ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (16) දින යාපනයේ මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී සිදු කළ විශේෂ මෙහෙයුමකදී රු. 180,000 වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 ක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.
SInhala.
ගුවන් යානා පැහැර ගැනීම් හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවාගැනීම් වැනි අවස්ථා කළමනාකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන් වලට අනුකූලව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මෙවැනි පියවරක් ගත් පළමු අවස්ථාව ලෙස සැලකේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (ජූලි 16) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
නිරෝධායන මධ්‍යස්ථානවල හෝ ස්වයං නිරෝධායනයක යෙදී සිටින පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන හෝ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමේ හැකියාව පිළිබද මැතිවරණ කොමිසම සලකා බලයි.
කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාර ගැනීමට නියමිතය.
කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් හෙරොයින් විසි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අඟහරුවාදා (ජූලි 15) කළුතර උතුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන කපිතන් අශෝක් රාඕ සිය ධුරයේ රාජකාරී අවසන් කිරීමට නියමිත බැවින් අද අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් විසින් අද දින (ජූලි 15) සිට බලපැවැත්වෙන පරිදි වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබූ වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න 24 වන ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස පත්කර තිබේ.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන කොරොනා වෛරස් තත්ත්වය හා සම්බන්ධ විවිධ වැරදි තොරතුරු ප්‍රචාරයන් මගින් නොමඟ නොයන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධනය අරමුණ කරගත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින් දිඹුලාගල, කැකුළුවෙල ප්‍රදේශයේ ජල හිඟයෙන් පෙළෙන ගම්වාසින් වෙනුවෙන් තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඊයේ (ජුලි 13) ජනතා අයිතියට පත් කර තිබේ.
6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවා මීට වසර විසි නවයකට පෙර අප මව්බිම වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාගයක් සිදු කරමින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සහිත එල්ටීටීඊ බුල්ඩෝසරයක් අලිමංකඩ යුද හමුදා කදවුරට කඩා වැදීම වැළැක්වීය. 1991 ජූලි 14 එම අවාසනාවන්ත දිනය විය.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක වැඩසටහන්හි ධාරිතා වර්ධනය සඳහා ජපාන රජය රු. මිලියන 340 ක මූල්‍යමය ආධාර ලබා දීමට ජපාන රජය එකඟතාවය පල කර ඇත.
විශ්‍රාම යන නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා අද දින (ජූලි 14) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.
කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 1,981 ක් දක්වා සහ පසුගිය දින කිහිපය තුළ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව රෝගීන් 440 ක් වාර්තා වීමත් සමග වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,646 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නායකත්වය යටතේ මුහුදේ දී මෙරට විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.
2020 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (ජූලි 13) සිට ජූලි 17 දින දක්වා සිදුකෙරේ.
පොලිසිය වෙත ලද තොරතුරක් මත අද (ජූලි 13) උදෑසන අංගොඩ හි දී සිදුකල මත්ද්‍රව්‍ය නාශක වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.