පසුගිය පුවත්


පසුගිය පුවත් | පසුගිය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව අවශ්‍යව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පොලිසියට භාර වෙයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තකර සිටි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව අවශ්‍යව සිටි පොලිස් පරීක්ෂක වෙහෙරවත්ත කංකානමලාගේ  සමන් වසන්ත කුමාර අද (ජූලි 07) උදෑසන කඩවත පොලිසියට භාර වී තිබේ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු නාවික හමුදාව ගැඹුරු මුහුදට මුදාහරී

කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයේ ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුලි 06) නැවත ගැඹුරු මුහුදට මුදා හැර ඇත.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුල්ලේරියාවේදී ගංජා කිලෝග්‍රෑම් 56.46 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

බෙදාහැරීමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 56 කට වඩා බරින් යුත් ගංජා තොගයක් සැකකරුවෙකු සමඟ මුල්ලේරියාව කැළණි නදී මාවතේදී සඳුදා (ජූලි 06) දින පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘ඉටුකම ’ COVID-19 අරමුදල් ශේෂය රු. බිලියන 1.4 පසු කරයි

ඉටුකම ’ COVID-19, සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල් ශේෂය රු. මිලියන 1,448 ක් දක්වා ඉහළ යයි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

හෙට සිට නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීම MEPA මගින් නිරීක්‍ෂණයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පොලීසිය සමග එක්ව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හෙට සිට රට තුළ නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය පරීක්‍ෂා කිරීමට නියමිතය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද දින (06) සිට යළි ඇරඹේ

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරට පාසල් තාවකාලිකව වසා දැමීමට ගත් තීරණයත් සමග අධ්‍යයන කටයුතු නවතා දැමූ ආරක්‍ෂක සේවා විද්‍යාලය දින 115 කට පසු අද දින (ජූලි 06) නැවත ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජූලි 04 වන දින සිට සැකකරුවන් දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී අවි ආයුධ සහ නීතිවිරෝධී මත්පැන් ළඟ තබා ගැනීමේ චෝදනාව මත වරෙන්තුකරුවන් 595 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2,120 ක් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජෝර්දානයේ සිටි ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් මෙරටට

ජෝර්දානයේ සිට ශ්‍රී ලාංකිකයින් 230 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1710  ගුවන් යානය අද උදෑසන (ජුලි 06) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි  බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු පැවසීය.  



පසුගිය පුවත් | පසුගිය පුවත්

කොරොනා වෛරසය ආසාදිත නැවියන් 833 ක් සුවයට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ නැවියන් සිව්දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

හිටපු පළාත් සභා මන්ත්‍රී ශිවාජි ලිංගම් අත්අඩංගුවට ගෙන ඇප ලබාදී තිබේ

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් අධිකරණය මග හැරිම සම්බන්ධයෙන් වැල්වටිතුරේ  පොලිසිය විසින් අත්අඩංගුවට ගත්  අතර පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින ඇප ලබාදී තිබේ. 



පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විට පුද්ගලයන් 18,553 ක් නිරෝධායනය කර ඇත

පුද්ගලයින් 18,553 ක් මේ වන විට ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය (NOCPCO) අද (ජූලි 05) ප්‍රකාශ කළේය. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලාංකිකයින් 83 ක් බහරේනයෙන් පැමිණේ

බහරේනයේ සිටි ළදරුවන් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 83 දෙනෙකු රැගත් යූඑල් 202 ගුවන් යානයෙන් අද (ජූලි 05) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ජනිත් විදානපතිරණ පැවසීය. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වලදී මේ වන විට පුද්ගලයින් 17,764 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර ඇත

ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 17,764 දෙනෙකු පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තවත් පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යයි

පුද්ගලයින් 98 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් සිකුරාදා (ජුලි 03) ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකු ජපානයේ සිට මෙරටට

ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකු සිකුරාදා දින (ජුලි 03) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 455 ගුවන් යානය මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආබාධිත සොල්දාදුවෙකු සඳහා ඉදිකරන ලද නිවස ආරක්ෂක ලේකම් විසින් එම සොල්දාදුවා වෙත භාර දෙයි

කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේ ආබාධිත සොල්දාදුවෙකු වෙනුවෙන්  ඉදිකරන ලද නිවසක් අද දින (ජුලි 04) ආරක්ෂක ලේකම් විසින් එම ආබාධිත සොල්දාදුවා වෙත භාර දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම් ජාතික ආරක්ෂක විද්‍යාලයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය කරයි

ජාතික ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යයන වැඩසටහන් ආරම්භ කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද දින  (ජුලි 03) එම විද්‍යාලයේ  නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

මුහුණු ආවරණ නොපළදින පුද්ගලයින් සොයා පොලිස් නිලධාරීන් 2,000 කට අධික සංඛ්‍යාවක්

මුහුණු ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 2,000 කට අධික පිරිසක් බස්නාහිර පළාතේ පොදු ස්ථානවල යොදවා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රු. මිලියන 60 ක් වටිනා කේරළ ගංජා තොගයක් මන්ඩතිව් වලින් නාවික හමුදා අත්අඩංගුවට

යාපනයේ මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ විශේෂ මෙහෙයුමක දී මිලියන 60 ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් මීට සුළු  වේලාවකට පෙර නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.