පසුගිය පුවත්
සෙව්මිණි කෞශල්‍යා සිසුවිය විසින් රචිත කාව්‍ය ග්‍රන්ථය ආරක්‍ෂක ලේකම් වෙත පිළිගන්වයි.
කොටුගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ සෙව්මිණි කෞශලයා සිසුවිය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වැනි සංවත්සරය නිමිත්තෙන් රචනා කළ “කැළෑ කාකි” කාව්‍ය ග්‍රන්ථය ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත අද (28) දින අමාත්‍යාංශයේදී පිළිගැන්වීය.
තරුණ පරම්පරාව ආරක්ෂා කර ගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ යුතුය - ආරක්ෂක ලේකම්
බාලදක්ෂයින්ට කළ හැකි දෑ වටහා ගෙන ශ්‍රී ලංකා ප්‍රජාව තුළ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගත යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද නව යුනිබෆල් මාලි දේශයේ පෙරහුරුවක
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නවීකරණය කරන ලද යුනිබෆල් 9 ක්, නව ආපදා රථයක් සහ බහාලුම් 3 ක් මාලි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වල භාවිතය සඳහා මාලි වෙත යවන ලද අතර මේ වන විට එම රථ මාලි හි දුෂ්කර භූමි ප්‍රදේශවල පෙරහුරු සඳහා යොදවා ඇත.
ගිං ගඟේ සිරවී තිබූ සුන්බුන් නාවික හමුදාව ඉවත් කරයි
වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්වය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ ගාල්ල ගිං ගඟේ දොඩන්ගොඩ සහ වක්වැල්ල අතර පිහිටි පටු පාලම් යට සිරවී තිබු සුන්බුන් ඉවත් කර තිබේ.
“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම – අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ සමුළුවේදී ජනපති කියයි
“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
යුද හමුදාව ආබාධිත රණවිරුවන්ගේ කෘතිම අත් පා අලුත්වැඩියා කිරීම ආරම්භ කරයි
ආබාධිත රණවිරුවන්ගේ කෘතිම අත් පා අලුත්වැඩියා කිරීම සඳහා කුඩා පරිමාණයේ සෘජුකාරක හා අංගාදේශක විකලාංග කාර්මිකාගාර දෙකක් පසුගිය දිනක ‘අභිමන්සල - 1’ සහ ‘අභිමන්සල - 3’ හි ස්ථාපිත කර ඇත.
බූවැලිකඩ නායයෑමට ලක්වූවන් යුද හමුදාව බේරා ගනී
අද (20) උදෑසන මහනුවර බූවැලිකඩ හි සිදුවු නායයෑමකින් අනතුරුව සිරව සිටි පුද්ගලයින් තිදෙනෙකු යුද හමුදා සෙබළුන් විසින් බේරාගෙන තිබේ.
සැප්තැම්බර් 22 දක්වා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුද රළු වේ
අද දින (සැප්තැම්බර් 18) සිට මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක හරහා ඉතා තද සුළං, තද වැසි සහ රළු හෝ තද රළු මුහුදක් බලාපොරොත්තු විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකි නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවන්ට අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවයි.
මන්නාරම් මුහුදේ කහ ජාවාරම් ප්‍රයත්නයක් නාවික හමුදාවෙන් වළකයි
මන්නාරමට උතුරින් රට තුළට ප්‍රවාහනය කිරීමට උත්සාහ කරමින් සිටි ගෝනි 17 ක ඇසුරුම් කළ වියළි කහ කිලෝග්‍රෑම් 818 ක් සමඟ ඩිංගි බෝට්ටුවක් හා සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (සැප්තැම්බර් 16) දින අත්අඩංගුවට ගෙන තිබේ.
අතහැර දැමූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් මුල්ලිවයික්කාල් වලින් නාවික හමුදාව සොයා ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (15) දින මුලතිව් හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය හා මෝටාර් තොගයක් සොයා ගෙන තිබේ.
‘රථවාහන මංතීරු නීතිය’ ක්‍රියාත්මක කිරීම සදහා පොලිසියට ශ්‍රී ලංකා ගුවන් හමුදා ඩ්‍රෝන යානා වල සහාය
කොළඹ තදාසන්න ප්‍රදේශවල රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට ගමනාගමන තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොළඹ, රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල සහ ගාලු පාර ආවරණය කරමින් ඊයේ (15) සිට ඩ්‍රෝන මෙහෙයුම් වැඩසටහනක් දියත් කළේය.
උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහනේ ප්‍රගතිය යුද හමුදාපතිගේ නිරීක්ෂණයට
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (15) දින පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වෙමින් දිවයින පුරා පිහිටි හමුදා මධ්‍යස්ථාන 51 ක සඳුදා (14) දින ආරම්භ වූ මාසයක කාලයක් පුරා පැවැත්වෙන නේවාසික උපාධිධාරී පුහුණු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කළේය.
විශේෂ කාර්ය බලකාය පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී ගංජා සහ කහ තොගයක් අත්අඩංගුවට ගනී
පුදුකුඩිරිප්පු උයිලන්කුලම ප්‍රදේශයේදී ලොරි රථයකින් සහ ට්‍රැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු කේරළ ගංජා කිලෝ 52 ග්‍රෑම් 353 ක් සහ කහ කිලෝ 920 ග්‍රෑම් 250 ක ප්‍රමාණයක් අද (15) විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.