පසුගිය පුවත්
ඊයේ දිනට PCR පරීක්ෂණ 6648
ඔක්තෝබර් 12 වන දින වාර්තා වූ රෝගීන් 92 දෙනා සමඟ අද (ඔක්තෝබර් 13) වන විට රටේ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයින් ගනණ 4,844 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවක තොරතුරු යාවත්කාලීන කිරීම
ඉදිරි දින තුන තුළ තම සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
කොරෝනා වෛරසය ආසාදිතව සිට 3317 ක් සුවය ලබා රෝහල් වලින් පිටව යයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන පරිදි පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව 3317 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නිරෝධායන ඇඳිරි නීතිය දැඩි කෙරේ, සියලුම අත්‍යවශ්‍ය සේවා වෙළඳසැල් දින 3 ක් වසා දමයි
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සුපිරි වෙළඳසැල්, ඔසුහල් සහ වෙනත් ආහාර වෙළඳසැල් අද (ඔක්තෝබර් 13) සිට දින 03 ක් වසා තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
ඖෂධ ලබාදීම නිවෙස් වෙත - සෞඛ්‍ය අමාත්‍යාංශය
නිදන්ගත රෝග ඇති රෝගීන් සහ වැඩිහිටියන් නැවත දැනුම් දෙන තුරු රෝහල් සායනවලට නොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරයි.
අවුකන බුද්ධ ප්‍රතිමා පරිශ්‍රය නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
අද (ඔක්තෝබර් 10) සිට පූජනීය අවුකන බුද්ධ ප්‍රතිමාවේ භූමිය නඩත්තු කිරීමේ වරප්‍රසාදය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය අංශය පවසයි.
මිනුවන්ගොඩ කොරෝනා වෛරස් පොකුර 1186 දක්වා ඉහළට - කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
දේශීයව හඳුනාගෙන ඇති සමීප ආශ්‍රිතයින් 103 ක් සහ කර්මාන්තශාලා සේවකයින් 02 ක් සමගින් මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වූ මුළු කොවිඩ් -19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1186 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (ඔක්තෝබර් 11) දින පැවසීය.
ඉදිරි දින කිහිපය තුළ වැසි සහ සුළං තත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
දිවයින පුරා සුළං සහ වැසි තත්ත්වය තාවකාලිකව ඉහළ යාමක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාව දැනුවත් කරන අතර නිරිතදිග මෝසම් වැසි හේතුවෙන් විශේෂයෙන් අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ නිරිතදිග ප්‍රදේශ හරහා එම තත්වයන් ඇතිවිය හැකි බවට දැනුම් දෙනු ලැබේ.
පිස්තෝලයක් සහ පතොරම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
විශේෂ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පිස්තෝලයක් සහ පතොරම් 6 ක් සහිත මැගසිනයක් රු. 250,000ක මුදලකට විකිණීමට සුදානම්ව සිටි පුද්ගලයකු ඊයේ (ඔක්තෝබර් 09) දින සවස බදුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවට 71 වසරක් සපිරේ
1949 ඔක්තෝබර් 10 වන දින ලංකා හමුදාව ලෙස ආරම්භ කළ ශ්‍රී ලංකා යුද හමුදාව එහි 71 වන සංවත්සරය අද (2020 ඔක්තෝබර් 10) දින සමරනු ලබයි.
SInhala.
ව්‍යාජ ප්‍රචාරයන් සත්‍ය තොරතුරු ලෙස නොසලකන මෙන් රජය ඉල්ලා සිටී
සමාජ මාධ්‍යවල පතුරවන අසත්‍ය ප්‍රචාර සත්‍ය තොරතුරු ලෙස නොසලකන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉන්දීය ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ගරු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද (ඔක්තෝබර් 09) අමාත්‍යාංශයේදී හමුවිය.
2020-2025 සඳහා යුද්ධ හමුදාවේ ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’කෙටුම්පත් කරයි
ශ්‍රී ලංකා යුද හමුදාව 2020-2025 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග සැලැස්ම පිළිබඳ කෙටුම්පත හිටපු යුද හමුදාපතිවරුන් වෙත ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා ඊයේ (ඔක්තෝබර් 8) දින යුද හමුදා මූලස්ථානයේ දී භාරදී තිබේ.
ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල මහජනතාව සඳහා අත්‍යවශ්‍ය සේවාවන් විවෘතයි
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 18 ක සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට කටයුතු යොදා ඇති බව පොලිසිය පවසයි.
2020 IPSC තියුණු වෙඩික්කරුවන්ගේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය විසින් සංවිධානය කල මහනුවරදී පැවති ‘තියුණු වෙඩික්කරුවන්ගේ ශූරතාවලිය- 2020’ ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය.
මිනුවන්ගොඩ පොලිසියේ මෙහෙයුම් තවදුරටත් - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ defence.lk වෙත පැවසුවේ සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශ අනුගමනය කරමින් මිනුවන්ගොඩ පොලිසිය සිය මෙහෙයුම් කරගෙන යන බව සහ කොරෝනා වෛරසයට නිරාවරණය වූ පොලිස් නිලධාරීන් හුදකලා කරන බවයි.
කොටගල මාර්ගයට පෙරලුණ විශාල ගල් පර්වතයක් යුද හමුදා සහයෙන් ඉවත් කෙරේ
ආපදා ප්‍රතිචාර දැක්වීමේ රාජකාරින් හි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සමාජිකයින් විසින් ප්‍රාදේශීය ප්‍රජාවගේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් කොටගල පාරට පෙරළී ගිය විශාල ගල් පර්වතයක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
රාගම රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට මහජන සහය අපේක්ෂා කෙරේ
වයස අවුරුදු 62 ක් වන අංක -307, නුවර පාර, පෑලියගොඩ ලිපිනයේ පදිංචි ආර්.ඩී.එස්. කුමාර නමැති කොවිඩ් ආසාදිත පුද්ගලයා ඊයේ (ඔක්තෝම්බර් 06) රාත්‍රියේ රාගම රෝහලෙන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.