පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාවෙන් මුලතිව් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල්වලට පිසූ ආහාර සහ වියළි සලාක

මුලතිව් ප්‍රදේශයේ හමුදා සාමාජිකයින් විසින් ඔවුන්ගේ වෙසක් වැඩසටහන්හි කොටසක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් වෙත පිසූ ආහාර සහ වියළි සලාක පාර්සල් ලබා දුන්හ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 274 දෙනෙකු මෙරටට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 274 දෙනෙකු රැගත් යූඑල් 605 ශ්‍රී ලංකන් ගුවන් යානය අද (මැයි 10) පෙරවරු 6.12 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල කාර්යභාර කළමනාකරු චමත් සෝමතිලක තහවුරු කලේය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයින් 378 දෙනෙකු සති දෙකක නිරෝධායනය සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන යාපනය විඩත්තල්පලෙයි සහ අලිමංකඩ නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, පුද්ගලයින් 378 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 859 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

පසුගිය පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 859 දෙනෙකු සහ සහ රථ වාහන 206 ක් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රැඳවියන් 118 දෙනෙකු නාවික හමුදාව නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවෙයි

ඊයේ (8) දින තවත් රැඳවියන් 118 දෙනෙකු දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු නාවික හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව ගියහ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දියාවෙන් හතරවන ඖෂධ තොගය පැමිණේ

ඉන්දියාවේ සිට විශාල ප්‍රමාණයක  ඖෂධ සහ වෛද්‍ය භාණ්ඩ රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ (8) මෙරටට පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වන්නි භට පිරිස් අලුතින් ඉදිකරන ලද නිවසක් නිවසක් නැති පවුලකට භාර දෙයි

වන්නි ආරක්ෂක සේනා  මූලස්ථානයේ   සෙබළුන්  විසින් අලුතින් ඉදිකරන ලද නිවසක් බදාදා (6)දින  එප්පාවල, ඉහළ හල්මිල්ලෑව ,  අදිරානිගම හි ජීවත් වන අඩු ආදායම්ලාභී පවුලකට භාර දී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රු. මිලියන 900 ඉක්මවයි

COVID - 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල රු. මිලියන 900 ඉක්මවන අතර    පරිත්‍යාගයන් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ විශේෂ ගිණුමකට (85737373) බැර කරනු ලැබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව පුත්තලම්හි ‘ලුර්දු මාතා’ වැඩිහිටි නිවාසයට සලාක සහ ආහාර බෙදා දෙයි

පුත්තලම්හි ‘ලුර්දු මාතා’ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් තිස් එක් දෙනෙකුට බ්‍රහස්පතින්දා (මැයි 07) ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වියළි සලාක සහ ආහාර ලබා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙසක් පෝදා යාපනයේ අසරණ පවුල් 750 ක් අතර යුද හමුදාව සහන පාර්සල් බෙදා හරී

තොන්ඩමානාරු, කෙරුඩාවිල්, වැල්වැටිතුරේ, අවරන්ගල්, නවාලත්තල්, කෙට්පේලි, මිරුසුවිල්, පවාසිකුලම්, කයිතඩි, චාවකච්චේරි, කඩඩයිකාඩු, මල්ලාකම්, වෙත්තිලකර්නි, කෙවිල්, වල්ලෙයි, ඉනුවිල්, වඩුක්කෝඩ්ඩේයි, නාවන්තුරෙයි, සාවල්කට්ටු, උඩුවිල් සහ කයිට්ස් යන ප්‍රදේශවල 750 වැඩි පිරිසක් අතර ...



පසුගිය පුවත් | පසුගිය පුවත්

චීනය පරිත්‍යාග කළ වෛද්‍ය සැපයුම් තොගය අද දින කටුනායක ගුවන් තොටුපලට පැමිණෙයි

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා චීන රජය විසින් ලබාදුන්, කොරොනා වෛරස් න්‍යෂ්ටික අම්ල පරීක්‍ෂණ කට්ටල 30,000 ක් සහ වරක් පාවිච්චි කර ඉවත දැමිය හැකි පුද්ගල ආරක්‍ෂණ උපකරණ 12,330 ක් සමන්විත වෛද්‍ය සැපයුම් තොගයක් අද සවස 6.45 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයින, කුවේට්, මැදපෙරදිග, බංග්ලාදේශය යන රටවල ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය සලකා බලයි


කොරෝනා  වෛරස් වසංගතය හේතුවෙන් මාලදිවයින, කුවේට්, මැදපෙරදිග, බංග්ලාදේශය සහ වෙනත් රටවල ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව පිළිබඳව විදේශ සබඳතා හා විදේශ රැකියා අමාත්‍යාංශය සලකා බලමින් සිටී. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් 824 දෙනෙකු

ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොරෝනා වෛරසය  ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 824 ක් වන අතර මේ වන විට රෝගීන් 240 දෙනෙකු මුළුමනින්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිංගප්පූරුවේ සහ ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයන් 382 දෙනෙකු මෙරටට

සිංගප්පූරුවේ සහ ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයින් 382 දෙනෙකු ඊයේ (මැයි 07) දින මෙරටට පැමිණියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නිරෝධායනයෙන් පසු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසිපස් දෙනෙකු පුනරුත්ථාපනයට

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසිපස් දෙනෙකු බදාදා (මැයි 06) දින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා වන කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇත.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 500,000 කට විශ්‍රාම වැටුප් ලබාගැනීමට හමුදා සහාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා විශ්‍රාමිකයින්ට සිය විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා පහසුකම් සැලසීමේ වැඩ සටහනේ දී ඊයේ (මැයි 6) දින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 500,000 කට අධික සංඛ්‍යාවකට ඇඳිරි නීති කාලසීමාව තුල ඔවුන්ගේ දෙවන මාසය සඳහා වන මාසික විශ්‍රාම වැටුප බැංකුවලට පැමිණ ලබාගැනීමට සහාය වී තිබේ.



පසුගිය පුවත් | පසුගිය පුවත්

චීනය පරිත්‍යාග කළ තෙවන වෛද්‍ය සැපයුම් තොගය හෙට දිවයිනට

චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද තවත් වෛද්‍ය සැපයුම් තොගයක්  හෙට (08) දින සවස 6 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණේ. කොරොනා වෛරස් න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ කට්ටල 30,000 ක්  සහ වරක් පාවිච්චි කර ඉවත දැමිය හැකි පුද්ගල ආරක්ෂන  උපකරණ 15,000 ක් ඒ අතර වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීතිවිරෝධී කිමිදුම් ආම්පන්න සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොගැඹූරු මුහුදේ තාවකාලික පැල්පතක වලංගු බලපත්‍රයක් නොමැතිව කිමිදුම් කටයුතුවල නිරත වීම සදහා ගබඩා කර තිබු කිමිදුම් උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

COVID-19 මර්ධනය කිරීම සදහා සහාය වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව නිපැයුම් හදුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ COVID 19 ට එරෙහිව කටයුතු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වීම සඳහා ඉවහල් වන ප්‍රතිඵලදායි නව නිපැයුම් කිහිපයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මැයි 06 දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කරන ලදි.  


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැවියන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වේ

ඊයේ (මැයි 6) දින වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 29 අතුරින් 24 දෙනෙකු  ශ්‍රී ලංකා නාවික හමුදාවේ  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අද (මැයි 7) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.