පසුගිය පුවත්
දුෂ්කර අවස්ථාවලදී, ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය පාකිස්තානයේ පැසසුමට
ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් අද (සැප්තැම්බර් 15) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
ගිනිගත් තෙල් නෞකාව පිළිබඳ සමුද්‍රීය පාර්ශවකරුවන්ගේ අදහස් ලබාගැනේ
සමුද්‍රීය ආපදාවට ලක්වූ MT New Diamond නෞකාව සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සියළුම සමුද්‍රීය පාර්ශවකරුවන්ට අද (14) පැවති සාකච්ඡාවකදී උපදෙස් දුන් බව පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනි ලහඳපුර කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා මරණය වාර්තා වේ
මීට සුලු මොහොතකට පෙර හලාවත මූලික රෝහලේදී වාර්තා වූ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකුගේ මරණයත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ
යුධ හමුදාව උපාධිධාරීන් 50,000 ක් පුහුණු කිරීම ආරම්භ කරයි
රාජ්‍ය අංශයට මෑතකදී බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිය පුහුණු මධ්‍යස්ථානවල දී අද (14) දින පුහුණු කිරීම ආරම්භ කර තිබේ.
පොලිසිය හෙට සිට මංතීරු නීති ක්‍රියාත්මක කරයි
බස්නාහිර පළාතේ මංතීරු නීති ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩසටහනක් හෙට (14) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබේ.
කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2,996 දක්වා ඉහළට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට අනුව, පසුගිය පැය 24 තුළ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පුද්ගලයින් 13 දෙනෙකුද සමඟ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 2,996 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා රජය මහජන සහාය අපේක්ෂා කරයි
රජයේ දැක්ම තුළ ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම තුලින් සුරක්‍ෂිත රටක් ගොඩ නැඟීම සඳහා සහාය වන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය ආරක‍්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) අද දින (සැප්තැම්බර් 11) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
ඒකාබද්ධ රාජ්‍ය යාන්ත්‍රණයක් අත්‍යවශ්‍යයි - ආරක්‍ෂක ලේකම්
රාජ්‍ය පරිපාලනය, ක්‍රමසම්පාදන සේවය, ගිණුම්කරණ සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බන්ධනාගාරය, රේගු ආදී පද්ධතියන්ගේ දූෂණය තුරන් කරමින් සුවිශේෂී රාජ්‍ය යාන්ත්‍රණ පද්ධතියක් බවට ඒකාබද්ධ කළ යුතු බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද දින (11) පැවසීය.
තෙල් නෞකාවේ තත්වය තක්සේරු කිරීම සඳහා කිමිදුම් මෙහෙයුම් - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
ශ්‍රී ලංකා නාවික හමුදාව තෙල් නෞකාවේ ගලවාගැනීමේ මෙහෙයුම සඳහා පත්කරන ලද විශේෂඥයින් සමඟ එක්ව නෞකාවේ පතුලේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කිමිදුම් මෙහෙයුමක් සඳහා සූදානම් වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය දර්ශනී ලහදපුර අද (11) පැවසීය.
ලාන්ස් කෝප්‍රල් අබේකෝන් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවයි
ලාන්ස් කෝප්‍රල් යුපුන් අබේකෝන් සැප්තැම්බර් 8 වනදා ජර්මනියේ ඩෙසෝ හි පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟයකදී නව වාර්තාවක් (තත්පර 10.16) පිහිටුවමින් මීටර 100 ජාතික වාර්තාවද බිඳ දමා ඇති බව යුද හමුදාව පවසයි.
MT New Diamond නෞකාව මෙරට සිට නාවික සැතපුම් 50 ක දුරකින් - නාවික හමුදාව
කල්මුණේ තුඩුවේ සිට නාවික සැතපුම් 50 ක් දුරින් MT New Diamond නෞකාව තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා අද (සැප්තැම්බර් 10) පැවසීය.
‘හෙළ සරණ’ ශ්‍රී ලංකා ඊශ්‍රායල සංවිධානය විසින් විෂබීජ නාශක දියර කෑන් 50 ක් පරිත්‍යාග කරයි
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් විසින් පිහිටුවන ලද ‘හෙළ සරණ’ ශ්‍රී ලංකා ඊශ්‍රායල සංවිධානය විසින් රු. 100,000 ක් වටිනා විෂබීජ නාශක දියර කෑන් 50ක් ඊයේ (9) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පරිත්‍යාග කළේය.
නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් MT New Diamond නෞකාවේ පවතින ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටී
නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ පවතින සුළං සහිත කාලගුණික තත්ත්වයන් සහ අඛණ්ඩ ගිනි නිවීමේ මෙහෙයුම් මධ්‍යයේ වියළි රසායනික කුඩු නෞකාව වෙත හෙලීමත් සමඟ MT New Diamond යානයේ ඇතිව තිබෙන ගින්න විශාල වශයෙන් පාලනය කර ඇති බවයි.
රත්‍රන් කිලෝ 10 ක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රත්‍රන් බිස්කට් කිලෝ 10 ක ප්‍රමාණයක් අද (සැප්තැම්බර් 8) අලුයම 3.00 ට පමණ පුත්තලම විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මුහුදු සුළඟ නිසා ආපදාවට ලක් වූ නෞකාවේ යළිත් ගිනි දැල් - නාවික හමුදාව
අයහපත් කාලගුණය හේතුවෙන් MT New Diamond නෞකාවේ යළිත් ගිනිදැල් ඇති වී ඇති බව නාවික හමුදාව පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (සැප්තැම්බර් 06) රාත්‍රී 9.30ට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් පිළිබඳ පණිවිඩයක් නිකුත් කරමින් දිවයිනේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම්වලට ගොදුරු විය හැකි දිස්ත්‍රික්ක පහක් නම් කර ඇත.