පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සාවරියපුරම් හිදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක්   නොවැම්බර් මස 29 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් මුළු ගණන 13,594 ක් දක්වා ඉහළට

අද (30) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 496 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,483 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල වියළි කහ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ නාවික විධානය විසින් වියළි කහ කිලෝ 1372 ක් සහ ග්‍රෑම් 300 ක් හා ඉන්දියානු ජාතිකයින් 05 දෙනෙකු පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 410 ක්

පසුගිය පැය 24 තුළ  තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 487 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,988 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශය

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අද (2020 නොවැම්බර් 28) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති සමුද්‍ර ආරක්‍ෂණ සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුවේ ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශය පහත පරිදි වේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුව ඇරඹේ

සමුද්‍ර ආරක්‍ෂණ සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුව ඉන්දියාව සහ මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක උපදේශක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මීට සුළු මොහොතකට පෙර  (නොවැ. 28) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 410 ක්

පසුගිය පැය 24 තුළ  තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 473 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,500 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා  අද (නොවැ. 27) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයින් ආරක්‍ෂක ඇමතිවරිය ආරක්‍ෂක ලේකම් හමුවේ

මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍ය ගරු. මාරියා දීදි මැතිනිය ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා  අද (නොවැ. 27) අමාත්‍යාංශයේදී දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයින් ආරක්ෂක ඇමතිනී කොළඹට පැමිණියාය

මාලදිවයින් ආරක්ෂක ඇමතිනී ගරු. මාරියා දීඩි මහත්මිය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය සංවාදයක් සඳහා අද කොළඹට පැමිණියාය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක කොළඹට පැමිණියේය

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය සංවාදයක් සඳහා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා  අද කොළඹට පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

35 වන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත්කෙරේ

වැඩබලන පොලිස්පති ලෙස රාජකාරි කළ චන්දන වික්‍රමරත්න මහතා අද (නොවැම්බර් 27) කොළඹ පොලිස් මූලස්ථානයේදී  ශ්‍රී ලංකා පොලිසියේ 35 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාරගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

15,815ක් කොරෝනා වෛරසයෙන් සුවය ලබයි

අද (27)  උදෑසන 6.00 න් අවසන් වූ පසුගිය පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 559 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,027 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

 



පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික රැස්වීම 2020 නොවැම්බර් 27 සිට 28 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක  උපදේශක ත්‍රෛපාර්ශ්වික  රැස්වීම 2020 නොවැම්බර් 27 සිට 28 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දේ

රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා  මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (නොවැ. 26)  දිවුරුම් දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 485 ක්

පසුගිය පැය 24 තුළ  තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 502 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21,460 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

වන විනාශය මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවෙන් ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් - ආරක්ෂක ලේකම්

නීතිවිරෝධී වන සම්පත් විනාශය පිළිබඳව අවධානය යොමු කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ වනාන්තර විනාශය පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් හා දැව කැපීමට පෙර එවැනි උත්සාහයන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බවත්ය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

“නිවාර්” සුළි කුණාටුවේ බලපෑම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ඉහළින් සක්‍රියව ඇති “නිවාර්” සුළි කුණාටුව දරුණු සුළි කුණාටුවක් බවට පත්ව ඇති අතර එය ඊයේ (24) පැය 2330 ට (10.1N, 82.1E) ආසන්නයේ , කන්කසන්තුරය වෙරළට කි.මී. 230 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ. 24) නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන් වේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊයේ දිනට (24) PCR පරීක්‍ෂණ 7,467 ක්

පසුගිය පැය 24 තුළ  තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 458 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,967 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඉතා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත දැඩි අව පීඩන තත්වයක් හා  (10.0N, 83.3E) එය කේන්ද්‍රගත වී ඇත්තේ ත්‍රිකුණාමලයේ වෙරළට ඊසාන දෙසින් කි.මී. 280 ක් පමණ දුරින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ. 24) නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන් වේ.