පසුගිය පුවත්
බදාදා දින පීසීආර් පරීක්ෂණ 14,336 ක්
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 697 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 30,074 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 10) ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා දැක්ම ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී
නාවික හමුදාවේ 70 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් ‘මෙය ඔබේ නාවික හමුදාව’ සහ ‘ඔබේ නාවික හමුදාව දැනගන්න’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ නැංගුරම් ලා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන කණ්ඩායම දකුණු සුඩාන් ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා පිටත්ව යනලදී.
දකුණු සුඩාන් ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් (UNMISS) යටතේ ඇති ගුවන් ඒකකයේ 5 වන බලකාය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන කණ්ඩායම අද (දෙසැම්බර් 10) උදෑසන රටින් පිටත්ව ගියහ.
විකිරණශීලී ද්‍රව්‍ය උපකරණ කට්ටලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබේ
සූර්ය බලශක්ති, සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය ගරු. දුමින්ද දිසනායක මහතා විශේෂ විකිරණශීලී ද්‍රව්‍ය හඳුනාගැනීමේ සහ විකිරණශීලී මිනුම් උපකරණ කට්ටලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරණ ලදී.
යුධ හමුදාව කිරි නිෂ්පාදනය ආරම්භ කරන ලදී
යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදා කන්දකාඩු ගොවිපොළේ නැවුම් කිරි බෝතල් 1,000 ක් නිෂ්පාදනය කර තිබේ.
රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද (දෙසැම්බර් 09) අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
වසංගතය හේතුවෙන් රටට සෙත් පතා සති තුනක් පුරා පැවති පිරිත් සජ්ඣායනය අදින් අවසන්
කොරෝනා වෛරස වසංගතයෙන් මිදීම සඳහා රටට ආශිර්වාද කිරීම වෙනුවෙන් නිදහස් චතුරශ්‍රයේ පැවති සති තුනක අඛණ්ඩ පිරිත් සජ්ඣායනය අද උදෑසන (දෙසැම්බර් 09) සාර්ථකව අවසන් කෙරිණි.
කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ මුළු ගණන 21,257 ක් දක්වා ඉහළට - කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය
අද (දෙසැම්බර් 09) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 798 ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 29,377 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ස්ථාන කිහිපයකට මිලිමීටර් 100 ක පමණ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ වාර්තාව (දෙසැම්බර් 9) නිකුත් කරමින් උතුර හා නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් කරයි.
දීඝවාපී ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයට
දීඝවාපී ස්ථූප ප්‍රතිසංස්කරණ ව ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (දෙසැම්බර් 8) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විය.
පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිවිල් වැසියන් 89 දෙනෙකු සිය නිවෙස් වෙතට
ඉතාලියේ සිට නැවත මෙරටට පැමිණි 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පලාලිහි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී, නියමිත නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 7) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
සඳුදා දින පීසීආර් පරීක්ෂණ 13,831 ක් සිදුකරන ලදී
අද (දෙසැම්බර් 08) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයින් 703ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 28,579 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
යුද හමුදාව විසින් අක්කර 30 ක පොල් පැළ සිටුවයි
‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව කුට්ටිගල හමුදා කඳවුර තුළ අක්කර 30 ක භූමි භාගයක පොල් පැළ සිටුවීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලදී.
ඊයේ දිනට (06) PCR පරීක්‍ෂණ 14,125 ක්
අද (දෙසැම්බර් 07) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 649 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27,876 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
රණවිරු සේවා අධිකාරිය සුභසාධන ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි
රණවිරු සේවා අධිකාරියේ අනුග්‍රහයෙන් INSEE සිමෙන්ති සමාගම අද (දෙසැම්බර් 07) ආරක්ෂක අමාත්‍යාංශයේ සහන මිලක් යටතේ හමුදා නිලධාරීන්ට සිමෙන්ති ලබා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එහි පෙර තිබූ කීර්තිය ලබා ගනිමින් සිටිනවා - ආරක්ෂක ලේකම්
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එහි පෙර තිබූ කීර්තිය නැවත ලබා ගනිමින් සිටින බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
බුරවී සුලිකුණාටුවේ බලපෑම තවදුරටත් අඩුවේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අද (දෙසැම්බර් 04) දින උදෑසන නිකුත් කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවේ සඳහන් වන්නේ “බුරවි” සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී පවතින අතර එය මන්නාරමට කි.මී. 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පවතින බවයි.
ඊයේ දිනට (03) PCR පරීක්‍ෂණ 13,632 ක්
අද (දෙසැම්බර් 03) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 628 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 26,037 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
බුරවී සුලිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවේ- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අද (දෙසැම්බර් 03) දින දහවල් නිකුත් කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවේ සඳහන් වූයේ "බුරවී" සුළි කුණාටුව මේ වන විට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි.
රුසියානු යුද නෞකා තුන අද ත්‍රිකුණාමලයෙන් පිටත් වීමට නියමිතයි
ත්‍රිකුණාමල වරායට පැමිණි රුසියානු යුද නෞකා තුන අද (දෙසැම්බර් 3) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඊයේ දිනට (02) PCR පරීක්‍ෂණ 13,423 ක්
අද (දෙසැම්බර් 02) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 878 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25,409 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
උපදේශන නිලධාරින් 31 දෙනෙකු සඳහා ආරක්ෂක ලේකම් සුරතින් නව පත්වීම් ලිපි
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර උපදේශන සහ උපදේශන සහායක තනතුරු සඳහා නිලධාරීන් 31 දෙනෙකුට නව පත්වීම් ලිපි, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් රාජගිරියේ පිහිටි එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී අද (දෙසැම්බර් 02) දින පැවති උත්සවයකදී ලබා දෙන ලදි.