ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර අද (අප්‍රේල් 11) දින නව ආසියානු පිහිනුම් වාර්ථාවක් සහ නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවන ලදි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමාගේ පූර්ණ සහයෝගය හා මගපෙන්වීම යටතේ සිදු කල මෙම කර්තව්‍ය අප්‍රේල් මස 10 වන දින අළුයම 0200 පැයට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් ආරම්භ කල අතර ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර 59.3 ක දුරක් පිහිනා අද (අප්‍රේල් 11) දින පෙරවරු 0700 පැයට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් අවසන් කරන ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු වෙරළ තීරයේ නිල්වැල්ල වෙරළේ ඉදිකරන ලද ‘දිය යට කලාගාරය’ ඊයේ (10) දින ජනතා අයිතියට පත් කෙරිණි.
SInhala.
ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් මානුෂීය මෙහෙවරක් ලෙස වර්තමානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන එල්ටීටීඊයේ හිටපු සාමාජිකයන් 64 දෙනෙකුට නව කෘතිම අත් පා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් අනුරාධපුර ‘අභිමන්සල -1’ හි දී ආරම්භ කරන ලදි.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා චීන නියෝජිතයින් පිරිසක් සමග අද (අප්‍රේල් 9) දින කොළඹ මැලේ වීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ සංචාරයක නිරත විය.
මාධ්‍ය නිවේදනය
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (27) දින රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින් අමතමින් රණවිරුවන්ගේ පවුල් සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට පොරොන්දු විය.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (08) රැස් විය. වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙයයි.
ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හා ප්‍රථිත්‍රස්ත පාඨමාලාව සහ උසස් සටන් සුනඛ පාඨමාලාව හැදැරූ ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් පිරිසක් විසිරයාමේ පෙළපාලිය ඊයේ (අප්‍රේල් 7) දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව අප්‍රේල් මස 06 වන දින සිලාවතුර කොන්ඩච්චිකුඩා හි සිදුකල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කල පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් සඳහා ජල ක්‍රීඩා තරගාවලියක් පසුගියදා සංවිධානය කර තිබුණි.
රණවිරුවන්ගේ ගැටළු පිළිබඳව මහජන දිනයේදී ආරක්‍ෂක ලේකම්වරයා වෙත යොමු කෙරෙන අතර, ඒ අනුව රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව අද (අප්‍රේල් 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (අප්‍රේල් 05) දින කොළඹ මැලේ වීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ සංචාරයක නිරතවිය.
මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් පාසල් උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද හමුදා 59 වන සේනාංකය විසින් සිසුන් විශාල පිරිසකට බෙදා දෙන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් පසුගියදා කතරගම ගෝනගන්ආර වෙහෙරගල රක්ෂිතයේ පවත්වාගෙන ගිය අක්කරයක පමණ ගංජා වගාවක් වටලන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 140 වන සංවත්සර දිනය ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් අයුරින් සාලාව, කොස්ගම පිහිටි බලසේනා මූලස්ථානයේ දී සමරන ලදි.
රජ කාලයෙන් පසු ඉදි වන සුවිසල් දාගැබ
මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2021 අප්‍රේල් 04 වන දිනට යෙදී ඇති අතර 2019 දී පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වුවන් සිහිකරමින් එය සමරනු ලැබේ. ඒ අනුව ශුද්ධ වූ සතිය තුල සහ පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්‍ෂාව තවදුරටත් තර කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.