පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු නාවික විධානය කජු වගාව ආරම්භ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා කජු සංස්ථාව සමග එක්ව කජු වගා කිරීමේ ව්‍යාපාරයක් දියත් කරමින්  එහි පළමු අදියර ලෙස උතුරු නාවික විධානයේ කනක්සන්තුර වරායේ  පැළ 100 ක් රෝපණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ කාර්ය බලකාය වලස්මුල්ල ප්‍රදේශයේදී හමුදා නිල ඇඳුම්, ආයුධ සහ පතොරම් තොගයක් සොයා ගනී

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳුදා දින (ජූලි 20) වලස්මුල්ල ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුමකදී හමුදා නිල ඇඳුම්, ආයුධ සහ ජීව පතොරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික පොකුරේ ‘තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිතයින් නොමැත’ ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කරයි

වැලිසර කදවුරු පොකුරේ සිටි අවසන් කොරෝනා වෛරසය ආසාදිත නැවියන් තිදෙනා සුව වීමත් සමඟ නාවික කොරෝනා වෛරස් පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාව සනාථ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කටුනායක හා රත්මලාන ගුවන්තොටුපලවල ගමන් මලු පරික්ෂා කිරීම නවතම තාක්ෂණයෙන්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සහ රත්මලාන ගුවන්තොටුපලේ  ගමන් මලු පිරික්සීමේ පහසුකම්, නවීන තාක්‍ෂණය යොදා ගනිමින් වැඩි දියුණු කළ යුතු බව ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) පවසයි.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

පසුගිය පැය 48 තුළ පාතාල අපරාධකරුවන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට

දිවයින පුරා අපරාධ මැඩලීම්  සහ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් පොලීසිය විසින් තවදුරටත් තීව්‍ර කිරීමත් සමඟ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ හා සම්බන්ධ අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු සඳුදා (ජූලි 20) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 48 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.





පසුගිය පුවත් | පසුගිය පුවත්

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පුහුණුව සඳහා භාවිතා කරන අවි ආකෘති නිපදවයි

තවත් සාර්ථක පර්යේෂණ ව්‍යාපෘතියක් සම්පූර්ණ කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පුහුණුව සඳහා භාවිතා කරන අවි ආකෘති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය වෙත හඳුන්වා දුන්නේය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

තද වැසි සහ මුහුදු රළ පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

වායුගෝලීය අව පීඩන කැළඹීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව පවතිනු ඇති බවට  අපේක්ෂා කරන බව අද දින (ජුලි 20) මීට සුළු මොහොතකට පෙර රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බාධාවකින් තොරව සන්නිවේදන කටයුතු සිදු කිරීම සඳහා Huawei වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධතියක්

Huawei Technologies Lanka Co. (Pvt) Ltd විසින් අද දින (ජූලි 19) ආරක්ෂක අමාත්‍යාංශයට වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධතියක් පරිත්‍යාග කරන ලදී.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ සදහා  නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා පොලිසිය මගින් නුදුරේදීම ස්ථාපිත කිරීමට නියමිත ‘නීති විරෝධී වත්කම් හා බුද්ධිමය දේපළ වැරදි සම්බන්ධ නව විමර්ශන ඒකකය’

අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයාගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ 01, චැතම් වීදියේ සෙන්ට්‍රල් පොයින්ට් හි ‘නීති විරෝධී වත්කම් හා බුද්ධිමය දේපළ වැරදි සම්බන්ධ නව විමර්ශන ඒකකය’ පිහිටුවීමට නියමිතය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට

මහා පරිමාණ හෙරොයින් ජාවාරම් වලට සම්බන්ධ 34 හැවිරිදි සැකකරුවෙකු සහ හෙරොයින් ග්‍රෑම් 1 මිලි ග්‍රෑම් 170 ක් සමඟ පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු තවදුරටත් ප්‍රථිකාර ලබමින් සිටී

ඉරිදා දින (ජූලි 19) වන විට කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් නාවිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් නැවියන් තිදෙනෙකු තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටී.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෙනසුරාදා සිදුකල පැය 12 ක මෙහෙයුමකදී 1,563 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

පොලීසිය විසින් සෙනසුරාදා (ජූලි 18) පෙ.ව. 6.00  සිට ප.ව 6.00 දක්වා බස්නාහිර පළාතේ සිදුකල විශේෂ මෙහෙයුමක් අතරතුර පුද්ගලයින් 1,563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,824 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

අද දින උදෑසන වන විට දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1,824 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හමුදා නිල ඇඳුම් සහ පතොරම් සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට

හමුදා නිල ඇඳුම්, හෙරොයින් ග්‍රෑම් 5 ක්, ජීව උණ්ඩ 2ක්, හිස් මැගසින් හතරක්, නීති විරෝධී කිනිසි තියුණු දෙකක් සහ ත්‍රිරෝද රථයක් සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

අවුරුදු 12 ක ආසාදිතයෙක් රාජාංගණයෙන්

ඊයේ (17) සිදුකරන ලද පරීක්ෂණ 139 න්, රාජාංගණය ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකුට පමණක් කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිසිය, අනවසරයෙන් වාහන නැවැත්වීම සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරයි

සිකුරාදා (ජූලි 17) සිට අනවසරයෙන් වාහන නැවැත්වීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජංගම දුරකථන 53 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට

බන්ධනාගාර නිලධාරීන් විසින් බදාදා (ජූලි 15) දින වැලිකඩ  කාන්තා බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ කළුතර බන්ධනාගාර වල සිදු‍කරන ලද මෙහෙයුම් වලින් අනතුරුව ජංගම දුරකථන 53 ක් සමග  දුරකථන බැටරි සහ සිම් කාඩ්පත් ඇතුළු උපාංග අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කන්දකාඩු රැඳවියන් බැලීමට පැමිණි පුද්ගලයින් 114 දෙනෙකු PCR පරීක්ෂණ වලින් පසු අසාදිතයන් නොවන බවට තහවුරු වේ

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 114 දෙනෙකු කොරොනා වෛරසයට රෝගයට ගොදුරු වී නැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසයි.