පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

බන්ධනාගාර තදබදය අවම කිරීමට සාකච්ඡා

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හා ආරක්ෂක ලේකම් අතර විශේෂ සාකච්ඡාවක්  පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කටුනායක පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය

අද (ඔක්තෝබර් 15) දින අළුයම 5.00 සිට නැවත දැනුම් දෙන තෙක් කටුනායක පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව නෞකා දෙකකට සමුදේ

ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය   සඳුදා ( ඔක්තෝබර් 12) දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හදිසි අවස්ථා සඳහා උතුරේ යුද හමුදා රෝහලේ ඇඳන් 100 ක්

උතුරේ ඇතිවිය හැකි හදිසි අවස්ථාවක් සඳහා ඇඳන් 100 ක් සමඟ යුද හමුදාව සූදානම් බව කොවිඩ් 19  පැතිරීම  වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  සහතික වෙයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කර්මාන්තශාලා හිමියන් සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ පිළිපැදිය යුතුයි

සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශ හා පූර්වෝපායන් දැඩි ලෙස පිළිපදින ලෙසත් ඔවුන්ගේ සේවකයින් සමාජයේ බාහිර පුද්ගලයින්ට නිරාවරණය නොවන බවට සහතික විය යුතු  බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් සියළුම ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ට සහ සමාගම් කළමනාකරණ නියෝජිතයින්ට දැනුම් දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

DMC විසින් සුනාමි පෙරහුරු වැඩසටහනක් පවත්වන ලදී

රටවල් 28 ක තාක්ෂණික සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (ඔක්තෝබර් 13) දින කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අධික වර්ෂාව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

නුවරඑළිය , මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල  සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවන අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඊයේ දිනට PCR පරීක්ෂණ 6648

ඔක්තෝබර් 12 වන දින වාර්තා වූ රෝගීන් 92 දෙනා සමඟ අද (ඔක්තෝබර් 13) වන විට රටේ සමස්ත කොරෝනා  වෛරසය ආසාදිතයින් ගනණ  4,844 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවක තොරතුරු යාවත්කාලීන කිරීම

ඉදිරි දින තුන තුළ තම සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වෛරසය ආසාදිතව සිට 3317 ක් සුවය ලබා රෝහල් වලින් පිටව යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන පරිදි පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව  3317 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරෝධායන ඇඳිරි නීතිය දැඩි කෙරේ, සියලුම අත්‍යවශ්‍ය සේවා වෙළඳසැල් දින 3 ක් වසා දමයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සුපිරි වෙළඳසැල්, ඔසුහල්  සහ වෙනත් ආහාර වෙළඳසැල් අද (ඔක්තෝබර් 13) සිට දින 03 ක් වසා තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ඖෂධ ලබාදීම නිවෙස් වෙත - සෞඛ්‍ය අමාත්‍යාංශය

නිදන්ගත රෝග ඇති රෝගීන් සහ වැඩිහිටියන් නැවත දැනුම් දෙන තුරු රෝහල් සායනවලට නොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අවුකන බුද්ධ ප්‍රතිමා පරිශ්‍රය නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව

අද (ඔක්තෝබර් 10) සිට පූජනීය අවුකන බුද්ධ ප්‍රතිමාවේ භූමිය නඩත්තු කිරීමේ වරප්‍රසාදය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිනුවන්ගොඩ කොරෝනා වෛරස් පොකුර 1186 දක්වා ඉහළට - කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

දේශීයව හඳුනාගෙන ඇති සමීප ආශ්‍රිතයින්  103 ක් සහ කර්මාන්තශාලා සේවකයින් 02 ක් සමගින් මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වූ මුළු කොවිඩ් -19 ආසාදිත  රෝගීන් සංඛ්‍යාව 1186 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය  අද (ඔක්තෝබර් 11) දින පැවසීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉදිරි දින කිහිපය තුළ වැසි සහ සුළං තත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

දිවයින පුරා සුළං සහ වැසි තත්ත්වය තාවකාලිකව ඉහළ යාමක්  පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාව දැනුවත් කරන අතර නිරිතදිග මෝසම් වැසි හේතුවෙන් විශේෂයෙන් අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ නිරිතදිග ප්‍රදේශ හරහා එම තත්වයන් ඇතිවිය හැකි බවට දැනුම් දෙනු ලැබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පිස්තෝලයක් සහ පතොරම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විශේෂ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පිස්තෝලයක් සහ පතොරම් 6 ක් සහිත මැගසිනයක්  රු. 250,000ක මුදලකට විකිණීමට සුදානම්ව සිටි පුද්ගලයකු ඊයේ (ඔක්තෝබර් 09) දින සවස බදුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාවට 71 වසරක් සපිරේ

1949 ඔක්තෝබර් 10 වන දින ලංකා හමුදාව ලෙස ආරම්භ කළ ශ්‍රී ලංකා යුද හමුදාව  එහි 71 වන සංවත්සරය අද (2020 ඔක්තෝබර් 10) දින සමරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

SInhala.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ව්‍යාජ ප්‍රචාරයන් සත්‍ය තොරතුරු ලෙස නොසලකන මෙන් රජය ඉල්ලා සිටී

සමාජ මාධ්‍යවල පතුරවන අසත්‍ය ප්‍රචාර සත්‍ය තොරතුරු ලෙස නොසලකන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ගරු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද (ඔක්තෝබර් 09) අමාත්‍යාංශයේදී හමුවිය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

2020-2025 සඳහා යුද්ධ හමුදාවේ ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’කෙටුම්පත් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව 2020-2025 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග සැලැස්ම පිළිබඳ කෙටුම්පත හිටපු යුද හමුදාපතිවරුන් වෙත ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා ඊයේ (ඔක්තෝබර් 8) දින  යුද හමුදා මූලස්ථානයේ දී භාරදී තිබේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල මහජනතාව සඳහා අත්‍යවශ්‍ය සේවාවන් විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති  ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 18 ක සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට කටයුතු යොදා ඇති බව පොලිසිය පවසයි.