පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නිවැරදි තීන්දු තීරණ සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකාව
සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ගංවතුරෙන් ආපදාවට ලක්වූ සෝමාවතියෙහි
භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් ජලයෙන් යටවී ඇති සෝමාවතිය පුදබිමෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ සහ අනෙකුත් පිරිසගේ අවශ්‍යතා සහ සුවදුක් සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ සෝමාවතිය පුදබිමෙහි විහාරාධිපති හිමියන් ඊයේ (ඔක්. 31) දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් සෝමාවතිය පුදබිම වෙත ලගා විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට සැලකිය යුතු වගකීම් පැවරී ඇති අතර සියලු දෙනා උපරිම කැපවීමෙන් සේවය කිරීමට උත්සාහ කළ යුතුයි’ – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ආරක්‍ෂක අමාත්‍යාංශයේ චාරිත්‍රානුකූලව අද දින (ජනවාරි 1) පැවති නව අවුරුදු දින උත්සවයට සහභාගි වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ‘ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට වගකීම් සම්භාරයක් පැවරී ඇති අතර, උපරිම කැපවීමෙන් ජාතික අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට සියලු දෙනා උත්සාහ කළ යුතුයි’ යනුවෙන් ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය

නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යයයි. “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියළු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි පළමුව ප්‍රාර්ථනා කරමි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සුභ නත්තලක් වේවා

සුභ නත්තලක් වේවා


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් KRI DIPONEGORO- 365 නෞකාව දිවයිනට

ශ්‍රී ලංකාවේ විධිමත් සංචාරයක් සඳහා ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් KRI DIPONEGORO- 365 නෞකාව බ්‍රහස්පතින්දා (දෙසැ. 21) කොළඹ වරායට සේන්දු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නව ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි අද (දෙසැ. 20) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ නව ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නවතමයෙන් පත් වූ බංග්ලාදේශ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම් මොනිරුස්සමන් අද (දෙසැ. 20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය 2022 වර්ණ රාත‍්‍රිය

ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 2022 වර්ණ රාත‍්‍රිය 2023 දෙසැම්බර් මස 12 වන දින සවස විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ‍්‍රවණාගාරයේදි පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අපගේ බලවත් සංවේගය

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන මේජර් ජෙනරල් ඒ.කේ  ජයවර්ධන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ  අභාවය පිළිබඳ ශෝක පණිවුඩය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුලතිව්, වන්නි සහ යාපනය භටපිරිස් ගංවතුර සහන ආපදා හදිසි
මෙහෙයුම් කටයුතු වල අඛණ්ඩවම

ගත වූ පැය 48 තුළ ඇතිවූ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මුලතිව් සහ ඒ අවට ප්‍රදේශවල අවතැන් වූ පවුල් 109 ක සිවිල් වැසියන් 228 දෙනෙකු පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණය තවදුරටත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (දෙසැ. 18 ) නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ.




පසුගිය පුවත් | පසුගිය පුවත්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්
නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 03 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, අද දින (2023 දෙසැම්බර් 15) වන විටත් එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ආරක්ෂක අංශ නව දැනුමින් සන්නද්ධ කළ යුතුයි

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වැලිසර නාවික සංකීර්ණයේ දී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ( Sri Lanka National Hydrographic Office) විවෘත කිරීම ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න( විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා ප්‍රධාන ජල ශාස්ත්‍රීය නිලධාරී කොමදෝරු කෝසල වර්ණකුලසූරියගේ සහභාගීත්ව‍යෙන් අද දින (2023 දෙසැම්බර් 14 වන දින) වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙහි නික්ම යන ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය නිමකර නික්ම යන ආරක්‍ෂක උපදේශක, Captain Ian Cain අද (දෙසැ 13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්ම යන පාකිස්ථාන මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) මැතිතුමා අද (දෙසැ 13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕනෑම ආපදාවකට ඔරොත්තු දෙන ප්‍රජාවක් ගොඩනැගීම ආරම්භ වන්නේ දැනුවත් හා බලගැන්වුණු ජනතාවක් තුලිනි - ආරක්‍ෂක ලේකම්

මහජනතාව දැනුවත් කිරීම, විධිමත් අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් යනු රටක ආපදාවන්ට මුහුණ දීමේ හැකියාව ගොඩ නැංවීමේ මුලික පදාර්ථයන් වේ. සාර්ක් (SAARC) රටවල් සමඟ අපගේ සහයෝගීතාවය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයක් පමණක් නොව එය අසීරු අවස්ථාවන් වලදී අප ලබා ගත් සාමුහික අත්දැකීම් තුළින් ඇති වූ බැඳීමකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජ තානාපති අතිගරු Maged Mosleh මැතිතුමා අද (දෙසැ 13) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා දේශසීමා ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමඟ ආරක්‍ෂක ලේකම්වරයා සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා ප්‍රමුඛ දූත පිරිසක් අද (දෙසැ 12) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී සුහද කතාබහක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අධික වර්ෂාව හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආපදා තත්වය පිළිබඳ විශේෂ සාකච්ජාවක්
කොළඹ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්වය සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැ. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Bill & Melinda Gates පදනමේ නියෝජිත කණ්ඩායම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ Bill & Melinda Gates පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අතර හමුවක් ඊයේ (දෙසැ. 11) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී සිදුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘ශ්‍රී ලංකාව උසස් තලයක් දක්වා සුභවාදී ඉදිරි ගමනක’ – ආරක්‍ෂක ලේකම්

‘ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා අපගේ ත්‍රිවිධ හමුදාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට ඉතිහාසයේ දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සිදු කල සටනේදී, සාර්ථක හමුදා නායකත්වයන් මෙන්ම ඇතැම් අවස්ථා වලදී යුධ පිටියේ දුර්වල වූ අවස්ථාවන් පිළිබඳව ද අප අත්දැකීම් ලබා ඇත.'