පසුගිය පුවත්
බේරූට්හි පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළට
බේරූට්හි පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ දින (අගෝස්තු 07) පැවසීය.
බේරූට් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දස දෙනෙකුට තුවාල
බේරූට්හි පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ (අගෝස්තු 06) දින පැවසීය.
ඊයේ දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් පස් දෙනෙකු වාර්තා වෙයි
ඊයේ දින (අගෝස්තු 5) වාර්තා වූ රෝගීන් පස් දෙනෙකුද සමඟ මුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,839 දක්වා ඉහළ ගොස් තිබේ.
2020 මහ මැතිවරණය සාමකාමීව අවසන් වේ
ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුව සඳහා වන අද සවස 5 ට අවසන් වූ මහ මැතිවරණය සාමකාමීව පැවැත්වුනු බව පොලිසිය පවසයි.
බේරූට් හි පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්
බේරූට් හි ඊයේ ඇති වූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළේය.
පාතාල අපරාධකරුවකු වන 'එස්.එෆ්. ලොක්කා’ වෙඩි තබා ඝාතනය කරයි.
පාතාල අපරාධකරවෙකු වන ඉරෝන් රණසිංහ (32) නොහොත් 'එස්.එෆ්. ලොක්කා' මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දහයියාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නාවික සහ ධිවර ප්‍රජාවන්ට අනතුරු ඇඟවීම්
අද දින (අගෝස්තු 5) අළුයම 5.30 ට මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු තිරය රළු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
සාමකාමී මැතිවරණයක් සඳහා සියල්ල සූදානම් - ශ්‍රී ලංකා පොලිසිය
සාධාරණ හා සාමකාමී මැතිවරණයක් සඳහා පොලිස් නිලධාරීන් 69,500 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න අද දින (අගෝස්තු 4) පැවසීය.
අසාධ්‍ය තත්වයේ පසුවූ ධීවරයකු ප්‍රතිකාර සඳහා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (අගෝස්තු 3) බරපතල ලෙස රෝගාතුර වී සිටි ධීවරයෙකු ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිම වෙත ගෙනැවිත් තිබේ.
දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණේ
දෝහා කටාර් සිට ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු රැගත් QR 668 කටාර් එයාර්වේස් ගුවන් යානය ඊයේ (3) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බව ගුවන්තොටුපල කාර්යභාර කළමණාකරු ජනිත් විදානපතිරණ පැවසීය.
සාමූහිකව කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කිරීමට හැකි වුනා - ආරක්ෂක ලේකම්
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා බුද්ධි සේවය සාර්ථකව යෙදවූ ලොව එකම රට ශ්‍රී ලංකාව බවයි.
කොරෝනා වෛරසය ආසාදිතව මවකට දාව උපත ලැබූ ළදරුවාට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බව තහවුරු වේ
කොරෝනා වෛරසය ආසාදිතව මවකට දාව උපත ලැබූ බිළිදාට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බවට අද දින (අගෝස්තු 2) තහවුරු වූ බව මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යාම සඳහා යොදාගත් පුසෙකු බන්ධනාගාර බුද්ධි අංශ සොයා ගනී
හෙරොයින් සහ සිම් කාඩ්පත් සමග වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත යවන ලද බළලෙකු ඊයේ (අගෝස්තු 1) බන්ධනාගාර ප්‍රධාන පිවිසුමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලා ගන්නා ලදී.
කොරොනා අසාදිතයින් 2,439 ක් සුවය ලබා රෝහල් වලින් පිටවේ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව, පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 48 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, කොරෝනා වෛරසය අසාදිතයින් සංඛ්‍යාව 2,439 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
හජ් සාමකාමී සහ සහජීවනය තවදුරටත් වර්ධනය කර ගැනීමේ උත්සවයක් - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ
මේ වසරේ හජ් උත්සවය සියලුම මුස්ලිම්වරුන්ට අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්‍යෝගය වර්ධනය කර ගැනීමට උපකාරී වනු ඇතැයි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් අද (අගෝස්තු 01) හජ් උත්සවය පිළිබඳ සිය පණිවුඩයේ සඳහන් කර ඇත.
රු. මිලියන 31 ක්, ඇමරිකානු ඩොලර් 140,000 ක් සහ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
දෙමටගොඩ නිවසක තිබී විශාල මුදල් සහ හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජය දැඩි නීතිය ක්‍රියාත්මක කිරීම තුලින් මිනිසා විසින් සිදුකරන තර්ජන මැඩපවත්වයි - ආරක්‍ෂක ලේකම්
ස්වාභාවික විපත් අවම කිරීම දුෂ්කර වුවත්, මෑත අතීතයේ දී දැඩි නීති බලාත්මක කිරීමේ ක්‍රමවේද මගින් මිනිසා විසින් සිදුකරන ලබන තර්ජන මැඩපැවැත්වීම සඳහා රජය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.