පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

Bill & Melinda Gates පදනමේ නියෝජිත පිරිස
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Bill & Melinda Gates පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අද (දෙසැ 11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 73 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අද දින (‍2023 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 73 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නවතම කාලගුණ අනාවැකියට අනුව අද (දෙසැ. 08) පස්වරු 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අන්තර්ජාල රැඩිකල්කරණයෙන් මෙරට තරුණ පරපුර මුදාගැනීම සඳහා
සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා අවධාරණය කරයි

දකුණු ආසියානු කලාපීය රටවල තරුණ පරම්පරාව අන්තර්ජාල ක්‍රමවේද ඔස්සේ රැඩිකල්කරණය වීම, සුවිශේෂී අවධානයක් අවශ්‍ය කෙරෙන සංකීර්ණ අභියෝගයක් බවට පත්ව ඇත. අධ්‍යාපනය, අන්තර් සහයෝගීතාවය, සමාජ-ආර්ථික සංවර්ධනය සහ නුතන තාක්‍ෂණය වගකීමෙන් යුතුව භාවිතයට ගැනීම තුළින්, අන්තවාදී අදහස් වලට එරෙහි වීමට සහ වඩාත් සාමකාමී ප්‍රවේශයක් ඔස්සේ කලාපයේ රටවල් අතර ශක්තිමත් බැඳීමක් මෙන්ම සමෘධිමත් අනාගතයක් සඳහා මග පෑදීමට අපගේ තරුණයන් සවිබල ගැන්වීමට අපට හැකිවේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මෙටා ආයතනයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපිය මහජන ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්‍ෂවරයා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

මෙටා ආයතනයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපිය මහජන ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ සරීම් අසීස් මහතා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (දෙසැ. 07) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා හමුදාව උතුරේ ජනතාව වෙනුවෙන් සිදු කරන
ප්‍රජා ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක මෙහෙයුම් සඳහා අනුගත වෙමින් 4 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ භට පිරිස් විසින් පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් යාපනයේ පිහිටි සිය කඳවුරු පරිශ්‍රයේදී සංවිධානය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව චින රජයෙන් මිලදි ගනු ලැබු නව Y-12 වර්ගයේ
ගුවන් යානා ද්විත්වය ශ‍්‍රි ලංකාවට

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් ජනාධිපති රනිල්වික‍්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ අධීක්ෂණය යටතේ අංක 08 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 (Y- 12) වර්ගයේ සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය අද (2023 දෙසැමිබර් මස 05 දින) දිවයිනට පැමිණෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාත්‍යන්තර රතු කුරුස නියෝජිත කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත පිරිසේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී Severine Chappaz මහත්මිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (දෙසැ. 05) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය සහ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය එක්ව සංවිධානය කරන ලද තැනැත්තන් වෙළඳාම පිළිබඳව, දිස්ත්‍රික්ක 13 ක් ආවරණය වන පරිදි  ප්‍රාදේශීය ලේකම්වරුන් 39 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (දෙසැ 04) කොළඹ රමාඩා හෝටලයේ දී ආරම්භ කෙරුණු අතර එහිදී ආරක්ෂක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න විසින් ආරම්භක දේශනය සිදු කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2023.12.04 දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය හා සබැඳිව මාධ්‍යයන්හි වූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳවයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්‍ෂා කිරීම සඳහා විවිධ අවස්ථාවන්හිදී පැමිණි හමුදා ප්‍රධානින් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී විශාල මුදලක් වැය කර ඇති බවට වැරදි අර්ථකථනයක් ලබාදෙමින් මාධ්‍යයන්හි ප්‍රචාරය වූ කරුණුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලාංකේය තරුණ විරුවන් ඇගයීම සඳහා ‘ජාතික තරුණ විරු සම්මානය’
ජාතික ශිෂ්‍යභට බලකාය හරහා ක්‍රියාත්මක කෙරේ - වැඩබලන ආරක්‍ෂක ඇමැති

