පසුගිය පුවත්
‘පාතාලයෝ’ සහ ‘ගෝඨාභය’ ඉංග්‍රීසි පරිවර්තනය ජනපතිතුමන් වෙත පිරිනැමේ
ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොට ගෙන ලියා ඇති ‘පාතාලයෝ' නම් සිංහල නවකතාව සහ ‘ගෝඨාභය’ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීමේ උත්සවය සිය 59 වන උපන් දිනයට සමගාමීව ඊයේ (සැප්තැම්බර් 6) සවස කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.
නීති විරෝධී වියළි කහ කිලෝග්‍රෑම් 815 නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (6) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නීති විරෝධී වියළි කහ කිලෝග්‍රෑම් 815 ක් අත්අඩංගුවට ගනු ලැබීය
MT New Diamond බොර තෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ - නාවික හමුදාව
MT New Diamond බොර තෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කළ බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්හදා බලන ලද Dry Chemical Powder (DCP) රසායනික මලු මගින් නෞකාවේ ගිනිදැල් නිකුත්වීම ඇනහිට සාර්ථක ප්‍රථිපල අත්කර දෙන ලද බවත් නාවික හමුදාව අද (6) ප්‍රකාශ කළේය.
රජය MT New Diamond හි ගින්න නිවා දැමීමට කලාපීය සහාය ලබා ගැනීමට කටයුතු කරයි
MT New Diamond හි ගින්න නිවා දැමීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතරම තෙල් කාන්දු වීමක් සිදු වුවහොත් එම තත්වය කළමනාකරණය කිරීමට සූදානම් වෙමින් සිටින අතර අවශ්‍ය නම් ඒ සදහා කලාපීය රටවල සහාය ලබා ගැනීමටද රජය කටයුතු කරන බව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව තෙල් නෞකාව වෙරළ දෙසට ඇදී යාම වළක්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංගමන්කන්දට ඈතින් මුහුදේ ගිනිගෙන දැවෙන ‘MT New Diamond’ තෙල් නෞකාව දිවයින දෙසට ගසාගෙන යාම වළක්වාලීමට පියවර ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මිට සුලු මොහොතකට පෙර පැවසීය.
ගිනිගත් තෙල් නෞකාවේ කපිතාන්වරයා සහ තුවාල ලැබූවන් නාවික හමුදාවෙන් මුදවා ගනී
සංගමන්කන්ද තුඩුවට ඈතින් මුහුදේ ගිනිගෙන දැවෙන තෙල් නෞකාව තුල බරපතල ලෙස තුවාල ලැබූ තෙවැනි ඉංජිනේරුවරයා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙරළට ගෙන ආ බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.
ගිනි ගැනීමකට ලක්ව ඇති තෙල් නෞකාවක සහායට නාවික සහ ගුවන් හමුදා විසින් නැව් සහ ගුවන් යානා යොදවයි
මීට සුලු වේලාවකට පෙර සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් ඈතින් වූ මුහුදේ දී ගිනිගෙන ඇති විදේශීය තෙල් නෞකාවකට ඇති වූ ගින්නක් නිවීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නැව් දෙකක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඇති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.
තද වැසි සහ සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
දිවයින අවට පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පවතින වැසි තත්වය තරමක වැඩිවීමක් සහ සුළං වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි වීමට ඉඩ ඇති හෙයින් ඒ පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පොලීසිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ
හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් සේවයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.
හෙළ රණවිර බළමුළුව වෙත දානපතියෙකු රු. 100,000 ක් පරිත්‍යාග කරයි
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන යූ.එච්. අශෝක විසින් රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් හෙළ රණවිර බළමුළුව වෙත රුපියල් 100,000 ක මුදලක් අද (සැප්තැම්බර් 02) දින ආරක්ෂක අමාත්‍යාංශයේදි පරිත්‍යාග කරන ලදී.
පෞද්ගලික උත්සව සඳහා තමාට ආරාධනා නොකරන ලෙස ජනාධිපතිතුමා මහජනතාවගෙන් ඉල්ලා සිටී
ජාතික වගකීම් සපුරාලීම සදහා තම කාලය මුළුමනින්ම කැප කිරීමට අවශ්‍ය බැවින් මංගල උත්සව වැනි පෞද්ගලික උත්සව, ත්‍යාග ප්‍රදානෝත්සව සහ වෙනත් උත්සව සඳහා තමාට ආරාධනා නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අද දින ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සංවිධානාත්මක අපරාධ, පාතාල හා මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමට රජය කටයුතු කරනු ඇත - ආරක්‍ෂක ලේකම්
ත්‍රස්තවාදය තුරන් කර රටේ සාමය හා සමෘද්ධිය ඇති කල ලෙසම ශක්තිමත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ රජය විසින් සමාජයෙන් මතුවන තර්ජන මැඩලන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
දෙබරවැවේ සිසු සිසුවියන් 4,000 කට වැඩි පිරිසකට ජලය සැපයීම සඳහා නාවික හමුදාවෙන් ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය අමාත්‍ය රාජපක්‍ෂ විවෘත කරයි
තිස්සමහාරාමයේ දෙබරවැව ජාතික පාසලේ ස්ථාපනය කරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් වාරිමාර්ග කැබිනට් අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්‍ෂ ඊයේ (අගෝස්තු 31) විවෘත කරන ලදි.
ගුවන් හමුදාව, නාවික හමුදාව සහ විශේෂ කාර්යය බලකා එක්ව මුතුරාජවේල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගරයක් වටලයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව අගෝස්තු 28 වන දින මුතුරාජවේල පවත්වාගෙනගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක්වටලා තිබේ.
නාවික හමුදාව මහියංගන ගම්වාසීන් දහසකට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය සපයයි
දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මහියංගනය ප්‍රදේශයේ බෙලිගල්ල සහ වැව්ගම්පහ යන ප්‍රදේශවල වැසියන්ට ජලය සැපයීම සඳහා ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන ඊයේ (29) දින ස්ථාපනය කර තිබේ.
කල්පිටියේ දී වියළි කහ කිලෝග්‍රෑම් 1,428 ක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (අගෝස්තු 30) දින කල්පිටියේදී ප්‍රවාහනය කරමින් සිටි කහ කිලෝ 1,428 ක් සහිත වාහන දෙකක්, සැකකරුවන් හය දෙනෙකු සහ ඩිංගි බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබේ.
කහ ජාවාරම්කරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට
ඊයේ (අගෝස්තු 29) පේසාලේ සිට තලෛයිමන්නාරම දක්වා සැහැල්ලු ට්‍රක් රථයක කහ කිලෝග්‍රෑම් 862 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු කරෙයිනගර් හිදී නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ අගෝස්තු 28 වන සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි රත්‍රං කිලෝග්‍රෑම් 5 ක් සහ ග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.