පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා මහ රෝහල වෙතින් රෝගීන් සඳහා ඖෂධ නිවෙස් වෙතට

සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා ඔවුන්ගේ නිවෙස් වෙතටම අවශ්‍ය ‍ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙලක් නාවික හමුදාව විසින් අද දින සිට ක්‍රියාවට නංවා ඇත.




පසුගිය පුවත් | පසුගිය පුවත්

රු. මිලියන 200 ක් වටිනා ‘මැන්ඩි’ (MDMA) මත්ද්‍රව්‍ය තොගයක් අම්බලන්ගොඩදී පොලිස් අත්අඩංගුවට

අම්බලන්ගොඩ, පටබැදිමුල්ල ප්‍රදේශයේ ඊයේ (අගෝස්තු 15) සවස සිදු කල විශේෂ මෙහෙයුමක් අතරතුර ගබඩා කර තිබු රු. මිලියන 200 ක් වටිනා ‘මැන්ඩි’ නම් වූ (Methylenedioxymethamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආශ්වාසය මගින් භාවිතා කරන මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී

පසුගිය දිනක පාසල් ළමුන් අතර බෙදාහැර ඇති මත්ද්‍රව්‍ය ආශ්වාස කිරීමේ ජාවාරමක් පොලිසිය විසින් අල්ලා ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඩුබායි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු මෙරටට

ශ්‍රී ලාංකිකයින්  420 දෙනෙකු රැගත් EK 2528 එමිරේට්ස් ගුවන් යානය අද දින (අගෝස්තු 16) සවස  4.20 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමට නියමිත බව  ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු පැවසීය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

රටේ සංවර්ධනය සඳහා ආරක්ෂාව තීරණාත්මක සහ ඉතා වැදගත් සාධකයක් - ආරක්ෂක ලේකම්

රටේ සංවර්ධනය සඳහා ජාතික ආරක්ෂාව ඉතා වැදගත් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 2,658 දක්වා ඉහළට

කොරෝනා වෛරසයෙන් සුවය  ලබා තවත් රෝගීන් 12 දෙනෙකු  සිකුරාදා (14) රෝහල්වලින්  පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2,658 දක්වා ඉහළ ගොස් තිබේ.

 





පසුගිය පුවත් | පසුගිය පුවත්

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න නැවතත් ආරක්‍ෂක ලේකම් ලෙස පත් කරයි

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් විසින් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස අද දින පත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

වලස්මුල්ල, මැදගන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යමින් තිබු නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය කල කුඩා කර්මාන්තශාලාවක් සහ නිෂ්පාදනය කර තිබු නීති විරෝධී ගිනි අවි,වෙඩි බෙහෙත්, ජීව උණ්ඩ   සහ ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සමඟ එහි හිමිකරු ඊයේ (12) සවස විශේෂ කාර්ය  බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කහ කිලෝ 6,381 ක් මුහුදු මගින් රැගෙන ඒමට දැරූ උත්සාහයක් නාවික හමුදාව විසින් ව්‍යර්ථ කෙරේ

බටහිර මුහුදු ප්‍රදේශය හරහා මෙරටට හොර රහසේ ගෙන ඒමට උත්සාහ කල කහ කිලෝ 6,381 ක් සමඟ සැකකරුවන් 13 දෙනෙකු ඊයේ දින (අගෝස්තු 11)  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදාව පේදුරුතුඩුවට නුදුරු මුහුදේදී කේරළ ගංජා කිලෝ 275 ක් අත්අඩංගුවට ගනී

යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී ඊයේ (11) දින සිදුකල විශේෂ වැටලීමකදී නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 275 ක් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් සිදුකල කැණීම් කිරීමක් හාලි ඇල පොලිසිය වලක්වයි

හාලි ඇල, උඩුවර ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරන බවට ලද තොරතුරක් අනුව හාලි ඇල පොලිසිය විසින් පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ සවස (අගෝස්තු 11) අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් යටතට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී අද දින (අගෝස්තු 12) පැවති නව අමාත්‍ය  මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරන ලද අතර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ විෂය පථය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවතී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථය යටතට

මේ සතියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්වදේශ කටයුතු, අභ්‍යන්තර ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් වේ.





පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා භටපිරිස් සුන්බුන් ඉවත් කරයි

නුවරඑළිය,මාවුස්සාකැලේ,මොහිනි ඇල්ල ප්‍රදේශයේ ගමනාගමනයට බාධා පමුනුවමින් සිදුව  ඇති  නායයෑම්වල සුන්බුන් 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ  සෙබළුන් විසින් ඉවත් කරන ලදී.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ෆේස්බුක් සාදයක දී තරුණයන් 20 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (9) සවස ෆේස්බුක් සාදයක්  වටලා  නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කළ හෝටල් හිමිකරුවෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.