පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිනි අවියක් සමග තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

නුවරඑළිය ගල්පාලම හංදියේදී බොර 12 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් වයස අවුරුදු 21 හා 26 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අද දින (ජුනි 30) නුවරඑළිය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම්

මීට දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප ඇසුරක් පැවැත්වූ නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පරීක්ෂාවට ලක් කර තිබේ.




පසුගිය පුවත් | පසුගිය පුවත්

පාතාලය, මත්කුඩු ජාවාරම හා අනෙකුත් නීතිවිරෝධී ක්‍රියා මැඩීමට ඉහල පොලිස් නිලධාරින් ක්‍රියා කල යුතුයි - ආරක්‍ෂක ලේකම්

මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම්, ගස් කැපීම්, ගණිකා මඩම්, වැලි ගොඩ දැමීම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවනවා නම් එම පළාත් භාර උසස් පොලිස් නිලධාරීන් නිල ඇඳුමක් ඇඳ සිටීම පිලිබඳව ලැජ්ජාවිය යුතු බව ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

 




පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයින් 179 දෙනෙකු මත්තල ගුවන් තොටුපොළට පැමිණේ

මාලදිවයිනේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 179 දෙනෙකු අද (ජුනි 29) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිවැරදි කාලගුණ අනාවැකි පළ කිරීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ආරක්ෂක ලේකම්ගේ ප්‍රශංසාව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවැරදි කාලගුණ අනාවැකි ලබාගැනීම සඳහා නව උපකරණ, විශ්ලේෂණ මෘදුකාංග සහ පද්ධති ඉක්මනින් ලබා ගැනීමට නියමිත බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දූෂිතව ඇති බන්ධනාගාර පද්ධතිය ශෝදනය කිරීමට ප්‍රමුඛතාවය - බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් උපුල්දෙනිය

බන්ධනාගාර දූෂණයෙන් තොර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අවසන් අනුමැතිය ලැබීමත් සමඟ වසර 200 ක් පැරණි බන්ධනාගාර පද්ධතියට නව මුහුණුවරක් ලබා දීම සඳහාත් ගැඹුරින් මුල්බැස ඇති දූෂණයන් මැඩපැවැත්වීම සදහාත් තමා ඇතුළු තම නිලධාරීන් කණ්ඩායම දැඩි පියවර ගන්නා බව නවතමයෙන් පත් කරන ලද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

T 56 අවි සමග පාතාල කල්ලි සාමාජිකයකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

හෝමාගම පිටිපනදී T 56 අවි දොළහක් සමග පාතාල කල්ලි සාමාජිකයකු  මිට සුළු මොහොතකට පෙර  විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොදු ස්ථාන වල මුහුණු ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 1,214 දෙනෙකු නිරෝධායනයට

මුහුණු ආවරණ නොපැලද පොදු ස්ථාන වල රැදී සිටි පුද්ගලයින් 1,214 දෙනෙකු පොලිසිය විසින් සති දෙකක නිරෝධායනය සදහා යොමු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕමානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු මෙරටට

ඕමානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දින (ජුනි 29) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට වෙත පැමිණ ඇත.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රට පුරා පැනවූ ඇඳිරි නීතිය අද  (ජුනි 28) දින සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බෙලරූස් හා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

බෙලරූස්  සිට ශ්‍රී ලාංකිකයින් 290 ක් හා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු අද(28) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 1206 හා  UL 226  ගුවන් යානා මගින්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමණාකරු ජනිත් විදානපතිරණ පැවසීය .



පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

ගංජා කිලෝග්‍රෑම් 10 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අනුරාධපුර පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු බ්‍රහස්පතින්දා (ජූනි 26) දින අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරෝනා වෛරසයෙන් සුව වූ පුද්ගලයින් 1,619 දක්වා ඉහළට

රෝහල්වලින් සුවය ලබා පිටව යන ලද කොරෝනා  වෛරස් රෝගීන් සංඛ්‍යාව 1,619 දක්වා ඉහළ ගොස් තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලාංකිකයින් 230 ක් බංග්ලාදේශයේ සිට මෙරටට

බංග්ලාදේශයේ සිට ශ්‍රී ලාංකිකයින් 230 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ඊයේ සවස (ජුනි 26) පැමිණියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජකාරියෙන් ඔබ්බට ගිය ආදර්ශවත් හැසිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට මුදල් ත්‍යාග

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට සහ සිවිල් වැසියෙකුට අද දින (ජූනි 25) මුදල් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කළේ ඔවුන්ගේ රාජකාරියේ විශිෂ්ඨභාවය අගය කරමිනි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට ආරක්‍ෂක ලේකම්වරයා සහතික වෙයි

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අවධාරණය කළේ දුෂිත ක්‍රියාකාරකම්, පාතාල අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි අකටයුතුකම් සඳහා බන්ධනගාර නිලධාරීන්, නිතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හා වෙනත් නිලධාරීන් තමන්ට පැවරී ඇති බලතල අනිසි ලෙස යොදාගන්නේ නම් ඔවුන්ට එරෙහිව දඩුවම් ලබාදීම ප්‍රමාදයකින් තොරව සිදුකරන බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලාංකිකයින් 171 ක් ලෙබනනයේ සිට මෙරටට

ලෙබනනයේ, බේරුට්  සිට ශ්‍රී ලාංකිකයින් 171  දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1506  ගුවන් යානය කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි  ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ අපරාධ අංශය විසින් කොළඹ දී කප්පම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගනී

කොළඹ, බැස්ටියන් මාවතේදී සිදු වූ කප්පම් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙක් කොළඹ අපරාධ අංශය  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  නීතිමය කටයුතු සඳහා ඔවුන් අද (26) අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇත.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීතිවිරෝධී ගිනි අවි ළග තබාගෙන සිටින සැකකරුවන් සොයා මෙහෙයුම්

පූගොඩ පොලිසිය විසින් නීතිවිරෝධී ගිනි අවියක් සමඟ 41 හැවිරිදි පුද්ගලයෙකු පූගොඩ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද දින (ජුනි 26) අධිකරණ කටයුතු සදහා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.