පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් එල්.පී බලගල්ල (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 16 වැනි යුද්ධ හමුදාධිපතිවරයා වන ජෙනරල් එල්.පී බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි අයිජි (විශ්‍රාමික) රෝගාතුරව නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ ප්‍රථීකාර ලබමින් සිටියදී බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින උදෑසන අභාවප්‍රාප්ත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’
යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 26) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ලංකා හොස්පිටල් කෝපරේෂන් හි ගිනි හා මුදාගැනීමේ අභ්‍යාසය 
පැවැත්වීමට ගුවන් හමුදා සහාය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ අංශය විසින් 2023 ඔක්තෝම්බර් 24 වන දින කොළඹ 05, නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් හි ගිනි හා ගලවා ගැනීමේ අභ්‍යාසයක් පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අසාධ්‍ය ලෙස රෝගාතුරව සිටින රෝගියෙකු හට ගුවන් වෛද්‍ය ප්‍රථමාධාර දී රැගෙනයාම පිළිබඳ පෙරහුරු අභ්‍යාසයක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023 ඔක්තෝම්බර් 24 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ශ්‍රී ලංකා ජාතික රෝහල් කාර්ය මන්ඩලය සමඟ එක්ව අසාධ්‍ය රෝගියෙකු ගුවන් වෛද්‍ය ප්‍රථමාධාර දී රැගෙනයාමේ පෙරහුරු අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී. මෙම අභ්‍යාසය ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා වෛද්‍ය කණ්ඩායම විසින් මෙම මස මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද දේශන මාලාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙස සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාව පුදුකුඩිඉරිප්පු ගොවීන්ට සහය වෙයි

පුදුකුඩිඉරිප්පු සහ සුදන්දිපුරම් ප්‍රදේශවල ගොවීන් විසින් අත්හැර දමන ලද කුඹුරු යළි අස්වැද්දීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 68 වන පාබල සේනාංකයේ භට පිරිස් සහය පසුගියදා ගොවීන් වෙත ලබා දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මැතිතුමා අඟහරුවාදා දින (ඔක්. 24) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ව ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍යයට වැට බඳින්න නව බලඅධිකාරියක්
ස්ථාපිත කරනවා – සාගල රත්නායක මහතා

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාධිපතිතුමන්, පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති විසිරයාමේ උත්සවයේ ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී වෙයි

පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඉෆ්තිකාර් හසාන් චවුද්‍රි (Major General lftikhar Hassan Chaudhary) ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පකිස්ථානයේ කාකුල් (Kakul) හි යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති කෙඩෙට් නිලධාරී විසිරයාමේ පෙළපාලියෙහි ගෞරවණීය ආරාධිතයෙකු ලෙස පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියානු නාවික හමුදාවේ අධි තාක්ෂණික සැහැල්ලු
හෙලිකොප්ටරයක් පුහුණුව සඳහා පැමිණේ

ඉන්දිය නාවික හමුදාවට අයත් අධි තාක්ෂණික සැහැල්ලු හෙලිකොප්ටරයක් පසුගියදා (ඔක්. 19) ශ්‍රී ලංකාවට ළඟා විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සඳහා නැව් මත හෙලිකොප්ටර් ගොඩ බෑමේ මෙහෙයුම් සඳහා පුහුණුවක් ලබාදීම මෙහි අරමුණ බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල සිට බටහිර දෙසට වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2023 ඔක්තෝබර් 22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල සූක්‍ෂම පරීක්‍ෂාවේදී , එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය අද දින (2023 ඔක්තෝබර් 22) දෙවුන්දර ධීවර වරායේදී නිරීක්‍ෂණය කිරීම සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2023 ජෝන් බී කල් අභියෝගතා කුසලාන තරඟාවලියේ අනුශූරතාව
කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයට

ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානය - රන්ටැඹේ වෙතින් 2023 වර්ෂයේ පවත්වන ලද සමස්ත ලංකා ජෝන් බී කල් අභියෝගතා කුසලාන තරඟාවලියේ බාලක අනුශූරතාවය කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක කණ්ඩායම විසින් පසුගියදා දිනා ගන්නා ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වෛද්‍ය කඳවුරේදී ලේ පරිත්‍යාග කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන වෛද්‍ය කඳවුරේ දෙවන අදියර අද (ඔක් 19) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණය තවදුරටත්

අද (ඔක් 19) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් මුලතිව් රෝහලට ලේ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 74 වන සංවත්සරය නිමිත්තෙන් පසුගියදා (ඔක් 15) මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ලේ දන්දීමේ ව්‍යාපාරයක් සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව ථූපාරාමය පුදබිමේ ප්‍රතිආශ්‍රැති
ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අනුරාධපුර ථූපාරාමයේ ස්ථාපිත කරන ලද නව ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය බදාදා (ඔක් 18) විවෘත කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී, තලකිරියාගම
රජමහා වැවෙහි වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

පසුගිය දිනවල ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තලකිරියාගම රජමහා වැවෙහි දකුණු ඉවුරු බැම්ම ගිලා බැසීම නිසා එම ස්ථානයෙන් වැව් බැම්ම කැඩී යාමේ අවධානමකට ලක් විය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 15) දින කඩිනමින් ක්‍රියාත්මක වී වැලි කොට්ට යොදා ගනිමින් වැව් බැම්ම ආරක්‍ෂා කිරීමට කටයුතු කළහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

INS Airavat නෞකාව කොළඹට ළඟා වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් INS Iravat නෞකාව නිල සංචාරයක් සඳහා ඊයෙ (ඔක් 18) කොළඹට ළඟා විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

11 වන ඉන්දු - ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡාව
කොළඹදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර එකළොස් වන වරට පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡා වාරය ඊයේ (ඔක් 17) කොළඹදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකළ 771 වන නව නිවස නිවාසලාභී පවුල වෙත පවරා දෙයි

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හි සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ ‘Imagine Compassion International Ltd’ ආයතනය වෙතින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත උරුම්පිරායි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය. නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් ඉදිකරනු ලැබූ 771 වන නිවස ලෙස මෙම නව නිවස ඉදිකරදෙනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්ම යන ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් සිය ධූර කාලය අවසන් කිරීම සනිටුහන් කරමින් අද (ඔක් 16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා යුද හමුදා භට පිරිස්
ප්‍රවාහන පහසුකම් සපයයි

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සිසුන් 22 දෙනෙකු සඳහා 5 ශ්‍රේණියේ විභාගයට පෙනී සිටීමට පාසල් 6 වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ප්‍රවාහන පහසුකම් ඊයේ (ඔක් 15) සලසා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කෙරේ

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් - එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ (15) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 සිට 20 දක්වා චීනයේ සිව්දින නිල සංචාරයක නිරත වනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩකයන් හට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සුබාශිංසන

නුදුරේදී චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩා කණ්ඩායම අද (ඔක්. 13) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට පැමිණි මොහොතේදී ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර, මෙම තරඟාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අවශ්‍ය කරන පහසුකම් පිළිබඳව සොයා බැලීමක් ද සිදු කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැඟී එන ලෝක ආර් ථිකය තුළ ඉන්දියන් සාගර කලාපයේ රටවලට
තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙනවා

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ඔක්. 12) පෙරවරුවේ ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්‍ෂණය කිරීම සඳහා එහි සංචාරයක නිරත විය. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සංචාරයට එක්ව සිටියහ.