වෙත මෑතකදී භාරදෙන ලදි.
ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට - ජනපති එක්වෙයි
මෙවර පැවැත්වෙන ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට Virtual තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්වෙයි.
සමුද්‍රීය ආරක්ෂාව සඳහා බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්
සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පැරා ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහල නැංවීමට අවබෝධතා ගිවිසුමක්
ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා මෑතකදී ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ජාතික පැරාලිම්පික් කමිටුව අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
ඔලිම්පික් වරම් ලද නාවික හමුදා ක්‍රීඩිකාවට උසස්වීමක්
මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් නාවික හමුදාවේ නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඊයේ (16) දින සුළු නිලධාරී තනතුර දක්වා උසස් කරන ලදී.
යුද හමුදාවෙන් වියළි මිරිස් මෙට්‍රික් ටොන් 1 ක් වෙළඳපලට
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය කන්දකාඩු, මැණික්ෆාම් සහ අන්ඩියාපුලියන්කුලම් යුද්ධ හමුදා ගොවිබිම්වල අක්කර 200 ක භූමි ප්‍රමාණයක මිරිස් වගා කර එහි ඵලදාව කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත මෑතකදී සංකේතාත්මකව භාර දෙන ලදි.
මිලියන 31ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට
යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ දී ගංජා කිලෝ 103 ග්‍රෑම් 750 ක් සහිත ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ (15) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ
උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 13 වන දින සිට දින තුනක් පුරා කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී පැවැත්වු අතර, ඊයේ දින (ජූලි 15) එම රැස්වීම සාර්ථකව අවසන් විය.
නාවික හමුදා රෝහලට රුධිර කාන්දු පෙරණ ඒකකයක්
වැලිසර නාවික මහ රෝහල තුල අභිනවයෙන් ඉදිකළ රුධිර කාන්දු පෙරණ ඒකකය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ඊයේ (ජුලි 15) දින සිදුකෙරිණි.
මෙරට එන්නත්කරණ වැඩසටහන WHO නියෝජිතවරියගේ පැසසුමට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය වන වෛද්‍ය අලකා සිං මහත්මිය විහාර මහා දේවි උද්‍යානයේ යුද හමුදාව විසින් සිදුකරන ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට ඊයේ (ජූලි 15) පැමිණියා ය.
මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා ජූලි 17 වන දින සිට පත් කර ඇත.
දීඝවාපියේ ශ්‍රී විභූතිය වසර දෙකහමාරකින්
පසුගියදා මන්නාරම් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය නැගූ පැනයකට සිය අදහස් ඉදිරිපත් කරමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ඊට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට නියෝග ලබා දී ඇති බවයි.
විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණය ඇරඹේ
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ නව ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් අද (ජූලි 15) දින සිට විවෘත කර තිබේ.