ශ්‍රී ලංකා නාවික හමුදාව අද (7) දින නගර්කොවිල් වෙරළ ප්‍රදේශයේදී රුපියල් මිලියන 28 ක් වටිනා ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් යොදවා ඇති ගංවතුර සහන කණ්ඩායම් අද (ජූනි 7) දින ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු තවදුරටත් සිදුකරගෙන යමින් පවති.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ කිමිදුම්කරුවන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද ( ජූනි 6 ) දින ‘X-PRESS PEARL’ නෞකාවේ ඉන්ධන කාන්දුවීම පිළිබඳව සොයාබැලීම සඳහා එහි බඳ කොටස පරික්ෂා කිරීමේ මෙහෙයුමක් සිදුකරන ලදී.
සංචරණ සීමා පවතින කාලසීමාව තුළදී කොළඹ නගරයට ඇතුළු වන අත්‍යවශ්‍ය සේවාවන්හි වාහන සඳහා ස්ටිකර් ක්‍රමයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දී තිබේ.
කොවිඩ් 19 රෝගය පැතිරීම එක්වරම හිස එසවා වේගයෙන් පැතිර ගිය දිස්ත්‍රික්කයක් ලෙස යාපනය හැඳින්විය හැකිය. ඊට හේතු වූයේ උතුරේ බොහෝ සාමාන්‍ය ජනතාවගේ දැනුවත්භාවය අඩුවීමයි. එමනිසා රෝග ව්‍යාප්තිය වැඩිවිය හැකි බවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම් පවා ලැබී තිබුණි. නාගදීපයේ පැවැත්වීමට නියමිත වූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කිරීමට සිදුවූයේත් උතුරේ බොහෝ ගම්මාන හුදකලා කිරීමට සිදුවූයේත් එම නිසාය. ඒ සමඟම යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසක කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදීමද ආරම්භ කෙරුණි. මේ නිසා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම පැවතිය යුතුම විය.
මේ වන විට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 10500 ක ජල ධාරිතාවක් නිකුත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කොන්ග්‍රස් සභික ඩෙබෝරා රොස් මහත්මිය (උතුරු කැරොලිනා හි ඩිමොක්‍රටික් පාක්ෂික) විසින් 2021 මැයි 18 වැනි දින ගෙන එන ලද H. RES. 413 යෝජනාව සමඟ කටයුතු නොකරන ලෙස වොෂිංටන් හි සිටින සිය තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා හරහා ශ්‍රී ලංකාව, එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවෙන් (FAC) නිල වශයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් (Heated Humidified Oxygen Therapy Unit) ඊයේ (ජුනි 5) දින ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට භාර දෙන ලදී.
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අත්තනගල්ල, කැටකලපිටිය ප්‍රදේශවල සෝදිසිකිරීමේ හා මුදවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (ජූනි 5) දින මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන එන ලදී.
මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේදී සිදුවූ නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අතුරුදන් වූ පවුලක් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (ජුනි 5) දින මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.
වර්ෂාපතනය සහ කැළණි ගඟේ වර්තමාන ජල මට්ටම් පිළිබඳ විශ්ලේෂණයට අනුව මීලග පැය 6 ත් 16 ත් අතරතුර හන්වැල්ලෙහි ජල මට්ටම මීටර් 9.00 දක්වා ද නාගලගම් වීදියේ ජල මට්ටම අඩි 6.60 දක්වා ද ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් විසින් ගං වතුරට කොටු වී අවධානම් තත්ත්වයේ සිටි පුද්ගලයින් 29 දෙනෙකු බේරාගැනීමට කටයුතු කර ඇත.
මහ ඔය ද්‍රෝණියේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අද (ජූනි 5) දින පෙ.ව. 9.00 වන විට මිලිමීටර් 100 ට අධික සැලකිය යුතු වර්ෂාපතනයක් සිදුවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන ගබඩා ටැංකි තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන්, බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (ජුනි 04) සවස විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (4)දින කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් කියා සිටියේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මොරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර විසින් ත්‍රිකුණාමල මහ රෝහලේ සහ ලේ බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීම සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් කුරිච්චකර්නි ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පරිවර්තනය කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (ජූනි 4) දින රත්නපුර දුම්බර ඉහලපොල ප්‍රදේශයේදී නාය යෑමක් හේතුවෙන් පස් කන්දකට යටවූ පවුලක් බේරාගැනීමේ මෙහෙයුමක් සිදුකරන ලදි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ගං වතුර තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ රැසක ජනතාව මුදා ගැනීමට ගං වතුර ආපදා සහන ක්‍රියාන්විත වල යෙදී සිටින නාවික හමුදා සහන කන්ඩායම් කටයුතු කර ඇත.
මීට දින කිහිපයකට පෙර හානියට පත් 'X PRESS PEARL' නෞකාවේ සුන්බුන් හේතුවෙන් අපවිත්‍ර වූ වැලිගම සහ මිරිස්ස වෙරළ තීරයන්, යුද හමුදාවේ 3 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් පිරිසිදු කරන ලදී.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව, ඉදිරි විමර්ෂන කටයුතු සඳහා රජයේ විමර්ශන කණ්ඩායමක් 'X PRESS PEARL" නෞකාව ආසන්න මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (4) කටයුතු කරන ලදී.
රුසියානු සමූහ ආණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ශ්කොඩා සිය ධූර කාලය අවසන් කිරීමෙන් පසු නික්ම යාමට ප්‍රථම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජූනි 04) දින ආරක්ෂක අමාත්‍යංශයේදී හමුවිය.
පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා අද (ජුනි 4) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ හා කලවාන යන ප්‍රදේශ වෙත නායයෑම් සඳහා තුන්වන මට්ටමේ රතු අනතුරු ඇඟවීමේ නිවේදන අද (ජූනි 4) නිකුත් කර තිබේ.