පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

“2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය: ඉදිරි දැක්ම සහ අවදානම් ඇගයීම” තේමාව යටතේ පවත්වනු ලැබූ වට මේස සාකච්ඡාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස
ආරක්‍ෂක ලේකම් සහභාගී වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ, ගිවිසුම්ගත වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් වසරකට පසු ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ ඇගයීම සඳහා සංවෘත වට මේස සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 06) පැවැති මෙම සාකච්ඡාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර 1000ක්
මේ වන විට සාර්ථකව ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ඉතා වැදගත් සමාජ සත්කාරයක් වන නව ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන (RO plant) ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වැදගත් සන්ධිස්ථානයකට ළඟා වෙමින් ඊයේ (ජුනි 05) ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ 1000 වැනි ජල පිරිපහදු යන්ත්‍රය සාර්ථකව ස්ථාපනය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආසියානු කලාපීය රසායනික අවි සම්මුතිය හා සම්බන්ධ රාජ්‍යයන්හි ජාතික අධිකාරීන්වල නිලධාරින්ගේ 22 වැනි කලාපීය සමුළුව පැවැත්වේ

ආසියානු කලාපීය රසායනික අවි සම්මුතිය හා සම්බන්ධ රාජ්‍යයන්හි ජාතික අධිකාරීන්වල නිලධාරින්ගේ 22 වැනි කලාපීය සමුළුව 2024 මැයි මස 29 සිට 31 දින දක්වා උස්බෙකිස්තානයේදී පැවැත්වුණු අතර, මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් (ආචාර්ය) රවී රණසිංහ සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදාවට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ
රාජ්‍ය නිළධාරින් සමඟ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කෙරේ

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උද්ගත වූ අයහපත් කාලගුණික තත්වයේ බලපෑමෙන් අවතැන් වූවන්ට සහන සැලසීම සඳහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය සහ ඉදිරි පියවරයන් සබැඳිව සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (ජූනි 05) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සහන කටයුතු සදහා එක්සත් ජාතින්ගේ නියෝජ්‍ය ආයතන වෙතින් හා
රාජ්‍ය නොවන සංවිධාන වෙතින් සහයෝගය ලබා ගැනිමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා එම සංවිධාන සමඟ සාකච්ඡා කරයි

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ගලවා ගැනීමේ සහ ආපදා සහන මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සමඟ අද (ජුනි 05) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවක් පැවැත්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිංගප්පූරුවේ පැවති 21 වන ආසියානු ආරක්‍ෂක සමුළුව සඳහා
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ සංවිධායකත්වයෙන් (International Institute for Strategic Studies - IISS), 2024 මැයි මස 31 වන දින සිට 2024 ජුනි මස 02 වන දින දක්වා සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවති 21 වන ආසියානු ආරක්‍ෂක සමුළුව (21st Asia Security Summit - IISS Shangri-La Dialogue) සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ මුලපිරිමෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට සහ රණවිරු පවුල්වල සාමාජිකයින් හට විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන ආරම්භ වේ

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර අමාත්‍යතුමා සමග සිදුකල සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා හා රණවිරු පවුල්වල සාමාජිකයින් වෙත විදේශ රැකියා ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන පිලිබඳ ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූනි 04) එතුමාගේ කාර්යාලයේදී රැස්වීමක් පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලෝක පරිසර දිනය

භූමිය සහ පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීමේ සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේ සාමූහික ප්‍රයත්නය බලාත්මක කරමු.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාපීය හමුදා ඒකකයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් (මූලෝපාය සහ සැලසුම්) මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාපීය හමුදා ඒකකයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් (මූලෝපාය සහ සැලසුම්) මේජර් ජෙනරල් ස්කොට් ඒ වින්ටර්, අද (ජුනි 04), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියටත් - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

දැනට ලැබී ඇති සංඛ්‍යාලේඛන වලට අනුව, පසුගිය දින වල පැවති ආපදා තත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 262ක පවුල් 33422කට අයත් පුද්ගලයන් 130021 කට අධික ප්‍රමාණයක් ආපදාවට ලක්ව, පුද්ගල මරණ 26ක් සහ තුවාල ලැබීම් 41ක් වාර්තා වී ඇති බවත්, ඇතැම් ප්‍රදේශ වල දැනටත් පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් අද දින උදැසන වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 116ක් තුල පවුල් 2368ක පුද්ගලයන් 9248ක් රඳවා සිටින බවත්


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා සහ නාවික හමුදා භට පිරිස් ආපදා සහන සහ ගලවා ගැනීමේ
මෙහෙයුම් සිදුකරයි

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව සහ නාවික හමුදාව ගලවා ගැනීමේ සහ ආපදා සහන සැලසීමේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදාවට පත්ව සිටි ධීවරයින් හය දෙනෙකු මුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සුරක්‍ෂිතව ගොඩබිමට රැගෙන එයි