අනාගත සමාජ අභියෝගවලට මුහුණ දීම සඳහා සුවිශේෂී නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ජවසම්පන්න, දැනුමෙන් සන්නද්ධ, විනයගරුක පුරවැසියන් බවට තරුණ ප්‍රජාව හැඩගැන්වීම අරමුණු කර ගත් ශ්‍රී ලාංකේය තරුණ විරුවන් ඇගයීම සඳහා වන ‘ජාතික තරුණ විරු සම්මානය’ හඳුන්වා දීමේ ක්‍රියාන්විතය ජාතික ශිෂ්‍යභට බලකාය හරහා සිදුකරන බව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

9 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සාර්ථකව අවසන්

ඉන්දියානු සහ ශ්‍රී ලංකා හමුදා භටපිරිස්හි සහභාගිත්වයෙන් 9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය පසුගිය සඳුදා (නොවැම්බර් මස 28) දින ඉන්දියාවේ, පූනේ හි පිහිටි ආවුන්ද් (Aundh, Pune) හිදී නිල වශයෙන් සමාප්ත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් යථා තත්ත්වයට

අධික වර්ෂාපතනය හේතුවෙන් ඔහිය දුම්රිය ස්ථානය අසල පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 22) දින අලුයම බාධා එල්ලවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත් තත්වයට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (නොවැ. 27) සිට ඉදිරි දින කිහිපය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ ක්‍රීඩාශීලිත්වය විදහා පාමින්
12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2022/2023 අති උත්කර්ෂවත් ලෙස සමාප්ත වේ

සමාප්ති උළෙලට සහභාගි වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (නොවැ 24) සවස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ක්‍රීඩාව, ජාතිය, ආගම හෝ සමේ වර්ණය නොසලකා සියලු මිනිසුන් එක් කරන බව ප්‍රකාශ කර සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට කඩිනම් පියවර

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින එම රෝහලේදි පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙනස්වන ගෝලීය භූ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට හැකිවන උපායමාර්ගික සැලැස්මක වැදගත්කම ජනපති අවධාරණය කරයි

ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතෙකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට
ආරක්‍ෂක ලේකම්වරයා එක්වෙයි

ඊයේ (නොවැ. 21) දින සන්ධ්‍යාවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු 52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහාභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ මඩකලපුව, සිවිල් පුරවැසි කමිටුවේ මූලිකත්වයෙන් සිංහල හා දමිළ භාෂා පුහුණු පාඨමාවන් ආරම්භ කරයි

දමිළ තරුණ තරුණියන් සඳහා ඔඩ්ඩමාවඩි ජාතික පාසලේ පවත්වනු ලැබූ සිංහල භාෂා ඩිප්ලෝමා පාඨමාලාවෙහි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින පැවති අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මඩකලපුව, සිවිල් පුරවැසි කමිටුවේ සභාපතිතුමන්ගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජී සහභාගී වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් නායයෑම් හා ගංවතුර තර්ජන

කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියට අනුව අද (නොවැ. 20) දිවයිනේ බොහෝ පළාත් වල සවස 01.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණ තත්වයන් තුල ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා
යුද හමුදාවේ සහාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් රට තුළ පවතින අයහපත් කාලගුණික තත්වයන් තුළ ගංවතුරින් විපතට පත් ප්‍රජාවට නිරන්තරයෙන් සිය උපකාර සිදුකරමින් සිටින අතර, ජනතාවට පහසුකම් සැපයීම සඳහා ඔවුන් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට මහඟු පිටුවහලක් වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

9 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය ඇරඹේ

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අඛණ්ඩව 9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම යුද අභයාසය ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 123 දෙනෙක්, ඉන්දීය ගුවන් හමුදා භටපිරිස් 15 දෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් 05 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු දත්ත පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කෙරේ

රණවිරු සේවා අධිකාරියේ ආරම්භයේ සිට මේ දක්වා සිදුකරන ලද විවිධ ව්‍යාපෘතීන් වලට අදාල දත්ත එකම අවකාශයක මධ්‍යම දත්ත ගොනුවක් ලෙස නිර්මාණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැ 15) රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රංශ තානාපතිවරයා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සබඳතා
ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු Jean-François Pactet මැතිතුමා අද (නොවැ. 15) උදෑසන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවීමෙන් අනතුරුව ඔහු සමඟ සුහද කතාබහක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් ආනන්ද් මුකුන්දන් අද (නොවැ. 14) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.