පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

‘හෙළ සරණ’ ශ්‍රී ලංකා ඊශ්‍රායල සංවිධානය විසින් විෂබීජ නාශක දියර කෑන් 50 ක් පරිත්‍යාග කරයි

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් විසින් පිහිටුවන ලද ‘හෙළ සරණ’ ශ්‍රී ලංකා ඊශ්‍රායල සංවිධානය විසින් රු. 100,000 ක් වටිනා විෂබීජ නාශක දියර කෑන් 50ක්  ඊයේ (9) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පරිත්‍යාග කළේය.




පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් MT New Diamond නෞකාවේ පවතින ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටී

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ පවතින සුළං සහිත කාලගුණික තත්ත්වයන් සහ අඛණ්ඩ ගිනි නිවීමේ මෙහෙයුම් මධ්‍යයේ වියළි රසායනික කුඩු නෞකාව වෙත හෙලීමත් සමඟ MT New Diamond යානයේ ඇතිව තිබෙන ගින්න විශාල වශයෙන් පාලනය කර ඇති බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රත්‍රන් කිලෝ 10 ක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රත්‍රන් බිස්කට් කිලෝ 10 ක ප්‍රමාණයක් අද (සැප්තැම්බර් 8) අලුයම 3.00 ට පමණ පුත්තලම විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුහුදු සුළඟ නිසා ආපදාවට ලක් වූ නෞකාවේ යළිත් ගිනි දැල් - නාවික හමුදාව

අයහපත් කාලගුණය හේතුවෙන් MT New Diamond නෞකාවේ යළිත් ගිනිදැල් ඇති වී ඇති  බව නාවික හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (සැප්තැම්බර් 06) රාත්‍රී 9.30ට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් පිළිබඳ පණිවිඩයක් නිකුත් කරමින් දිවයිනේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම්වලට ගොදුරු විය හැකි දිස්ත්‍රික්ක පහක් නම් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘පාතාලයෝ’ සහ ‘ගෝඨාභය’ ඉංග්‍රීසි පරිවර්තනය ජනපතිතුමන් වෙත පිරිනැමේ

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොට ගෙන ලියා ඇති  ‘පාතාලයෝ' නම් සිංහල නවකතාව සහ ‘ගෝඨාභය’ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීමේ උත්සවය සිය 59 වන උපන් දිනයට සමගාමීව ඊයේ (සැප්තැම්බර් 6) සවස කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.
 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී වියළි කහ කිලෝග්‍රෑම් 815 නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (6) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නීති විරෝධී වියළි කහ කිලෝග්‍රෑම් 815 ක් අත්අඩංගුවට ගනු ලැබීය


පසුගිය පුවත් | පසුගිය පුවත්

MT New Diamond බොර තෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ - නාවික හමුදාව

MT New Diamond බොර තෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කළ බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්හදා බලන ලද Dry Chemical Powder (DCP) රසායනික මලු මගින් නෞකාවේ ගිනිදැල් නිකුත්වීම ඇනහිට සාර්ථක ප්‍රථිපල අත්කර දෙන ලද බවත් නාවික හමුදාව අද (6) ප්‍රකාශ කළේය.




පසුගිය පුවත් | පසුගිය පුවත්

රජය MT New Diamond හි ගින්න නිවා දැමීමට කලාපීය සහාය ලබා ගැනීමට කටයුතු කරයි

MT New Diamond හි ගින්න නිවා දැමීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතරම තෙල් කාන්දු වීමක් සිදු වුවහොත් එම තත්වය කළමනාකරණය කිරීමට සූදානම් වෙමින් සිටින අතර අවශ්‍ය නම් ඒ සදහා කලාපීය රටවල සහාය ලබා ගැනීමටද රජය කටයුතු කරන බව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව තෙල් නෞකාව වෙරළ දෙසට ඇදී යාම වළක්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංගමන්කන්දට ඈතින් මුහුදේ ගිනිගෙන දැවෙන ‘MT New Diamond’ තෙල් නෞකාව දිවයින දෙසට ගසාගෙන යාම වළක්වාලීමට පියවර ගෙන ඇති බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මිට සුලු මොහොතකට පෙර පැවසීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිනිගත් තෙල් නෞකාවේ කපිතාන්වරයා සහ තුවාල ලැබූවන් නාවික හමුදාවෙන් මුදවා ගනී

සංගමන්කන්ද තුඩුවට ඈතින් මුහුදේ ගිනිගෙන දැවෙන තෙල් නෞකාව තුල බරපතල ලෙස තුවාල ලැබූ තෙවැනි ඉංජිනේරුවරයා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙරළට ගෙන ආ බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිනි ගැනීමකට ලක්ව ඇති තෙල් නෞකාවක සහායට නාවික සහ ගුවන් හමුදා විසින් නැව් සහ ගුවන් යානා යොදවයි

මීට සුලු  වේලාවකට පෙර සංගමන් කන්ද තුඩුවේ  සිට නාවික සැතපුම් 38 ක් ඈතින් වූ මුහුදේ දී ගිනිගෙන ඇති විදේශීය තෙල්  නෞකාවකට ඇති වූ ගින්නක් නිවීමට  සහාය වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව   නැව් දෙකක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඇති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා  පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තද වැසි සහ සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

දිවයින අවට පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පවතින වැසි තත්වය තරමක වැඩිවීමක් සහ සුළං වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි වීමට ඉඩ ඇති හෙයින් ඒ පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලීසිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ

හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් සේවයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හෙළ රණවිර බළමුළුව වෙත දානපතියෙකු රු. 100,000 ක් පරිත්‍යාග කරයි

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන යූ.එච්. අශෝක විසින් රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් හෙළ රණවිර බළමුළුව වෙත රුපියල් 100,000 ක මුදලක් අද  (සැප්තැම්බර් 02) දින ආරක්ෂක අමාත්‍යාංශයේදි පරිත්‍යාග කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

පෞද්ගලික උත්සව සඳහා තමාට ආරාධනා නොකරන ලෙස ජනාධිපතිතුමා මහජනතාවගෙන් ඉල්ලා සිටී

ජාතික වගකීම් සපුරාලීම සදහා තම කාලය මුළුමනින්ම කැප කිරීමට අවශ්‍ය බැවින් මංගල උත්සව වැනි පෞද්ගලික උත්සව, ත්‍යාග ප්‍රදානෝත්සව සහ වෙනත් උත්සව සඳහා තමාට ආරාධනා නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අද දින ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංවිධානාත්මක අපරාධ, පාතාල හා මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමට රජය කටයුතු කරනු ඇත - ආරක්‍ෂක ලේකම්

ත්‍රස්තවාදය තුරන් කර රටේ සාමය හා සමෘද්ධිය ඇති කල ලෙසම ශක්තිමත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ රජය විසින් සමාජයෙන් මතුවන තර්ජන මැඩලන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දෙබරවැවේ සිසු සිසුවියන් 4,000 කට වැඩි පිරිසකට ජලය සැපයීම සඳහා නාවික හමුදාවෙන් ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය අමාත්‍ය රාජපක්‍ෂ විවෘත කරයි

තිස්සමහාරාමයේ දෙබරවැව ජාතික පාසලේ ස්ථාපනය කරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් වාරිමාර්ග කැබිනට් අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්‍ෂ ඊයේ (අගෝස්තු 31) විවෘත කරන ලදි.