පසුගිය පුවත්
පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම
අනාගතය සඳහා ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය ස්ථාන සුරක්ෂිත කරමින් නියමිත ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙයි.
වසංගත පාලන මෙහෙයුම්
වෛරසය ආසාදිතයින් හඳුනා ගෙන දිවයිනේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා රට පුරා පිහිටුවා ඇති ත්‍රිවිධ හමුදා විසින් කළමනාකරණය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිය මෙහෙයුම් නිරතුරුව සිදු කරයි.
අත්අඩංගුවට ගත් ආයුධ සහ පතොරම්
පසුගිය සතිය තුළ නීති විරෝධී ආයුධ සහ පතොරම් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ විශේෂ කාර්යය බලකාය සෝදිසියෙන් පසුවිය. පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ රජයේ දැක්මට අනුකූලව නීති විරෝධී ගිනි අවි සෙවීමේ මෙහෙයුම් සිදු කෙරිණි.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනක් හුදෙකලා කෙරේ
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා නැවත දැනුම් දෙන තෙක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනක් හුදෙකලා කර ඇති බව පොලිසිය මීට ටික වේලාවකට පෙර පැවසීය.
‘Army Commander’s League - T20’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්විණි
’ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රථම වරට සංවිධානය කළ ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ (‘Army Commander’s League-T 20’) ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (17) දින දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.
නාවික හමුදාව වෙත ඕස්ට්‍රේලියාවෙන් පීසීආර් යන්ත්‍ර 04 ක්
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා රජය දරන උත්සාහය ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ගේ නිළ නිවසේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට පීසීආර් පරීක්ෂණ යන්ත්‍ර 04 ක් ලබා දී තිබේ.
COVID-19 ආශ්‍රිත තොරතුරු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය 1999 අංකය හඳුන්වා දෙයි
COVID-19 සම්බන්ධ සියලු තොරතුරු ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජනතාවට දැනුම් දුන් බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව ඊයේ (ඔක්තෝබර් 17) පැවසීය.
කොරෝනා වෛරසය ආසාදිතයින් 3395 ක් සුවය ලබයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන පරිදි පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ සමගින් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 3395 ක් වේ.
ලෙබනනයේ ශ්‍රී ලාංකික භට පිරිස් සන්නද්ධ රථ සහ බහුකාර්ය යාන්ත්‍රික අවි පිළිබඳ අභ්‍යාසයක
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකාය යටතේ සේවය කරන ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා කණ්ඩය පුරා දින පහක් පැවැති ‘Ex-Steel Storm - 2020’ වෙඩි තැබීමේ අභ්‍යාසය සඳහා සහභාගි වූහ.
PCR පරීක්ෂණ 373,534 ක් අවසන්
වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් 110 සමඟ රටේ මුළු කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව 5,354 දක්වා ඉහළ ගොස් තිබේ.
දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්
පූජනීය දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව, මහා සංඝරත්නය හා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අතර සාකච්ඡාවක් ඊයේ (ඔක්තෝබර් 16) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවත්විණි.
මිනුවන්ගොඩ පොකුරෙන් 16 ක් සුවය ලබයි
වසංගත රෝග විද්‍යා ඒකකයේ තොරතුරු අනුව ඔක්තෝම්බර් 15 වන දින වාර්තා වූ ආසාදිතයින් 74 සමගින් රටේ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 5,244 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ නීති ගැසට් කෙරේ
COVID-19 පැතිරීම අවම කිරීම සඳහා ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අනිවාර්ය කරන කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ රෙගුලාසි ඇතුලත් විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (ඔක්තෝබර් 14) මධ්‍යම රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ.
ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම තාවකාලිකව නවතී
2021 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් පමණක් සිදු කරනු ලබන ගිනි අවි බලපත් සහ පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යයාතන බලපත් අළුත් කිරීමේ කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව කල් දමා ඇත (දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදු කරන ඉහත සේවාවන් මේ සඳහා අදාල නොවන බවද වැඩිදුරටත් දැන්වේ).
ඉඩම් කොල්ලය වැළැක්වීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග - ආරක්‍ෂක ලේකම්
අතීත නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීමේ අවස්ථා පිළිබඳ සඳහන් කරමින් අනාගතයේ දී රට තුළ ඉඩම් කොල්ලය සඳහා ඉඩක් නොමැති අතර, එවැනි නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
කොරෝනා වෛරස් තත්වය
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා පොකුරේ ආශ්‍රිතයින් අතරින් වාර්තා වූ කොරොන වෛරස් ආසාදිතයින් ගණන අද (ඔක්තෝබර් 15) වන විට 1,770 දක්වා ඉහළ ගොස් තිබේ.
බන්ධනාගාර තදබදය අවම කිරීමට සාකච්ඡා
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හා ආරක්ෂක ලේකම් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
කටුනායක පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය
අද (ඔක්තෝබර් 15) දින අළුයම 5.00 සිට නැවත දැනුම් දෙන තෙක් කටුනායක පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
නාවික හමුදාව නෞකා දෙකකට සමුදේ
ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය සඳුදා ( ඔක්තෝබර් 12) දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්විණි.
හදිසි අවස්ථා සඳහා උතුරේ යුද හමුදා රෝහලේ ඇඳන් 100 ක්
උතුරේ ඇතිවිය හැකි හදිසි අවස්ථාවක් සඳහා ඇඳන් 100 ක් සමඟ යුද හමුදාව සූදානම් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහතික වෙයි.
කර්මාන්තශාලා හිමියන් සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ පිළිපැදිය යුතුයි
සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශ හා පූර්වෝපායන් දැඩි ලෙස පිළිපදින ලෙසත් ඔවුන්ගේ සේවකයින් සමාජයේ බාහිර පුද්ගලයින්ට නිරාවරණය නොවන බවට සහතික විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් සියළුම ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ට සහ සමාගම් කළමනාකරණ නියෝජිතයින්ට දැනුම් දෙන ලදී.
DMC විසින් සුනාමි පෙරහුරු වැඩසටහනක් පවත්වන ලදී
රටවල් 28 ක තාක්ෂණික සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (ඔක්තෝබර් 13) දින කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් පවත්වන ලදී.
අධික වර්ෂාව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්
නුවරඑළිය , මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවන අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.