ඉන්දියන් සාගරයේ දකුණු කලාපයේ ආපදාවට ලක්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු ගලවා ගැනීමේ මෙහෙයුමකින් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක් මගින් පසුගිය ඉරිදා (ජුනි 02) සාර්ථකව ගොඩබිමට රැගෙන එනු ලැබීය. ආපදාවට ලක් වන අවස්ථාවේ දෙවුන්දරට දකුණින් නාවික සැතපුම් 480 (කිලෝමීටර් 889) පමණ දුරින් යාත්‍රා කල MT Tonegawa නම් වෙළඳ භාණ්ඩ ප්‍රවාහන නෞකාව මගින් මුලින්ම මෙම ධීවරයින් මුදා ගෙන ඉන් අනතරුව නාවික හමුදාව වෙත භාර දී ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුර තත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම සඳහා ගත යුතු පියවරයන් පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරයි

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලට ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් ආපදාවට ලක්වුවන්ට සහන සැලසීම පිළිබඳ සාකච්ඡාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ හා පළාත් සභා හා පළාත් පාලන, පරිසර රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (ජුනි 02) පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අප මාතෘ භූමිය වෙනුවෙන් දිවිපුද කල වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින්ගේ හා විශ්‍රාමික /වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන්ගේ සුභසාධන හා පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීමේ තවත් වැඩසටහනක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් දීපව්‍යාප්තව සංවිධානය කරනු ලබන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (ජුනි 02) කුරුවිට ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන කඳවුරේදී පැවැත්විණ, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක්වුනු අතර, මෙම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ආරක්‍ෂක සේනා මධ්‍යම බලප්‍රදේශය ආවරණ වන පරිදි ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල - දියතලාව කඳවුරේදී ඊයේ (ජුනි 01) දින පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රට වෙනුවෙන් දිවිපුද කල වීරෝධාර රණවිරන්ගේ පවුල්වල සමාජිකයින්ගේ හා විශ්‍රාමික /වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන්ගේ සුභසාධන හා පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීමේ වැඩසටහන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන්

  •   “අප මාතෘ භුමියේ නිදහස වෙනුවෙන්, මේ රටේ සාමය වෙනුවෙන් ජිවිත පුද කල, සටන් වැද තුවාල ලැබූ රණවිරුවන් මෙන්ම ඒ් අයගේ පවුල්වල සාමාජිකයින් අපගේ මතකයේ හැමදාම රැදී ඉන්නවා, ඔවුන් කරපු උත්තරීතර කැප කීරීමට අපි හිස නමා ආචාර කරමු”. 

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිරේක ලේකම් (ආරක්‍ෂක) ලෙස හර්ෂ විතානාරච්චි පත් කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ලෙස හර්ෂ විතානආරච්චි මහතා පත් කර ඇති අතර,ඔහුගේ නව තනතුරට අදාල පත් වීම ලිපිය ඊයේ සවස (මැයි 31) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් ලබාගත්තේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ශිෂ්‍යභට බලකායේ විෂය මාලාවට මුල්‍ය සාක්‍ෂරතාවය හඳුන්වාදීමට
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සැලසුම්

ජාතික ශිෂ්‍යභට බළකායේ විෂය මාලාවට මූල්‍ය සාක්‍ෂරතාව ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සාමාජිකයින් 25 දෙනෙකු
ජපානයේදී තෙල් කාන්දුවීම් කළමනාකරණ උපදේශකවරුන් ලෙස සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා ජපානයේ යොකොසුකා හි සමුද්‍ර ආපදා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පැවති තෙල් කාන්දුවීම් කළමනාකරණය පිළිබඳ උසස් පුහුණු වැඩසටහනක් හදාරා සාර්ථකව නිම කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ක්‍රීඩා වෙඩි තැබීමේ යූ ටියුබ් නාලිකාව එළිදැක්වීමේ උත්සවයට
ආරක්‍ෂක ලේකම් සහභාගී වේ

‘Scorpion Top Shot’ යූ ටියුබ් නාලිකාව එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (මැයි 29) සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අපගේ බලවත් සංවේගය...

පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ සිදුවූ නායයෑම් අනතුර පිළිබඳ ශෝක පණිවිඩය


පසුගිය පුවත් | පසුගිය පුවත්

පවතින මෝසම් වැසි ඉදිරියටත්

කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම අනාවැකිවලට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය තවදුරටත් පවතිනු ඇති බව ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් තැනින් තැන මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව ද අපේක්ෂා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ නව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ලෙස අභිනවයෙන් පත් වූ අතිගරු මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික) මැතිතුමා, අද (මැයි 29) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘පාසල් පද්ධතිය, පාසල දරුවන්ට ආරක්‍ෂාව සහිත භුමියක් බවට පත් කිරිම අප සියලූ දෙනාගේ වගකීමයි' - ආරක්‍ෂක රාජ්‍ය ඇමැති තෙන්නකෝන්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවලදී පාසල ආරක්‍ෂිත පරිසරයක් බවට සහතික කිරීම තුළින් පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම අපගේ ආපදා කළමනාකරණ වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මැයි 28) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තද සුළං සහ මුහුද රළු වීම් පිළිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

සක්‍රීය වී ඇති නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කෙරේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර පැ.කි.මී 60 -70 අතර ඉතා තද සුළං හමනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ආපදා කළමනාකරණ ඉදිරි පියවරයන් පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මාධ්‍ය දැනුවත් කරයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් අද (මැයි 27) දින කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.